Tuesday, July 10, 2012

මාර්ක් බවුචර් අන්තර්ජාතික ක්‍රිකටි දිවියෙන් සමුගනීය





දකුණු අප්‍රිකාවෙි කඩුලු රකීන ක්‍රිඩක මාර්ක් බවුචර් මීට සුලු වෙලාවකට පෙර තමන් අන්තර්ජාතික ක්‍රිකටි දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර සිටියාය.

ඊයේ එංගලන්තයේදි සමර්සෙටි පිල සමග පැවති ක්‍රිකටි තරගය අතරවාරයේදි ඉමිරාන් තාහීර්ගේ පන්දුවක් සිය වමි ඇසේ වැදීම නිසා සිදුවු තුවාලයෙන් පසු ඔහටු අක්ෂී සැත්කමකට භාජනය කිරිමට සිදුවුනා.






                          
                          (බවුවර්ගේ ඇසට පන්දුව ගැටුනු අවස්ථා)

මාර්ක් බවුචර් සිය අන්තර්ජාතික තරග දිවියේන් සමුගන්නා විට කඩුල්ල පිටුපස සිට දවාගැනීමි 999 කට සමිමාදමි වුනු දක්ෂ කඩුලු රකින්නෙකී. තව නොබෝ දිනකින් ඇරඹිමට නියමිතව තිබු දකුණු අප්‍රිකානු පිලේ එංගලන්ත සංචාරයේදි තමන් බලාපොරොත්තුව සිටියි වාර්ථාගත 1,000 වන දවාගැනීමෙි කඩඉම සපුරාලීමට බලාපොරොත්තුව සිටි බව ඔහු අද සිය සමුගැනීම ගැන නිවෙිදනය කරමින් ප්‍රකාශ කර සිටියා.


" මා මෙම තත්වයට ඒමට උදවි උපකාර කල සියළු දෙනාමට මා ස්තුති වන්ත වනවා. ක්‍රිකටි දිවියෙන් මෙි තරමි ඉක්මනටම සමුගැනීමට මට සිදුවෙියැයී මා කවදාක්වත් සිතුවෙි නැහැ. නමුත් ඊයේ සිදුවුනු අනතුරින් පසු මට අද මෙි තීරණය ගන්න සිදුවුනා. මගේ ඇසට පන්දුව වැදුනු මොහොතේ පටන් මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පණිවිඩ එවු හා මා සමග දුක බෙදා ගැනීමට සිටි යහළුවන්, මිත්‍රයින් හා නාදුනන රසිකයින් සියළු දෙනාට මාගේ ප්‍රණාමය හා ස්තුතීය පුදකිරිමට මෙය අවස්ථාව කර ගන්නා බව බවුචර් සිය නිවෙිදනය අවසානයේ සදහන් කර සිටියා".


ඔහුගේ අඩුව හැමදාම අපට දැනේවි, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා දකුණු අප්‍රිකානු ටෙස්ටි නායක ග්‍රෑහැමි ස්මිත් සිය කණ්ඩායමෙි සිටිය ජේෂ්ඨතම ක්‍රිඩකයාගේ සමුගැනීම ගැන කියා සිටියා. 


ඔබ ක්‍රිකටි පිටියේදි අපට හමුවු නිහතමානී හා පරිත්‍යාගශිලී චරිතයක් බව නොරහසකී. ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමී...!!!

Sunday, July 8, 2012

අහිමිවු නුඹ- 11 වන කොටස






මචං, අපි යන ගමනින් වැඩක් වෙයිද?


ගමිපල යන්න බයික් එකට නැගලා හෙල්මටි එක දාගන්න යනකොට දහමි ඇහුවම උගේ හොමිබට දෙකක් අනින් හිතුනේ උදේ පාන්දරම කියපු කතාව නිසා නෙමෙයි ඌගේ මුනේ තිබුනු නිදිමතකම දැක්කමයි.


යමන්කෝ මෙතන ඉදලා පේන බලන්නේ නැතුව. වැඩක් උනොත් එහෙමිමයි, නැත්නමි අනිත් පැත්ත හැරිලා එමු. මම එහෙම කිවිවෙි පැතුමිව මුන ගැහිලා මිසක් ආපහු මම එන්නේ නැහැ කියන හැගීම හිතේ තියාගෙන.


උදේන්ම පිටත් උනු නිසා පාරේ ටිකක් විතර මීදුමි ගතියත් එක්ක පාන්දර වැටුනු වැස්ස නිසා පරිසරයත් අමුතුම නැවුමි බවකින් වෙලිලා තිබුනා. බයික් එක පදින්නේ දහමි නිසා මට කරන්න තිබුනේ පාර දෙපැත්ත බල බල යන එක විතරයි.


මචං, බඩගිනියි කොහෙන් හරි කාලා යමුද? මම පිටිපස්සේ ඉදලා දහමිගේ මුන ලගට ලංවෙලා ටිකක් හයියෙන් ඇහුවා.


හරි මචං... මමත් මෙි කියන්නමයි හිටියේ. පටිට බඩගිනියි බන්.


අපරාදේ කියන්න බැහැ මුටත් කෑම කියන වචනේ ඇහුනානමි ඔිනම දෙයක් කරනවා. තවත් මිටර් 200ක් විතර ගියාම පාර අයිනේ තිබුනු පොඩි පොල් අතු කඩයක් ලගින් දහමි බයික් එක නතර කලා.


උදේට කාලා ඉවර වෙලා ආපහු පිටත් වෙන කොට කලින් තිබුනු මිදුමි ගතිය එහෙම අඩුවෙලා තිබුනා. 


උදේ 10 වෙන කොට අපි ගමිපොල ටවුමට ආවා. ඊට පස්සේ එතැන ඉදලා පැතුමිගේ ගෙදර තිබුනු අඹගමුව කියන ගමට ආවෙි සමන්ති දිලා තිබුනු එඩිඩ්‍රස් එක කීහිප දෙනෙක්ට පෙන්නලා එයාලගෙන් පාරවල් එහෙම අහගෙන.


මචං, අර කඩෙන් කිවිව විදිහට මෙි තමයි පැතුමිගේ ගෙදර. දහමි බයික් එකේ ඉදන්ම සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක් පෙන්නලා මට කිවිවා.


බලමුකෝ කතා කරලා... එහෙම කියාගෙන මම බයික් එකෙන් බැහැලා ගේටිටුව ලගට ඇදුනා.


ගේටිටුවට පිටුපාලා වතුසුදු ගහට වතුර බටෙි අල්ලන් ඉන්න ගැහැනු ලමයෙක් ඇරෙන්න ගෙදර ඉස්සරහ කවුරුවත් පේන්න නමි නැහැ. මම හෙමීට මට පිටි පස්සට වෙලා හිටිය දහමිට කිවිවා.


ගෙදර කවිද? මටත් කලින් දහමි වැඩෙිට බැස්සා..


මල් ගහට වතුර බටෙි අල්ලන් හිටපු ගැහුනු ලමයා ගැස්සීලා වගේ ගේටිටුව දිහා බැලුවෙි අපි කවුද කියලා හොද හැටි බලන ගමනුයි.


ඔයාලා කවුරු හමිබ වෙන්නද? කිසිම පැකීලිමක් නැතුව ඒ ගැහැනු ලමයා ප්‍රශ්නේ දැමිමා


පැතුමි ඉන්නවද? මම ඇහුවා


අයියා ගෙදර නැහැ.. 


කොහේ ගිහින්ද කියලා දැනගන්න පුලුවන්ද? 


ඔයාලා කවිද?


අපි නුවර ඉදලා ආවෙි. අයියාගේ යාළුවෙක්ගේ පණිවිඩයකට. 


එහෙමද? අයියා වත්ත පල්ලෙහා ඉන්නවා ඇති, මම ගිහිං කතා කරන්නමි. අයියලා ඔහොමිම ඉන්න. එහෙම කිවිව පැතුමිගේ නංගි වතුර බටෙි ලග තිබුනු ඇන්තුරියමි පැල අතරට දාලා ගෙදර පිටිපස්සට දුවන් ගියා.


යකෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවෙන් වගේනේ බන් ප්‍රශ්න කලේ. මෙචිචර වෙලා කට වහන් අහන් හිටපු දහමි කියවන්න ගත්තා.


මෙි පනින්නේ නැතුව ඉදපන්. දැන් පැතුමි ආවට පස්සේ ඌත් මෙි වගේ ප්‍රශ්න කෝටියක් විතර අහයි අපෙන්. උඹ ඉස්සරහට පනින්නේ නැතුව ඉදපන්. 


හරි...හරි.. උඹ ඔය මට කියන්නේ ගොනා සේ ඉන්න කියලනේ. මම එහෙමිම ඉන්නමි. දහමි අමනාපෙන් වගේ අහක බලාගෙන කියවනවාත් එක්ක වතුසුදු ගහ ලගින් එක පාරටම අපි බලාපොරොත්තු වෙලා ඉදපු කෙනා මතුවුනා.


ඔයා පැතුමිද? මම ඇහුවා


ඔවි.. ඔයා කවිද?


මම සාගර, පැතුමි මාව නමි දන්නේ නැහැ. මම ආවෙි ඔයාගේ යාළුවෙක්ගේ පණිවිඩයකට. ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන්කමක් තියේවිද?


මිහ්.. කවිද මගේ යාළුවා. මට නුවර නමි යාළුවෝ කවිරුත් නැහැ. 


හොදට මතක් කරන්න පැතුමි.. මම හිතන්නේ පැතුමි බලාපොරොත්තුවෙන විදිහේ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ පිරිමි කෙනෙක් නෙමෙයි.


මිහ්.. හරි යමු එහෙනමි මෙහෙමිම කතා කර කර පල්ලෙහා වෙල පැත්තට, අපිට ගේටිටු ඇරලා දිපු පැතුමි ඉස්සර වුනා.


වෙල ලගට ආවාට පස්සේ පැතුමිට දෙන්න කියලා සමන්ති දිපු ලියුමයි තෑග්ගයි මම පැතුමිගේ අතට දුන්නා.


මෙි මොකක්ද? පුදුමයෙන් වගේ පැතුමි මගෙන් ඇහුවා.


කියවලා බලන්න පැතුමි.. 


වෙල ලග තිබුනු ලිද ලගට ඇවිදන් ගියේ පැතුමිට තනියම ලියුම කියවන්න දිලා ලස්සන පරිසරය දිහා බලනවාට වඩා මගේ හිතේ තිබුනු කලබල ගතිය ටිකක් අඩුකර ගන්න තිබුනු උවමනාවටයි. 


විනාඩි දහයකට පස්සේ මගේ පිටි පස්සෙන් කවිද එන සද්දේ නිසා මම හැරිලා බැලුවා. ඒ දහමි.


මචං, මොකද අවුලක් නැහැ නේද?


නැහැ බන්, මම සමන්ති දුන්නු ලියුමයි තෑග්ගයි දුන්නා පැතුමිට. අර අඹ ගහ යටට වෙලා පැතුමි ලියුම කියවන නිසා මම මෙි පැත්තට වෙලා හිටියා.


ටික වෙලාවකට පස්සේ පැතුමි අපි හිටිය දිහාවට ආවා. 


ඔයාද සාගර කියන්නේ. පැතුමි මගෙන් ඇහුවා.


ඔවි... 


උඹට පින් මචං මෙි කරපු උදවිවට. මම සමන්තිව හොයන්න විදපු දුක දන්නේ මම විතරයි. පහුගිය කාලේම මම ගමිපොල ටවුන් එකේ හැමතැනම එයාගේ යාළුවන්ගේ ගෙවල් වලට ගිහිං සමන්ති ගැන තොරතුරක් හොයා ගන්න බැලුවා. ඒත් කවිරුවත් කිවිවෙි සමන්තිට මොනවා උනාද කියලා එයාලවත් දන්නේ නැහැ කියලා. 


පැතුමි කියාගෙන යනකොට එයාගේ ඇස් දෙකින් කදුලු වැටෙනවා මම දැක්කා. 


මම සමන්තිට ආදරේ කලේ එයාගේ දේපල නිසා නෙමෙයි. අනිත් එක සමන්තිගේ ගෙදර අයට වගේ එයාගේ ඔලුවෙි සල්ලිකාරකම ගැවීලාවත් තිබුනේ නැහැ. එයාට ලොකු ආසාවක් තිබුනා කවදාහරි දවසක මම ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න. ඒ ලේවල් විභාගයට අවුරුද්දක් තියෙද්දි තමයි සමන්තිගේ ගෙදර අය එයාවත් එක්කන් මෙහෙන් ගියේ. මම සමන්තිගේ ආසාව ඉෂ්ඨ කරන්න ඔින නිසා කොහොම හරි විභාගය හොදට කලා. ඒත් මම හිතුවෙි නැහැ කවදාවත් මට සමන්තිව ආපහු මුනගැහෙන්න තියා එයා ගැන ආරංචියක්වත් දැනගන්න ලැබෙවි කියලා. ඒත්, මම එචිචර අවාසනාවන්ත නැහැ කියලා මට දැනුයි හිතෙන්නේ මචං. මට අද නිදහසේ නිදාගන්න පුලුවන්. පැතුමි මෙචිචර දවසක් හිතේ තියාගෙන හිටිය බර අපි ඉස්සරහා කියවලා නිදහස් කලා වගේ හැගීමකින් ලොකු හුස්මක් පිට කලා.


හරි පැතුමි, මම ඔයාලා දෙන්නව කොහොම හරි එකතු කරනවා. ඒ ගැන බයවෙන්නෙපා. දැන් උඹට ෂුවර්ද මෙි පාර මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ටි වෙන්න පුලුවන් වෙයි කියලා. මම පැතුමිගෙන් ඇහුවෙි එක පාර මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ටි වෙන එකේ අමාරුව ගැන කලින් ඉදලම අහලා තිබුනු නිසයි.


මට ෂුවර් සාගර.. මම ගොඩ යනවා. පැතුමි ගත් කටටම කිවිවා.


හරි, එහෙනමි ලබන සතියේ රිසාල්ටිස් අවුටි වෙයිනේ. උඹ බයවෙන්නෙපා මම උඹට කැමිපස් එකේදි උදවි කරන්නමි. සමන්තීත් එහෙදි උඹට මීටි වෙන්න පුලුවන්. 


මම එහෙම කිවිවම පැතුමිගේ මුනට අමුතු එලියක් වැටුනා. 


ෂාහ්..මට ඒක දැන්නේ මතක් උනේ. 


සාගර.. යමු ගෙදරට, උඹලා ආවා විතරයි. තාමත් හිටගෙන මොනවත් බිවෙිවෙත් නැහැ. පැතුමි එකපාරටම කියාගෙන ගියා.


මගේ කකුල් දෙකත් රිදෙනවා බන් හිටන් ඉදලම. දහමි සුපුරුදු කුනු කුනුව ගාන්න පටන් ගත්තා.


පැතුමි අපි ඉක්මනට යන්නත් ඔින. එහෙම කියාගෙන මම දහමිගේ කරට අතක් දාගෙන පැතුමිගේ පිටිපස්සෙන් වැටුනා.


සාගර, එන්න මචං ඇතුලට. නංගි තේ හදනකමි මම සමන්තිට දෙන්න පොඩි ලියුමක් ලියන්නමි. කමක් නැහැ නේද? 


කිසිම අවුලක් නැහැ. අපි තේ බොනකමි උඹ මචං රවනාවක් උනත් ලියපං. දහමි පැතුමිට උත්තර බැන්දා.


දැන් උඹගේ හිතට සනීපද සාගර ?


උඹ දැක්කනේ දහමි,  පැතුමි ලොකු හිතේ අමාරුවකින් හිටියේ කියලා. ඔය ගැන කතා කරන්නෙපා මචං. මම හිත හදාගෙන ඉන්නේ. දහමි කියපු දේට මම රහසින් වගේ උත්තර දුන්නේ පැතුමිට මෙි කතාබහ ඇහුනොත් කරපු හැමදෙයක්ම වතුරේ ගියා වගේ වෙන නිසා.


අයියේ එන්න තේ බොන්න. පැතුමිගේ නංගි ඇවිත් කතා කලේ දහමි තවත් මොනවහරි කියන්න හදනකොටමයි.


හොදයි ... හොදයි අන්තිමෙදි දහමි කිවිවා.


(මතු සමිබන්ධයි)

Monday, June 25, 2012

වෙන්වුනු මතකය ඔබ.....






මතක සැමරුමි කොයිබද නැත්තේ
ඔබයි මායි ඇවිදන් ගිය නුවර අහස යට
ලංවුනු හැම මොහොතකම නුඹ කිවිවා
නැහැ වෙන් වෙන්නේ කියා අප කවදාවත්....


එදා කීව කතා බොරු කරලා අද නුඹම
යනවා හැරදා යන්නට මා සදහටම
වෙන කෙනෙකුගේ මනමාලියවී සදහටම
තනිකර දමා මා මෙි නුවර අහස යට....


නුවර වැව තවමත් ඒ වගෙමයි
සීත මල් වැහී වැටෙනවා පෙරදා වගෙමයි
එක කුඩෙි යටින් අත්පටලා යන යුවලක් දිහා බලන්
දුවනවා හිත ඒ අතීතයට යලී...!!!

අහිමිවු නුඹ- 10 වන කොටස





ඇයි සාගර ඔයා මාත් එක්ක තරහා වෙලාද? ඒ නිසාද ඔයා අපිත් එක්ක කැමිපස් එන්නේ නැහැ කියලා කියන්නේ. සමන්ති ඒ පාර අඩන්න වගේ මගෙන් දිගට හරහට ප්‍රශ්න කරන්න පටන් ගත්තා.


නැහැ..නැහැ..සමන්ති, මම කිවිවෙි මට පේරාදෙණියට සිලෙක්ටි වෙන්න පුලුවන් වෙයිද කියලා ෂුවර් නැති නිසයි. නැතුව ඔයා එක්ක තරහා වෙලා නෙමෙයි. මම පිලිතුරු බැන්දා.


හරි.. අපි දැන් ඒක අමතක කරමු, දැන් අපි දෙන්නටම ඉස්සරහට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. ඔයා එහෙනමි හෙට පංතියට ඇවිත් හරි පැතුමිට ලියුම ලියන්න. නැත්නමි ගෙදරදි ලියුම ලියනවා කාට හරි අහුවුනොත් ආපහු පංති නෙමෙයි කැමිපස් ගිහිනුත් ඉවරයි, මම කියාගෙන ගියා.


අනේ අමිමෙි... මම හිතුවෙි නැහැ සාගර ඔයා අපි දෙන්නට මෙි තරමි උදවි කරන්නේ ඇයි කියලා. මටවත් කල්පනා උනේ නැති ඒවානේ ඔයා කල්පනා කරලා තියෙන්නේ.


එහෙම තමයි  සමන්ති, මම කාටහරි උදවි කරනවානමි ඒක සීයට සීයක් හරි විදිහට කරනවා. නැත්නමි ඒක නොකර ඉන්නවා. 


හරි...හරි.. මහත්තයෝ දැන් එහෙනමි අපි යමු. මම හෙට උදේන්ම එනවා. ඔයත් එනවද? සමන්ති මගෙන් ඇහුවා


මිහ්... හරි මම එහෙනමි උදේ 8 වෙනකොට පංතිය ලගට එන්නමි. යමු එහෙනමි දැන්, මම ඔයාව බස් එකට නග්ගලා යන්න ඔින වැවි රවුම ලගට. 


ඒ මොකටද වැව රවුම ලගට යන්නේ? කාට හරි සාගර මහත්තයා එන්න කිවිවද? සමන්ති මාව විහිළුවට ගත්තා


ඔිවි..ඔිවි.. දහමිට කිවිවා වැවෙි ඉන්න මාළුන්ට පොරි ටිකක් හරි කඩල ටිකක් හරි දානකමි තනි රකින්න එන්නයි කියලා.. 


මම තරහා ගිහිං ඉන්න වග තේරුනු නිසා සමන්ති තවත් මාව අවුස්සන්න හැදුවෙි නැහැ.. 


එහෙනමි සාගර මම යනවා. හෙට උදේන්ම එන්න. පරිස්සමින් යන්න. සමන්ති මගෙන් සමුඅරන් බස් එකට නැග්ගා.




වැව රවුම ලගට මම එනකොටත් දහමි ඇවිත් හිටියා. 


මචං, උඹ මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ? දහමි මාව දැක්ක ගමන් ඇහුවා


ඇයි එහෙම අහන්නේ? උඹට මගේ මොකක් හරි වෙනසක් පේනවද? මම ඇහුවා


උඹ ඇවිදන් ආපු හැටි දැක්කම මට හිතුනා මොකක් හරි අවුලකින් ඉන්නවා ඇතියි කියලා. මොකද සමන්ති බැහැ කිවිවද? 


නැහැ මචං... ඒක හරි සංකිර්ණ කතාවක්.


ඉතිං තෙපර බාන්නේ නැතුව කියපන්. යමං අතන හිල්වුඩි හංදියට වාඩි වෙන්න. දහමි එහෙම කියාගෙන වැව රවුමට ටිකක් එහාට වෙන්න තියෙන හිල්වුඩි විද්‍යාලයට හැරෙන හංදියට ඉදිරිපිට තියෙන ගල් බංකුව ලගට ගියා.


සමන්තිගේ කතාව මම දහමිට සමිපුර්නයෙන්ම කිවිවෙි ඒ ගැන වෙන කාටවත් දැනගන්න තියන්නේ නැහැ කියලා පොරොන්දු කරගෙන.


දැන් මොකක්ද කරන්න කල්පනාව. කතාව අවසන් වෙනකමි අහන් හිටපු දහමි මගෙන් ඇහුවා.


මම සමන්තිට උදවි කරනවා මචං.. 


ඒ කියන්නේ, උඹ සමන්තිවයි පැතුමිවයි දෙන්නව එකතු කරන්නද කල්පනා කරන්නේ? දහමි මගෙන් ප්‍රශ්න කලා


ඔවි දහමි, මගේ ආදරය නැති උනාට කමක් නැහැ. අඩුම තරමින් මම වැඩියෙන්ම ආදරය කරන කෙනාට එයාගේ ආදරය හරි ලැබෙනවනේ....


මට තේරුමි ගන්න බැහැ මචං... කමක් නැහැ, උඹට මගෙන් කෙරෙන්න ඔින මොකක්ද?


මම හිතාගෙන ඉන්නේ අනිද්දා ගමිපල යන්න. ගිහිං පැතුමිව හමිබවෙලා කතා කරලා එන්න. උඹට පුලුවන්ද බයික් එකත් අරන් උදේ 7.30 වෙනකොට මෙතනටම එන්න. 


හරි... එන්නමි, හැබැයි පුතෝ පෙටිට්‍රල් ගහපන්. නැත්නමි ඉතිං උඹගේ සත්‍යප්‍රේමයට පිං සිද්ධ වෙන්න මගේ දඩු මොණරා නිකමි දුවන්නේ නමි  නැහැ. දහමි හැමදාම වගේ නැතිබැරිකම කියවන්න ගත්තා.


අයියෝ... නහයෙන් අඩන්නෙපා මවං, මම තෙලුත් ගහන්නමි උඹට තව කන්නත් අරන් දෙන්නමි.


එහෙනමි කමක් නැහැ.. ඔහොම දෙනවනමි ආපයට හරි යන්න එන්නමිකෝ. 


හරි දහමි, මම යනවා. අනිද්දා මිටි වෙමු එහෙනමි, බායි මචං.


බායි...බායි.. නොදකින් සුද්දා අදුන්නලා දුන්නු අළුගෙත්තුරුම වචනේ "බායි". බඩගින්නේ දුවන් ආවා කියලා ආප්පයක්වත් අරන් නොදිම පලයං... දහමි තව මොනවත් කියන්න කලින් මම ඉක්මනට එතනින් ගැලවීලා බස් හොල්ටි එක ලගට පැනගත්තා..




******************************************************


පුතා අද කොහේවත් යනවද?


පහුවදා උදේ මම පංති යන්න ලෑස්ති වෙන ගමන් ඉද්දි අමිමා කාමරේ දොර රෙද්ද මෑත් කරලා මගෙන් ඇහුවා.


ඔවි අමිමා.. අද පංති, මම යන්න ලැස්තිවෙනවා. ඇයි මොනවා හරි ගෙන්න ඔිනද?


නැහැ පුතේ, මෙි වින්ද්‍යා නංගිට ආසයිලු ටවුන් එකට යන්න.


ඉතිං අමිමා එයාට ගිහිං එන්න කියන්න.


එහෙම හරි නැහැ නේ පුතේ. අනික ගෑණු දරුවෙක්, මෙි පලාත ගැන දන්නෙත් නැහැ. අද හවසට පුතාට පුලුවන් වෙයිද මෙි ළමයව ටිකක් මාලිගාවට එහෙම එක්කන් යන්න. අමිමා මගෙන් කරපු ඉල්ලීම අහක දාන්න තරමි මගේ හිතේ හයියක් නොතිබිබ නිසාම මම එදා හවස වින්ද්‍යාව එක්කන් යන්න පොරොන්දු වෙලා පංති යන්න ගෙදරින් එලියට බැස්සා.


මම පංතියට යනකොට සමන්ති ඇවිත් හිටියා. එයා මෙිසේට ඔලුව බරකරගෙන ලියුම ලියනවා. මම එයාට කරදර කරන්න නැතිව ඔහේ බලාගෙන හිටියා.


සාගර... කොයි වෙලාවෙද ආවෙි? 


සමන්තිම මගේ ලගට ඇවිත් අහනකමි මම මොනවා කලාද කියලා හරි හැටි මතකයක් මටවත් තිබුනේ නැහැ..


දැන් ටිකක් වෙලා වෙනවා සමන්ති, ඔයා ලියුම ලියන නිසා මම කතා කලේ නැහැ.


සමන්ති හිනාවුනා..


ලියුම ලියලා ඉවරද සමන්ති? 


ඔවි, මෙන්න ලියුම. සාගර, පුලුවන්නමි මෙි පූංචි තෑග්ගත් එයාට දෙනවද? 
සමන්ති ලැජ්ජාවෙන් වගේ ඇහුවා.


අයියෝ සුලුදෙයක්, මම දෙන්නමි. කෝ පැතුමිගේ එඩිඩ්‍රස් එක. 


ඔය ලියුමි කවරේම ලියලා තියනවා. සමන්ති උත්තර බැන්දා.


එහෙනමි අනිද්දට හොද ලමයා වගේ ක්ලාස් එකට එන්න. මම පැතුමිව මිටි වෙලා උත්තරේකුත් අරන්ම එන්නමි.


තැන්ක්ස් සාගර... 


( මතුසමිබන්ධයි)

Thursday, May 24, 2012

අහිමිවු නුඹ- 9 වන කොටස

                                

ජිවිතය වෙලාවකට හරිම පුදුමාකාරයි. වෙලාවකට කවදාවත් දැකලා නැති කෙනෙක්ව හිතට ලංකරලා බලාපොරොත්තු ගොඩක් හිතට දීලා ඒ වෙිගයෙන්ම ආපහු ඒ බලාපොරොත්තුව හීනයක් කරනවා.
එදා රෑ මගේ දිනපොතේ කාලෙකට පස්සේ පුංචි අකුරු පේලි දෙකක් ලියැවුනේ මමවත් නොහිතපු විදිහට. අද සමන්තී මට ආදරෙයි කියලා කිවිවා නමි මෙි දිනපොතේම ලියැවෙන්න තිබුනේ මීට වඩා වෙනස් පද පේලි ටිකක්. ඒත් එක දැන් අතීතයට අයිති තවත් එක් හීනයක් විතරයි.

රෑ වෙනකමි නින්ද ගියේ නැති නිසා උදේ මම ඇහැරෙන කොට වෙලාව 8ත් පහුවෙලා තිබිබා. අද ඉංග්‍රිසි පන්ති යන්න තිබිබ දවසක් උනත් පංතියට යනවට වඩා දහමිව මුන ගැහිලා ටිකක් වෙලා කතා කර කර ඉන්න තිබිබානමි හොදයි කියලා හිතුනු නිසා තව පැයක්වත් නිදා ගන්න හිතලා කොටිටෙි හදාගන්න කොටම කවුදෝ කාමරේ දොරට තටිටු කරන සද්දේ ඇහුනා..

නිදිගැට කඩ කඩ ගිහිං දොර අරින කොට එහා පැත්තේ හිටියේ මම බලාපොරොත්තු නොවුනු කෙනෙක්.

මොකද අනේ මෙි? මහ ලොකුවට කැන්ඩි වල තියෙන හොදම ස්කුල් එකට යන්නේ. දැන් 8ත් පහුවෙලා තාම නිදි? ගිරවියෙක් වගේ කෑ ගහගෙන ගියේ වෙන කවුරුවත් නෙමෙයි අපේ ලොකු තාත්තාගේ එකම දු සිගිත්ත වින්ද්‍යා.

කවද්ද ගොඩ බැස්සේ මෙි පැත්තට? මම නිකමි ඔිනෑවට එපාවට වගේ එයාගෙන් ඇහුවෙි ඊට කලින් මගෙන් ඇහුව එකම ප්‍රශ්නෙකටවත් උත්තරයක් නොදෙන ගමන්..

අනේ සාගර අයියා..

ඇයි මොකද? සාගර අයියා තමයි.. මම පෙරලා ඇහුවා.

න්හැ නිකං.. අපි අද උදේ ආවෙි අනේ. අමිමියි, තාත්තියි එක්ක ආවෙි. එයාලා පල්ලෙහා ඉන්නවා. මම ඉතිං ඔයා නැති නිසයි උඩට ආවෙි.

මිහ්..මොකද දැන් මෙි හදිස්සියේ නුවර ආවෙි? මම ආපහු වින්ද්‍යාට ප්‍රශ්නයක් එල්ල කලා

අපො.. ඔයා අපි ආවට අකමැතිද? ඇය මගෙන් ඇහුවෙි අඩන්න වගේ.

අනේ නැහැ.. නිකමිවත් මාස 6-7 කින් මෙි පැත්තට ආවෙි නැති නිසයි ඇහුවෙි. මම උත්තර දුන්නා

මිහ්... සාගර අයියට මම නැතුව පාළුවක් දැනුනද? ගිය පාර ඇවිත් ගියාට පස්සේ?

ඔවි අනේ... මට වමෙනටයි, පාචනේටයි ආවා. මම උත්තර දුන්නේ ඇගටපතට නොදැනෙන ගානට

ඔයා හරියට නරක් වෙලා සාගර අයියා.. මම යනවා පල්ලෙහාට. වොෂ් දාලා ඉක්මනට එන්න. ඇය එහෙම කියාගෙන මට විරිත්තලා ආපහු පල්ලෙහාට දුවන් ගියා.

අද පංති නොයා ඉන්න හිතන් හිටියත් වින්ද්‍යා ඇතුළු ලොකු තාත්තලා ගෙදර ආපු නිසා නිදහසේ ඉන්න ඉඩක් නොලැබෙන නිසා ගෙදරින් එලියට පැනගන්න ඔින කියන අදහස මගේ මොලේට ආවෙි නාන වෙලාවෙයි.

නාලා ඉවර වෙලා පංතියට යන්න වගේ පොත් ටිකත් බෑගයට දාගෙන මම හදිස්සියෙන් වගේ තරප්පු පෙල දිගේ පල්ලෙහාට එන කොට සාලේ හිටපු හැමෝගෙම ඇස් මන් දිහා බලාගෙන ඉන්න වග තේරුනේ අන්තිම පඩිය බහින කොටයි.

මං හිතුවෙි අද පුතා ක්ලාස් යන්නේ නැහැ කියලා.. අමිමා මුලින්ම කතාව පටන් ගත්තා

න්හැ අමිමා..මට ටිකක් නින්ද ගියා. ඒ උනත් දැන්ම ගියාම මට උදේ 10.30 ඉන්ටර්වල් එක වෙන කොට පංතියට යාගන්න පුලුවන්. මම එහෙම කිවිවම වින්ද්‍යගේ මුන කලු වෙලා ගියා.

මොකක්ද සාගර අයියා.. හැමදාම ඉගෙන ගන්න එකේ අදවත් ගෙදර ඉන්නකෝ.. වින්ද්‍යා හැමෝගෙම ඉස්සරහා බැගැපත්වුනා

ඉන්න පුලුවන් දවසක් නමි ඉන්නවා නංගි. අද රිවිෂන් පේපර් එකක් ඩිස්කස් කරනවා. තව ඩිප්ලෝමා එකේ විභාහයට දවස් 12 යි තියෙන්නේ. අද පාඩම අතෑරියොත් මම සුන්. වින්ද්‍යාගේ ප්‍රශ්නෙට උත්තර දිලා මම එහෙමිම අමිමා ලගට ගිහිං වැන්දා.

පිලිවෙලට ලොකු තාත්තයි, ලොකු අමිමටත් වැදලා එලියට බහින්න හදනකොටම අමිමා දොර ලගට ආවා.

පුතේ... අමිමා එහෙම කිවිව විදිහෙන්නමි මට තේරුනේ අමිමා මොනවා උනත් බැරැරෑමි දෙයක් කතා කරන්න හදනවා වගෙයි කියලා.

ඇයි අමිමා?

මෙි..ලොකු අමිමලා මාසෙකට විතර ඉන්ගලන්ඩි යනවලු. නිසල් අයියාගේ වයිෆ්ට බබා හමිබ වෙලා කියලා. ඉතිං එයාලා ගිහින් එනකමි වින්ද්‍යා දුවව අපේ ගෙදර නතර කරන්න පුලුවන්ද කියලා අහන්නයි ඇවිත් තියෙන්නේ. තාත්තා නමි අකමැත්තක් නැහැ කියලා කිවිවා. ලොකු පුතා මොකද හිතන්නේ.. අමිමා මගෙන් කවදවාත් එහෙම අහපු කෙනෙක් නෙමෙයි. අනිත් අතට මගේ නිදහසට බාධාවක් වෙයි කියලා අමිමා බය නිසා මගෙන් එහෙම ඇහුවා වෙන්නත් පුලුවන්. මොනදේ උනත්, මම අකමැති බව නොකියා අමිමා කැමතිනමි මගෙන් ගැටළුවක් නැහැ කියලා මම පාරට පැන්නා.

****************************************************************************

නුවර වැව රවුම ලගින් බස් එකෙන් බහින කොට උදේ 10 ත් වෙලා තිබුනා. ඒ එක්කම වගේ මගේ ෆොන් එක හඩතලන්න ගත්තේ කහ ඉරෙන් පාර මාරු වෙන ගමන්...

හලෝ.. සාගර...

හලෝ කවිද සමන්තීද?

ඔයා මාව අදුරගත්තද?

තව අවුරුදු දහයක් ගියත් මට ඔයාගේ කටහඩ අමතක වෙන්නේ නැහැ සමන්ති. මමවත් බලාපොරොත්තු නොවු වෙලාවක මගේ කටින් ඒ වචන පිටඋනා.

ටික වෙලාවක් යනකමි අපි දෙන්නා අතර තිබුනේ ලොකු නිහඩකමක්.

සාගර.. අපි අතර තිබුනු නිහඩකම බින්දේ සමන්තිග් හඩන්

කියන්න සමන්ති... ඔයා අද පංති එන්නේ නැද්ද?

මම මෙි එන ගමන් ඉන්නේ. තව විනාඩි 5 කින් මම පංතිය ලග සමන්ති.

මිහ්..එහෙමද?

ඇයි සමන්ති මොකක් හරි ප්‍රශ්නයක්ද? සමන්තිගේ කට හඩෙි තිබිබ අමුතුකම නිසාම මම ඇහුවා

නැහැ සාගර.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔින.

හරි එහෙනමි ඔයා පංතියෙන් එලියට ඇවිත් කොටුගොඩැල්ල වීදිය පැත්තට එන්න. මම මගින් ඔයාව මීටි වෙන්නමි.

ඔිකේ...බායි සාගර, එහෙම කියලා සමන්ති ඇමතුම විසන්ධි කලා

විනාඩි 10ක් විතර යනකොට මට සමන්තිව මුන ගැහුනා. වෙනදට සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න සමන්ති අද මොකක් හරි ලොකු ප්‍රශ්නෙක පැටලීලා කියලා මට එයාගේ මුන දැක්ක ගමන්ම හිතුනා. ඒ ඇස් ලා රතු පාටට හැරිලා තිබුනේ හරියට ඊයේ රෑ ඉදලා නිදා ගත්ත නැති කෙනෙක් ගානටයී.

ඇයි සමන්ති කතා නැත්තේ...

සොරි සාගර.. මම නිසා ඔයාට අද ක්ලාස් එකත් කටි උනා නේද?

ඒකට කමක් නැහැ.. මට ධනුෂ්ක ගෙන් නෝටිස් ටික ඉල්ලගන්න පුලුවන්. ඇයි ඔයා කරදරෙන් වගේ ඉන්නේ?

මගේ ප්‍රශ්න වලට විසදුමක් නැහැ සාගර.. සමන්ති එහෙම කිවිවෙි හීනියට ඉකිබිදින ගමන්.

ඔයා පවි සමන්ති... මම එහෙම කිවිවෙි ඇත්තටම මගේ හිතේ සමන්ති ගැන උපන්න දුක නිසා.

මොනවා කරන්නද සාගර.. මෙි මගේ උරුමෙි කියලා හිතාගෙන කොයි තරමි හිත හදාගන්න හිතුවත් මට ඒක කරන්න බැහැ... එහෙම හිත හදාගන්න හදන හැම වෙලාවකම මට මගේ පැතුමිව මතක් වෙනවා.
එහෙම කියාගෙන ගිය සමන්ති අඩන්න ගත්තා...

මම කොයි තරමි සමන්ති අඩන එක නතර කරන්න ගත්තත් ඒක හරි ගියේ නැහැ. මුලු නුවර ටවුන් එක මැද මම නිකමි කරකවලා අතහැරියා වගේ හැගීමක් මගේ හිතට දැනුනා..

සමන්ති අපි යමු අර අතන තියෙන රෙස්ටුරන්ටි එකට. ලගම තිබුනු අවන්හලට සමන්තිව එක්කන් ආපු මම එයාට කැමති තරමි අඩන්න ඉඩදිලා පැත්තකට වෙලා හිටියේ මම කොයි තරමි උත්සහ කලත් ඒ අඩන එක නතර කරන්න බැරි බව තේරුමි ගියපු නිසයි.

සමාවෙන්න සාගර.. විනාඩි ගානක් අඩපු සමන්ති කදුලු අතරින් කටහඩ අවදි කලා.

ඔිකට සමාවෙන්න කියන්න ඔින නැහැ සමන්තී. ආදරය කියන දේ හිතට ආවම අපිට ඔය වගේ දේවල් විදින්න වෙනවා. ඔයා හිත හයිය කර ගන්න, මම ඔයාට උදවි කරන්නමි.

ඒ කොහොමද? සමන්ති මගෙන් ඇහුවා

මම පැතුමිට මෙඩිකල් ෆැකල්ටි එකට යන්න උදවි කරන්නමි. එයා ඉගෙන ගෙන ඉවර වෙලා කැමිපස් එකෙන් අවුටි වෙනකමි ඔක්කෝම වියදමි මම බලාගන්නමි. ඔයත් විභාගේ පාස් උනාම දෙන්නටම පේරාදෙණිය කැමිපස් එකේදි මිටි වෙන්න පුලුවන්. මම දිගටම කියාගෙන ගියා

පුදුමයෙන් වගේ අහන් හිටපු සමන්ති වචනයක්වත් කිවිවෙි නැහැ.

ඔයා හිතනවා ඇති මම ඔයාට බොරු කරනවා කියලා. නැහැ සමන්ති මම එහෙම කරනවා නෙමෙයි. මම අද ඔයාව මීටි වෙන්න ආවෙි පැතුමිගේ ගෙදර එඩිඩ්‍රස් එක ඉල්ලන් යන්න. මම හෙට නැත්නමි අනිද්දා ගමිපල යනවා. එහේ ගිහිං පැතුමිව මුනගැහිලා මෙි ගැන කතා කරන් එන්නමි. එයාට දෙන්න ලියුමක් හරි වෙන මොනවා හරි දෙයක් තියෙනවානමි මට හෙට පංතියේදි දෙන්න. මම ඒක ගිහිං දෙන්නමි.

මම සමන්තිගේ මුන දිහා බලාගෙන කිවිවම එයා හිතුවා මම තවත් එයාව සනසන්නවත්, බොරුවක් කරනවා නෙමෙයි කියලා.

අනේ ඔය ඇත්තමද සාගර... සමන්ති සතුටින් ඇහුවා

ඔිවි.. ඔයාට සැකනමි, මම එයාගෙන් ඔයාගේ ලියුමට උත්තරේකුත් ලියාගෙනම එන්නමි.

අනේ තැන්ක්ස් සාගර.. මම හිතුවා ඔයා මට විහිළු කරනවා කියලා. අනේ අපි තුන්දෙනාටම පේරාදෙණිය කැමිපස් එකට එන්න ලැබුනොත් හොදයි නේද සාගර.. සමන්ති සතුටින් කියාගෙන ගියා..

බලමු සමන්ති.. අපි තුන්දෙනාට බැරි වෙයි. ඒ උනාට ඔය දෙන්නට පේරාදෙණියට එන්න පුලුවන්.
මම එහෙම කිවිවම සමන්ති පුදුම වෙලා මන් දිහා බලාගෙන හිටියා..

(මතු සමිබන්ධයි)

Sunday, May 13, 2012

නික්ම ගියත් ඔබ.....


" ලියලා තියෙන ටික කියවන්න හරි අමාරුයි. අකුරු ටිකක් ලොකු කලොත් වයසක අපිට කියවන්න ලේසියි" බිලොග්කරණයට අත්පොත් තිබිබ මගේ කුළුදුල් නිර්මාණය කියවලා කමෙන්ටුවක් පලකරපු ඔබා මාමා කවුරුත් කියන්න වගේ හැමදාම ඇවිත් ඒ ලියුව පුද්ගලයාගේ හිතට ශක්තියක් වුනා.

ඔබා මාමා ගැන මම මුලින්ම දැනගත්තේ අහමිබෙන් " අන්තිම පේලියේ" ලියලා තිබිබ කතාවකින්. එදා ඉදලා මම ඔබා මාමාගේ රසිකයෙක් උනා. බිලොග් එකක් ලියන්න කවදාවත් හිතුවෙි නැති මම ඒ ආසාව ඇති කරන්න ඔබා මාමා නිහඩ උපකාරයක් උනා.

මම යුද්දේ ගැන ලියද්දි සමහර දවස්වලට ඔබා මාමා ඒ ලිපිවලට කොමෙන්ටුවක් දාලා යන්නේ වැරද්දක්, අඩුපාඩුවක් තියේනමි එක ගැනත් අවධානය යොමු කරවලයි. ඉතිං ඔබා මාමෙි ඔයා දැන් අපි ලියන දේවල් කියවන්න එන්නේ නැති උනාට තරහක් නැහැ. මොකද ඔබා මාමා අපි අතරේ හැමදාම ඉන්න නිසා.

මෙි ලෝකයේ හතරදිග් භාගයේ ඉදලා බිලොග්කරණයේ යෙදෙන හැමෝම අද ඔබා මාමා වෙනුවෙන් දුක් වෙන්නේ ඒ ඔයා අපිට ඒතරමිම වටින කෙනෙක් නිසයි. ඔබා මාමෙි ඔයා අපි ලග නැති අඩුව හැමදාම අපේ හිත්වල තියේවි.

සොදුරු මිනිසාණනී ඔබට මොක්සුව.....!!!



Thursday, April 26, 2012

අහිමිවු නුඹ- අටවන කොටස...

                              

කොයි තරමි නිදා ගන්න උත්සහ කලත් එදා රෑ නමි මට නිදා ගන්න තියා ඇහැක් පියව ගන්න ලැබුනේ නැහැ. ඒ වෙන මොනවත් හින්දා නෙමෙයි අපේ නංගි මගේ කාමරේ ජනේල වහන්න අමතක වෙලා තිබුනු නිසා මගේ කාමරේ පිරෙන්න එදා මදුරුවෝ රෑ එලි වෙනකමිම පොඩි මියුසිකල් ෂෝ එකක් කලා. උදේ පාන්දරම මරපු මදුරුවන්ගේ ලේ වලින් සිත්තමි වෙචිච අතින්ම අමිමා ගෙනත් දුන්නු බෙඩි ටී එක ගුඩුස් ගාලා බීලා දැමිමෙි සමන්තිව හමිබ වෙන්න යන්න තව වෙලා තියෙන නිසා තව පැය දෙකක්වත් ඇරියස් කවර් කරන්න කියලා හිතාගෙන.

අනේ මට කොයින්ද එහෙම වාසනාවක් ආයුබෝවං කියනවා වගේ පැය භාගයක් ගතවෙන්න ලැබුනේ නැහැ ගෙදර ටෙලිෆොන් එක හඩදෙන සද්දේ මට හීනෙන් වගේ ඇහුනා. ඊටත් තත්පර ගානක් ගතවෙන්න ලැබුනේ නැහැ අමිමා පල්ලෙහා ඉදන් කෑගහනවා ලොකු පුතා...ලොකු පුතා මෙන්න කෝලා එකක් කියාගෙන.

හෙලෝ... ගුඩි මොර්නින්, මම දුරකථනය අතට අරන් කිවිවා

මචං සාගර.. මම දහමි කතා කරන්නේ ඔචිචර වැදගත් වෙන්නෙපා බන් ෆොන් එකෙන් උනත්. ආයි ඉතිං කතා දෙකක් නැහැ මෙිකා උදේ පාන්දරම කාගේ හරි ලනුවක් කාලද කොහොදෝ. ඒකයි මෙි උදේ පාන්දරම නැගිටලා මට කෝල් කරන්නේ කියලා මට හිතුනා...

හරි..හරි.. කියපං මොකක්ද කේස් එක? මම නිකං ඔිනවට එපාවට වගේ ඇහුවා.

මෙි අද නේද සමන්ති එක්ක කෑමලට යනවා කිවිවෙි.

ඔිවි ඉතිං?

අන්න සමන්ති ඩෙවෝන් එක ලග ඉන්නවා මම දැක්කා. දහමි එහා පැත්තේ ඉදලා මට උත්තර දුන්නා.

උඹට පිස්සුද? තාම වෙලාව 10ට වත් නැහැ නේ බං...

හොද 10.. බලපං දැන් වෙලාව 11.15 යි. දහමි කියද්දි මම උඩ විසික් වුනා. අප්පට සිරි බිත්තියේ ගහලා තිබිබ ඔරලෝසුවෙි කටු වලිනුත් කියැවුනේ දහමි කිවිව වෙලාවම තමයි.

අනේ මචං.. තැන්ක්ස් හොදේ, අපි හවසට මීටි වෙමු කියලා මම ෆොන් එක තියලා උඩට ගියේ තත්පර ගානට.

මුහුනේ රැවුල් කොට වැවීලා තිබුනත් ෂේවි කරන්න වෙලාවක් නැති නිසා මම ඉක්මනට නාගෙන ලෑස්ති වෙලා අමිමටත් කියාගෙන හංදියට දුවන් ගියේ ඉක්මනට බයික් කටිටක්වත් ගන්න ඔිනයි කියන හැගීම හිතේ කොටා ගෙන.

ලතවෙිවී..ලතවෙවී... බස් එක නුවර බෝගමිබර වැව රවුම ලගින් පල්ලෙහාට දාන්න හරවනවාත් එක්කම මම පිටිපස්සේ පාපුචරුවෙි ඉදලා පල්ලෙහාට පැන්නේ කොන්දොස්තරගේ ආඩපාලියකටත් කන් දෙන ගමනුයි.

ඩෙවෝන එක ලගට මම යන කොට සමන්ති ඉන්නවයි කිවිව තැන ඉදපු නැති නිසා මට පුදුම අසරණ කමක් දැනුනා. මම පරක්කු උනු නිසා මෙයා යන්නවත් ගිහිංන්ද? එහෙම නැත්නමි දහමි මට බොරුවක් කලාද? ඔය වගේ දාහකුත් එකක් ප්‍රශ්න මගේ මොලය හරහා එහාට මෙහාට ගමන් කරද්දි හොදට දැකලා පුරුදු කෙනෙක් ඈතින් ඇවිදන් එනවා වගේ මම දැක්කා.

ඒ, සමන්ති.. මගේ පපුවට අමුතුම සතුටක් දැනුනා.

අනේ සොරි සමන්ති, මම හිතුවෙි නැහැ ඔයා වෙලාසනින් එයි කියලා. මම සමන්ති එන මගට ගිහිං කියද්දි එයා අමුතුවෙන් මගේ දිහා බැලුවා.

මිහ්.. ඔයාට කවිද කිවිවෙි මම වෙලාසන ආවා කියලා.? සමන්ති පෙරලා මගෙන් ඇහුවෙි ඇහැකුත් පුංචි කරන්.

මගේ යාළුවෙක් ඉන්නවා දහමි කියලා. ආනන්ද විජයරත්න සර්ගේ ක්ලාස් වලට එහෙම ආවෙි.

අහා.. අර කොයි වෙලාවෙත් විහිළු කරන කෙනා නේද? සමන්ති හිනා වෙන ගමන් මගෙන් ඇහුවා.

ඔිවි..ඔිවි.. එයා තමයි.

අනේ නැහැ සාගර... මම මෙි දැන් බස් එකෙන් බැහැලා ආවෙි. මට පේන්නේ ඔයාගේ යාළුවා පොඩි විහිළුවක් කරලා වගෙයි. සමන්ති එහෙම කියද්දි දහමි මට අතට අහුවෙන මානයක හිටියානමි කියලා මට හිතුනත් ලැජ්ජාව නිසා මම වෙන කිසි දෙයක් නොකියම හිටියා.

යමුද රෙස්ටුරන්ටි එක ඇතුලට.. මම සමන්තිට ආරාධනා කලා.

යමු..යමු...

සමන්්තියි මායි අයිනකට වෙන්න තිබුනු ටෙිබල් එකකට ඇවිත් වාඩි උනා.

මිහ්... දැන් මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ?

මෙිසේ ලගින් වාඩි උනු සමන්ති එකපාරම මගෙන් ඇහුවා.

කොහොමටත් සමන්ති ඔය ගැන මගෙන් අහන වග මම කල්තියාම දැනන් උන්නු නිසා වැඩිය කලබල ගතියක් පෙන්නුමි නොකරම මම එයා දිහා බැලුවා. ඒ ඇස්වල තිබුනේ අමුතු ලස්සනක්. කෙල්ලෙක්ට එහෙම ඇස් දෙකක් තිබුනාම ඒ මුහුනට අමුතුම එලියක් වැටෙනවා.

මෙි... සාගර මොකද නුවර පෙරහැර මගේ මුහුනෙන් පේනවද? මගෙන් උත්තරයක් නැති තැන සමන්ති ආයේත් මගෙන් ඇහුවා.

මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුවයි මෙි ඉන්නේ. මම අන්තිමට කටහඩ අවදිකලා...

මිහ්.. එහෙනමි චන්ඩියා වගේ එන්න කිවිවෙි මොනවා කියන්නද?

සමන්තිගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මෙිසේ ලගට ආපු වෙිටර් වරයාට අවශ්‍ය කෑම, බීම ඇණවුමි කරන්න ගිය විනාඩි කිහිපයේදි හොද හුස්මක් ගන්න මට ඉඩ ලැබුනා.

සමන්ති මම ඔයාගෙන් දෙයක් කෙලින්ම අහන්නමි. හැබැයි තරහා වෙන්නේ නැහැ කියලා ඔයා මට මුලින්ම පොරොන්දු වෙන්න ඔින... මම එහෙම කිවිවම සමන්ති පුදුමයෙන් වගේ මං දිහා බැලුවා..

ටික වෙලාවක් ගියා..

නැහැ..මං තරහා වෙන්නෙපා.. අන්තිමෙිදි සමන්ති කිවිවා

ඔයා කාට හරි ආදරය කරනවාද? දිව අග දින ගණනාවක්ම දැවටි දැවටි තිබුනු අමාරුම ප්‍රශ්න දෙකෙන් එකක් මම සමන්ති ඉදිරියේ තැබුවා...

ඇයි එහෙම අහන්නේ.. සමන්ති මගෙන් ඇහුවා.

මට අවශ්‍ය කරන නිසයි.. මම උත්තර බැන්දා

ඇත්තම කිවිවොත් සාගර මම කෙනෙක්ට ආදරය කරනවා. ඒත් එයා මට අයිතිකර ගන්න එක ලේසි නැහැ. මගේ ගෙදරින්, අපේ පවුලේ නෑයින් එයාට කැමති නැහැ. සමන්ති බිම බලාගෙන ඒත් හැඩුමිබර හඩින් කියාගෙන ගියා...

සමන්තිගේ උත්තරය මම බලාපොරොත්තු උනු එක නොවුනු නිසාම ටික වෙලාවක් යනකමි මම මගේ හිත හදාගන්න උත්සහකලත් ඒක ඒ තරමි ලේසි පහසු දෙයක් නෙමෙයි. කමක් නැහැ සමන්තිට එයාගේ ආදරය ලබාගන්න මට පුලුවන් උදවිවක් තියේනමි ඒක කරන්න මං හිතාගත්තා..

ඇයි සමන්ති ඔයාගේ ගෙදරින් එයාට අකමැති..?

එයා ටිකක් විතර දුප්පත් ලමයෙක්. මට එයාව මුනගැහුනේ ගමිපල තියෙන අපේ තාත්තලාහේ මහගෙදර ඉන්න කාලේදි. එයාට හොදට ඉගෙන ගන්න පුලුවන්. මෙි පාර එයා විභාගය කලා. මට හොදටම විශ්වාසයි එයා කැමිපස් සිලෙකටි වෙයි කියලා. ඒත් එයාට වැඩිදුර ඉගෙන ගන්න තරමි හැකියාවක් නැහැ. සමන්ති ඇත්තම කිවිවා..

මිහ්... හරි එයා හොදට ඉගෙන ගත්තා කියන්න. එතකොට ඔයාගේ ගෙදරින් එයාට කැමති වෙයිද?
මම සමන්තිගෙන් ඇහුවා.

මම හිතනවා සාගර, එයා මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ටි උනොත් එයාට අවුරුදු 6 කට පස්සේ ඩොක්ටර් කෙනෙක්. එයා ඒ තැනට එනවා මට විස්වාශයි. සමන්ති දැඩි විශ්වාසයෙන් යුතුව කියා සිටියා.

හොදයි.. මට එයාව මුන ගැහෙන්න ඔින, කොහොමද ඒක කරන්නේ? ඔයාට එයා තාමත් කතා කරනවාද?

නැහැ සාගර.. එයාට මට කතා කරන්නවත්, මට එයාට කතා කරන්නවත් විදිහක් නැහැ. එයාව හමිබවෙන්න ගිහිං මොනවා කරන්නද? අනික එහෙම හමිබ වෙන්න යනවා නමි ගමිපොල අපේ ගමටම යන්න ඔින. සමන්ති කිවිවා

සමන්ති, කෑම බෙදාගන්න... මම එයාගේ අතට පිගාන දෙන ගමන් උණු උණුවෙි තිබුනු නුඩිලස් පිගාන ඈ වෙතට ලංකලා.

මම දිහා ටික වෙලාවක් බලන් හිටපු සමන්ති පිගාන අතට ගත්තා...

සාගර ඔයා මට ආදරේ කරනවාද? බලාපොරොත්තු නොවුනු මොහතක ඈ මගෙන් ඇහුවා.

දැන් ටික වෙලාවකට කලින් එහෙම බලාපොරොත්තුවක් තිබුනා. ඒත් ඔයාගේ කතාව ඇහුවට පස්සේ එහෙම අදහසක් මගේ හිතේ නැහැ. හිතේ ගුලි කරන් හිටපු වෙිදනාව යටපත් කරගෙන වෑයමක් දරලා මවාගත්තු හිනාවකුත් එක්ක මම සමන්තිගේ ප්‍රශ්නෙට පිලිතුර දුන්නා.

කෑම කාලා අපි දෙන්නා හිමින් හිමින් ගුඩිෂෙඩි එක ලගටම ආවා. පිලිමතලාව බස් නැවතුමිපල ලගදි මම සමන්තිව ආපහු මුනගැහෙන බලාපොරොත්තුවෙන් සමුදුන්නේ මට නැතත් එයාට හරි එයාගේ ආදරය හිමිකර දෙන්න ඔින කියන බලාපොරොත්තුවත් එක්ක...!!!

Friday, April 20, 2012

ලසිත් මාලිංග ආබාධයකට ගොදුරු වෙයි...




ශ්‍රි ලංකා වෙිග පන්දු ක්‍රිඩක ලසිත් මාලිංග ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරේදි ඇතිවු හදිසි ආබාධයක් හේතුවෙන් යලි සිය රට පැමිණිමට නියමිතයි. මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදි මුමිබායි ඉන්ඩියන්ස් පිලට ක්‍රිඩා කල අතර පුහුණුවිමි වල යෙදමින් සිටියදි ඔහු ආබාධයට ගොදුරුව ඇත.

මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදි තරග හතරකට ක්‍රිඩා කරමින් කඩුළු 7ක් දවාගැනීමට ලසිත් මාලිංග සමත්වුහ. 2004 වසරේ ජුලි පලමු වෙනිදා ඔස්ටේ‍රිලියාවට එරෙහිව ටෙස්ටි වරමි දිනු ලසිත් මාලිංග තරග 30 කදි කඩුළු 101ක් දවාගැනිමට සමත්වුහ. එක්දින තරග 117 කට ක්‍රිඩා කර ඇති ලසිත් මාලිංග එහිදි කඩුළු 185 ක් දවාගෙන ඇත.

ලසිත් මාලිංගගේ ආබාධය ගැන මෙම ලියුමිකරු ශ්‍රි ලංකා ක්‍රිකටි ආයතනයෙන් සිදුකල වීමසිමකදි එහි සභාපති උපාලි ධර්මදාස මහතා කියා සිටියේ ලසිත් මාලිංග ආබාධයකට ගොදුරුව තිබෙන බවත්, ඔහු ලබන අගහරුවාදා ශ්‍රි ලංකා ක්‍රිකටි ආයතනයට පැමිණිමට නියමිත බවත්ය. ඔහුගේ ඉදිරි ප්‍රත්‍රිකාර ලබාදිම ඇතුළු අනෙකුත් කරුණු ගැන එහිදි තිරණයක් ගැනීමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකටි ආයතනයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් සදහන් වෙයි.


Monday, April 16, 2012

අහිමිවු නුඹ- හත්වන කොටස...



පුතා... අද කොහේවත් යනවද?  කවදාවත් නැතුව අද උදේ තේ බොන්න කැම කාමරයට ආවම අමිමා ඇහුවම මම නංගිගේ මුන දිහා බැලුවෙි මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා ඇගේ මුනෙන්වත් තේරුමි ගන්න ඉඩ ලැබෙිවිද කියන බලාපොරොත්තුවෙන්.

ඇයි අමිමා....

නැහැ... නිවාඩු නමි අපි කතා කර ගත්තේ දවස් දෙක තුනකට ගමෙි ගිහින් එමුද කියලා. තාත්තා කිවිවා හෙට නිවාඩු දාන්න පුලුවන් කියලා ඔයත් යන්න කැමතිනමි විතරක්.

ගමෙි යන්න නමි කැමතියි අමිමා. ආචිචා අමිමවත් දැක්කේ නැහැ ගොඩාක් කාලෙකින්. අමිමා අපි බ්‍රහස්පතින්දා යමුද? මොකද මට බදාදා ක්ලාස් එකක් තියෙනවා.

ආදරේ කරන කොට කොල්ලෝ කෙල්ලෝ නැති බොරු ගෙදරට මවලා කියනවා කියලා අපේ සිංහල පංතියේ සර් කිවිව කතාවක් මට මතක් උනේ එ වෙලාවෙි. අනේ අමිමපා කවදාවත් අමිමට බොරුවක් නොකිවිව මම මෙි කෙල්ලෙක් නිසා එකත් කලා නේද කියලා මතක් වෙන කොට හිතට දැනුනේ ලොකු දුකක්.

මිහ්... හොදයි පුතා, මම තාත්තට කියන්නමි. තාත්තා හා කිවිවොත් අපි බ්‍රහස්පතින්දා උදේට ගමෙි ගිහිං සෙනසුරාදා හවසට එමු. ඉරිදා නංගිට ගණන් පංතියි. අමිමා මං දිහා බලාගෙන හිනා වෙලා කිවිවම මගේ හිත තවත් රිදුනා..

අද දවසේ නිකමිම ගෙදරට වෙලා ඉන්න මගේ හිත කොහොමටවත් ඉඩ දෙන්නේ නැති ගානයි. හෙට සමන්තිත් එක්ක කතා කරන්නේ මොනවද? මෙි වගේ දාහකුත් එකක් ප්‍රශ්න එක්ක මගේ හිතේ තිබිබෙි හරිම නොසන්සුන් ගතියක්. ටිකක් වෙලා කල්පනා කරපු මම දහමිට කෝල් එකක් දුන්නා.

මචං..දහමි

අඩෝ... මනමාලයා. එහෙනමි අපිව මතක් උනා නේ. මොකද කෙල්ල බුටි පාරක්වත් දුන්නද පොලිෂ් කර කර ඉන්න..

අනේ පලයං බන් යන්න. මෙි ඒක නෙමෙයි, උඹ කොහේද ඉන්නේ කියපං. අද මොනවා හරි විශේෂ වැඩක් තියෙනවද?

එහෙම දෙයක් නැහැ බන්. ගෙදර ඉදලම එපා වෙලා ඉන්නේ. ඒකයි මම මෙි ටවුම පැත්තට එන්න ලෑස්ති උනේ.

එහෙමද? හොදයි මචං. මමත් දැන් එනවා. අපි වැව රවුමෙි හිල්වුඩි පොයින්ටි එකේදි මිටි වෙමු.

දහමිට එහෙම කිවිව ඉක්මනටම ටවුමට යන්න කියලා ලෑස්ති වෙලා ගෙදරින් එලියට පැනලා බස් එකේ එල්ලුනා.

හරියටම උදේ 10.30 වෙද්දි මම දහමිට ඉන්න කිවිව තැනට යන කොටත් ඌ එතනට සේන්දු වෙලයි හිටියේ.

ඈ බන්.. උඹ ලවි කොරන්න පටන් අරන් දැන් මාස දෙකක් විතර වෙනවා නේද?

කවිද බන් කිවිවෙි මම සමන්තිට ලවි කියලා? මම දහමිගෙන් ඇහුවා.

ඔය අපේ ක්ලාස් එකේ එවුන් ඔක්කෝම කියන්නේ. උඹලා දෙන්නා එකට ඉංග්‍රිසි ක්ලාස් යනවලු. අරකද මෙිකද කියලා. දහමි එක දිගට කියාගෙන ගියේ එකා කිවිව කතාව සියට සියක්ම නිවරදියි කියලා ඔප්පු කරන්න හදන ආකාරයෙන්.

හරි මචං.. මමයි සමන්තී දෙන්නා යන්නේ එකම ක්ලාස් එකට තමයි. අපි දෙන්නා සමහර දවස් වලට පංතියට යන එන ගමන් බඩගිනියි උනොත් ඔය කොහෙට හරි ගිහිං කාලා තියෙනවා. සමන්ති බස් එකට නගින හෝල්ටි එකට ටිකක් එහාට වෙන්නනේ මම ගෙදරට යන බස් හෝල්ටි එක තියෙන්නේ. ඉතිං ඔික දැකපු කටිටිය ඉන්නවානමි අර උඹ කිවිව විදිහට ලුනු ඇඹුල් ඇතුව කට කතා හැදෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ බන්. මම හිතේ ඇතිවෙචිච වෙිදනාවත් එක්ක එහෙමිම කිවිවා.

අවුලක් හිතන්නෙපා මචං... මම දන්නවා උඹ එහෙම දෙයක් පටන් ගන්නවානමි මට නොකියා ඉන්නේ නැහැ කියලා. දහමි මගේ උරහිසට අතක් තියාගෙන කිවිවා.

මම මෙි උඹව හමිබ වෙන්නත් ආවෙි වැදගත් දෙයක් ගැන කතා කරන්න තමයි... මං දහමිට කියද්දි ඌ බැරුරැමි විදිහට මං දිහා බැල්මක් දැමිමා.

ඇයි මචං.. මොකක් හරි කේස් එකක්ද?

මම සමන්තිට ඇත්තටම ආදරේ කරනවා මචං. මම හෙට එයාව මිටි වෙනවා. එතනදි මම මගේ හිතේ තියෙන අදහස ගැන එයාට කියන්න හිතුවා. ඒත් මගේ හිතට මොකක්ද වගෙයි මචං. ඒකයි මම මෙි උඹව මීටි වෙන්න ආවෙි. ඒ ගැන කතා කර ගන්න. ඊයේ රෑත් මට නින්දක් නැහැ මචං..

උඹ ඔිවා ගැන හිතලා අප්සටි ගහන්නෙපා මචං... මම දන්නවා උඹ කවදාවත් කෙල්ලෙක්ට ආදරේ කරපු කෙනෙක් නෙමෙයි කියලා. උඹ හෙට කෙලින්ම සමන්තිගෙන් අහපං. උඹට අකමැති වෙන්න තරමි දෙයක් නැහැනේ මචං. සමන්ති උඹට කැමතියි කියයී.

දහමි එක්ක කතා කර කර ඉද්දි දන්නේම නැතුව වෙලාවත් ගිහිං. හැමදාම වගේ සෙංකඩගල පුරවරයට හවස් යාමෙිට ඇදන් වැටෙන වැස්සට තෙමි තෙමි මම ගෙදරට එනකොට හවස 6ත් පහුවෙලා තිබිබා...

ගෙදරට අඩිය තියෙන කොටම අමිමා කෑගහන්න ගත්තා... මොකක්ද ලමයෝ ඔය කරන්නේ. වැස්සේ තෙමිලා තෙමිලා දැන් ලෙඩ වෙනවා. ඉක්මනට ගිහිං නාගන්න. මම කොත්තමල්ලි ටිකක් හදන් එන්නමි, අමිමා මගේ ඔලුව අතගාලා කියන කොට මට මතක් උනේ රැසියානු ලේඛක මැක්සීමි ගොර්කි තමන්ගේ " අමිමා" කියන නව කතාවෙි ලියලා තිබිබ එක් වදනක්

අමිමා කෙනෙක්ගේ ආදරයට සම කරන්න පුලුවන් තවත් ආදරයක් මෙි ලොකේ නැහැ කියලයි මැක්සීමි ගොර්කි තමන්ගේ අමිමා ගැන තම පොතේ විග්‍රහ කරලා තිබිබෙි. ඒක මම මගේ ජිවිතය පුරාවටම අත්වින්ද දෙයක්.

අමිමා ගැන මගේ හිතේ ඇතිවුනේ ලොකු ආදරයක්... සමන්ති මට කැමතියි උනොත් මම ඒ ගැන අමිමට කියනවා, මම මටම පොරොන්දු උනා. හිතට දැනුනු ලොකු සැහැල්ලුවකුත් එක්ක මම කාමරේට ගියේ හෙට දවස ගැන හිතේ ඇතිවුනු ලොකු බලාපොරොත්තුවකුත් එක්ක...

(මතු සමිබන්ධයි)




Sunday, April 8, 2012

අහිමිවු නුඹ- හයවන කොටස



හමුදාවට බැදෙන්න ඔින කියන අදහස මගේ තුන් හිතකවත් නොතිබිබ අදහසක්. ඒත් අපි හිතන දේවල් වලින් කීයෙන් කීයද හරියටම වෙන්නේ කියලා කියන්න කාටද පුළුවන්?...

මචං සාගර උඹ හොදින්ද ඉන්නේ..? මගේ මිතුරා අසංක මගේ ලගට ඇවිත් ඇහුවෙි අද දවල් උනු සිදුවීමි පෙල නිසා මම ඉන්නේ එචිචර හිත හොදින් නිසා නෙමෙයි කියලා ඌ දන්න නිසයි.

නැහැ මචං.. මට අර පොඩි ලමයි දෙන්නා ගැනයි දුක. කිසි දෙයක් නොදන්න ඒ ළමයින් දෙන්නා අර කාලකන්නි කොටින්ගේ බෝමිබෙිට අහුවෙලා මැරිලා හිටපු හැටි දැක්කම මට හිතේ දරාගන්න බැරි තරහක් ආවා මචං.

අද දවසේ උනු සිදුවීමි ටිකත් එක්ක මම රෑ වෙලා නිදාගන්න ගියත් මගේ ඇස් දෙක පියා ගන්න බැරි නිසා කෝපි කෝප්පයක් හදාගෙන බිලටි එකට එලියේ පුටුවක් උඩට වෙලා ඉන්න කොට මට ආපහු සමන්තිව මතක් උනේ හරියට අමතක කරන්න බැරි මතකයක් ගානටයී..

සාගර, ලබන සතියේ රිසාල්ටිස් එනවා නේද?

එහෙම එනවා කියලා තමයි ආරංචි.. ඒත් ඉතිං ඔික අවුටි වෙනකමි කාටවත් ඉතිං හරියටම ෂුවර් නැහැ නේ.. මම සමන්තිගේ ප්‍රශ්නයට උත්තර දුන්නා.

මෙි අපි දෙන්නම නුවර බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉංගිල්ෂ් කෝස් එක කරන්න ඇවිත් ගෙවිලා යන තුන් වන මාසය. ඉස්සර වගේ නෙමෙයි අපේ දෙන්නගේ හිතවත්කමට දැන් අළුත් බැදීමක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි ඉස්සර නිකං යාළුවෝ වෙලා හිටපු අපි දෙන්නා දැන් හොදම යාළුවෝ වෙලා.

සාගර ඒක නෙමෙයි.. ඔයා කැමිපස් සිලෙක්ටි වෙලා තිබුනොත් මොකද කරන්නේ?

මිහ්... කැමිප්ස් සිලෙක්ටි වෙලා තිබුනොත් මම කැමිපස් යනවා සමන්තී. අපේ ගෙදර අයගේ එකම ආසාව ඒක නේ.

ඇත්තද.. මම නමි හිතන්නේ නැහැ අපේ තාත්තා මට කැමිපස් යන්න දෙයි කියලා. ඒයලා කියන්නේ කැමිපස් සිලෙක්ටි වෙලා තිබුනොත් පිටරට කැමිපස් එකකට ඇප්ලයි කරලා යන්න කියලා.

ඒ මොකද ඒ? ඇයි ලංකාවෙි කැමිපස් වල උගන්නනවා හොද නැද්ද?
මම සමන්තිගෙන් එහෙම ඇහුවෙි සමන්ති මගෙන් ඈත් වෙයි කියලා ඒ වෙලාවෙි මගේ හිතේ එකපාරම ඇදුනු බයටමයී.

එහෙම දෙයක් නැහැ සාගර. අපේ ගෙදර අය හිතන විදිහ හරි වෙනස්. එයාලව හදන්න කාටවත් බැහැ. කොටින්ම කියනවානමි මම උනත් ගෙදර ඉද්දී එයාලා කියන දේවල් වල හොද නරක කියන්න යන්නේ නැහැ.

මිහ්..එහෙමත් දෙයක් තියෙනවද? මම හිතුවෙි ඔයා ගෙදර අයත් එක්ක සතුටින් ඉන්නවා කියලයි.
මම එහෙම කිවිවම සමන්ති මගේ මුන දිහා ටිකක් තරහෙන් වගේ බලන් හිටියා.

අපේ ගෙදර අය මාත් එක්ක ඉන්නේ අසතුටින් නෙමෙයි, මම කිවිවෙි එයාලා හැම වෙලාවෙම බලන්නේ මගේ යහපත, ආරක්ෂාව ගැනයි. ඉතිං එයාලා බයයි මට කැමිපස් එකේදි රැග් කරයි කියලා.

මගෙත් මෝඩකම...

අනේ සොරි සමන්ති මම අරම කිවිවෙි ඔයාලගේ ගෙදර අය ගැන වැරදියට හිතලා නමි නෙමෙයි. අයි ඈමි වෙරි සොරි සමන්ති.

ඒකට කමක් නැහැ සාගර,මම දන්නවා ඔයා එහෙම දෙයක් හිතලා කිවිවෙි නැහැ කියලා. ඒක අමතක කරන්න.

සමන්ති නිවාඩුවක් තියෙනවානමි දවසක යමුද දවල් කෑමකට?

මම එහෙම ඇහුවම සමන්ති මගේ මුන දිහා අමුතුවෙන් වගේ බැලුවා.

අයියෝ මම තව පාරක් ගොන් ප්‍රශ්නයක්ද ඇහුවෙි. මගේ හිත මටම දොස් තියද්දි...

මොකද සාගර ඒක පාරම එහෙම ඇහුවෙි? මොකක් හරි විශේෂයක්ද?

න්හැ... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔින එකයි. මම උත්තර දුන්නා.

ඔිකේ එහෙනමි අපි බදාදාට මීටි වෙමු... සමන්ති එහෙම කිවිවම තමයි මගේ හිතට යන්තමි හරි සැනසීමක් ආවෙි.

එදා සමන්තිව බස් එකට නග්ගලා ගෙදර ආවත් මගේ හිතේ වෙනදට වඩා නොසන්සුන් ගතියකින් වෙලිලා තිබුනා.

මම සමන්තිට ආදරෙයි කියලා කොහොමද එක පාරම එයාට කියන්නේ? මම එයාට ආදරෙයි කියලා කිවිවම එයා මම ගැන මොනවා හිතයිද? අඩුම තරමින් එයා ඊට පස්සේ මාත් එක්ක මුන බලලා කතා කරයිද? ඔය වගේ දහසකුත් එකක් ප්‍රශ්න මගේ ඔළුවෙි හොල්මන් කලා පහුගිය දවස් දෙකේම.

සමන්තිව මුන ගැහෙන්න තියෙන දවස අදයි... උදේන්ම නැගිටිටෙි හිත දෙගඩියාවෙන් පිරිලා තියෙද්දී..

( මතු සමිබන්ධයි)

සැ.යුඃ- පහුගිය සති දෙකේදිම මට කතාව එක දිගට ලියන්න බැරි උනා රාජකාරිමය හේතු කිහිපයක් නිසා. ඒත් ආපහු මට මෙි කතාවෙි ඉතුරු කොටස් කිහිපය ඉක්මනට ලියන්න පුළුවන් කමක් තියෙනවා. මොකද කියනවානමි පිට පිට 6 වෙනි අවුරුද්දටත් මම මෙිපාර අවුරුද්දට ගෙදර නොයන නිසා...:D

Saturday, April 7, 2012

අහිමිවු නුඹ-පස්වන කොටස



ආ..මල්ලි මෙික තමයි වැදගත් වැඩක් තියෙනවා කියලා අන්තිමෙිදි අවුරුදු 13ක් එකට හිටපු අපිව දාලා පැනලා ආවෙි නේද?....

අපොයි.. මුන්ගේ කටවල් වලට හොදක් වෙන්නෙපා.. මුළු ඩෙවෝන් එකම මාවයි, සමන්තියි දිහා කන්න වගේ බලාගෙන ඉන්න එක මට තේරුමි ගියේ ඊටත් විනාඩි පහකට විතර පස්සේ.

අනේ නැහැ මචං... මම මෙි ගෙදරට එන නෑයෝ වගයකට කන්න කේක් එකක් ගෙන්න කියලා අමිමා කිවිවා නිසයි ඉක්මනට මෙතනට ආවෙි. එනකොට සමන්ති මෙතන හිටිය නිසා මොනවා හරි බොන ගමන් කතා කරන්න කියලා හිතුවා. එහෙම උඹලව අමතක කලේ නැහැ මචං. මම ඒ වෙලාවෙි කටට ආපු බොරුවක් කියලා දාලා සමන්ති දිහා හෙමින් බැලුවෙි මම කිවිව බොරුව නිසා එයා අප්සටි ගහලා ඇතියි කියලා හිතාගෙන.

සමන්ති මං දිහා ඇස් යටින් බලාගෙන තොල් දෙක තද කරන් ඉන්න හැටි දැක්කම මට ලාවට හිනාවක් ගියේ යාළුවෝ ටික මගේ ලග ඉන්නවා කියලා ගානක් නැතුව ගානටයි...

හා..හා..ඒකට කමක් නැහැ. අපිත් මෙි බඩගිනියි නිසයි මෙි පැත්තට ආවෙි. ඒත් ඉතිං උඹ මෙතන ඉන්නවා කියලා දන්නේ නැහැ නේ. අපිත් එහෙනමි මොනවා හරි අරන් එන්නමි කියපු යාළුවෝ ටික කැෂියර් එක පැත්තට ඇදුනා.

තව පොඩිඩෙන් දෙන්නම ඉවරයි නේ. සමන්ති මං දිහා බලාගෙන ඇහුවා.

මොනවා කරන්නද සමන්ති. යාළුවෝ උනාම ඔහොම තමයි. ඒක නෙමෙයි රිසාල්ටිස් එනකමි මොනවද කරන්නේ?

මම නමි හිතාගෙන ඉන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ දාලා තියෙන ඉංග්ලිෂ් කෝස් එක කරන්න කියලා.

ඇයි ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ?

සමන්ති මගෙන් ඇහුවා...

මම තාම නමි එහෙම දෙයක් ගැන හිතලා නැහැ සමන්ති. බලමු, කෝකටත් තව දවස් 2-3ක් නිවාඩු පාඩුවෙි ඉදලම තීරණයක් ගන්නවා.

මිහ්.. කමක් නැහැ සාගර, ඉංගිලිෂ් කෝස් එකට ඇප්ලිකේෂන් භාර ගන්න අන්තිම දවස ලබන සිකුරාදා. තව සතියක්ම තියෙනවා නේ.

සමන්ති මෙි නොකියාම කියන්නේ එයා යන ඉංග්‍රිසි පන්තියටම මටත් යන්න එන්න කියලද?
මට නමි එක පාරටම එහෙම දෙයක් ගැන හිතා ගන්නවත් බැරි උනා. කමක් නැහැ. එක පාරම ක්ලාස් එකට යන්න එන්නමි කියලා කිවිවානමි සමන්ති හිතයි මම එයා කියන හැමදේම අහන් ඉන්න හොද බුරු පැටියෙක් කියලා. මම සමන්තිගේ මුන දිහා බලාගෙනම කල්පනා කරන්න පටන් ගත්තා.

මොකද සාගර මගේ මුනේ මොනවා හරි තියෙනවද? සමන්ති එක පාරම එහෙම ඇහුවම මට උන් හිටි තැන් පවා අමතක වෙලා ගියා.

න්හැ..නැහැ...මට වචන හොයා ගන්නත් බැරි වුනා සමන්ති එකපාරම මගෙන් එහෙම අහපු වෙලාවෙි.

මිහ්..අපි එහෙනමි යමුද සාගර? දැන් හවස් වෙිගනත් එනවා. සමන්ති ඊට ටික වෙලාවකට පස්සේ මගෙන් ඇහුවා.

ඔිකේ...එහෙනමි අපි යමු. මම මෙසයෙන් නැගිටලා ඊට එහා පැත්තේ හිටපු යාළුවෝ ලගට ගියේ යන්නමි කියලා එන්න.

හරි මචං.. එහෙනමි හෙට මෙතනදීම උදේ 10ට මීටි වෙමු කියලා කියාගෙන මම සමන්තී හිටිය පැත්තට ආවා.

මොකද යාළුවෝ කටිටිය කොහේ හරි පනින්න හදනවා නේද විභාගේ ඉවර උනු ගමන්ම?

නැහැ.. අපිට උගන්නපු සර් කෙනෙක්ට අසනීප වෙලා හිටියා පහුගිය දවස් වල. සර්ව බලන්න යන්න කතා කරන් හිටියේ විභාගේ ඉවර වුනු ගමන්ම. ඒකයි දහමි කිවිවෙි හෙට උදේට යමු කියලා.

මම සමන්තිගේ ප්‍රශ්නයට ඇත්තම උත්තරේ දුන්නා.

එහෙනමි සාගර, ගොඩාක් ස්තුතියි අද මං නිසා යාළුවෝ කටිටියත් තරහ කරගෙන මාව බලන්න ආවට. සමන්ති මං දිහා බලාගෙන එහෙම කිවිවම මට එයා ගැන හිතේ පුංචි දුකකුත් ඉතිරි කරලම එයා පිලිමතලාව බස් එකට නැගලා යන්න ගියා..

මචං... සාගර උඹට තිබුනනේ සමන්තිත් එක්ක බස් එකේ නැගලා අඩුම තරමින් ඒ ලමයාගේ ගෙවල් ලගට වෙනකමිවත් යන්න..

මෙචිචර වෙලාවක් මොකුත් නොකියා කතාව අහන් හිටපු අසංක අන්තීමෙිදි අහපු ලස්සන ප්‍රශ්නෙට උත්තර හොයනවා වෙනුවට මම කලේ හොදවැයින් ටොක්කක් ඌට ඇනපු එකයි.

ඉතිං...ඉතිං... ඊට පස්සේ උඹ තීරණය කලාද සමන්ති එක්ක ඉංග්‍රිසි පංති යන්න?
අසංක ආපහු මගෙන් ඇහුවා.

මට ඒකට උත්තර බදින්න වෙලාවක් ලැබුනේ නැහැ.

සර්... ඉක්මනට අචිචුවෙිලි ටවුන් එකට යන්න කියලා පළාලි බෙිස් එකෙන් මැසෙජ් එකක් රිසිවි උනා. මොකක් හරි කේස් එකක් වගේ.

මමයි, අසංකයි ලගට දුවගෙන ආපු අපේ කදවුරේ සිග්නල් යුනිටි එකේ සාජන් මෙිජර් කියාගෙන ගියේ කලබලෙන් වගේ.

( මතු සමිබන්ධයි)

" ලබන්නාවු සිංහල හා දමිල අළුත් අවුරුද්ද ඔබ සියළු දෙනාට සතුටින්, සාමයෙන් පිරි සුභම සුභ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා..."

Thursday, March 15, 2012

අහිමිවු නුඹ- හතරවන කොටස...



ජිවිතය අපි හිතනාවට වඩා පුදුමාකරයි. වෙලාවකට අපි අවශ්‍යයි කියලා හිතාගෙන ඉන්න දේවල් අපිට නොලැඹි යන්නේ හිතට පුදුමාකාර වෙිදනාවක් දීලා. ඒත් කිසිදාක නොලැබෙිවි කියලා හිතන දේවල් අපේ කකුල් දෙක ලගටම දෙවියෝ ගෙනත් දෙන්නේ හිනෙකින්වත් නොහිතන විදිහට.

එදා විභාගේ ඉවර වෙලා ගුඩිෂෙඩි බස්නැවතුමිපොල ලගට යනකොට පිලිමතලාව බස් නතර කරන තැනට වෙලා සමන්ති ඉන්නවා මම ඈත තියාම දැක්කා.


සාගර.. යාළුවෝ බැන්නේ නැද්ද වෙිලාසනින්ම එයාලව දාලා ආවා කියලා? සමන්ති මගේ මුන දිහා බලාගෙන ඇහුවා.

එහෙමම නැහැ.. කොහේද යන්නේ කියලා ඇහුවා. මම කිවිවා පොඩි වැඩකට යන්න තියෙනවා කියලා පැනලා ආවා.


මිහ්.. හොදයි..හොදයි දැන් මොකද්ද ඔය පොඩි වැඩෙි? සමන්ති එහෙම ඇහුවම මට කට උත්තර නැති උනා.

ඈ සාගරයෝ උඹම නේද කිවිවෙි එදා සමන්ති හමිබවෙන්න එන්න කිවිවා කියලා. කතාව මැද්දට කිසිම ආරධනාවක් නැතුවම අසංක මැද්දට පැන්නා.

වදුරා වගේ පනින්නේ නැතුව හිටපන් බන්. මට එයා එන්න කිවිවා තමයි, දන්නේ නැද්ද ගැහැනු ලමයි කැමතිනේ ආදරේ කරන කාලේ හුරතල් වෙන්න.. එයා මගෙන් එහෙම ඇහුවෙි විහිළුවට වගේ.


ආ..ඇත්තටද මනමාල මහත්තයා.. ගැනු ලමයි ආදරේ කරනකොට හුරතල් වෙනවද? ඔය කතාව මොන ගුරාද බන් ලියලා තියෙන්නේ. අසංක නිකං ඔලොක්කුවට වගේ මගෙන් ඇහුවම පරන මතකය මතක් වෙලා හිතට පොඩි ලැජ්ජාවකුත් දැනුනා.

හරි..හරි... කියහංකෝ කතාවෙි ඉතුරු ටික. අසංක ආපහු ඇදේ හරිබරි ගැහිලා වාඩිවුනා.


මගේ හිත ආපහු නුවර ගුඩිෂෙඩි බස් නැවතුමිපොල ලගට දුවලා ගියේ මටත් නොදැනීමයි...

ඒ කියන්නේ ඔයා මට අද එන්න කිවිවෙි නැද්ද? මම සමන්තිගේ ඇස් දෙක දිහා බලාගෙනම ඇහුවෙි.

නැහැ අනේ.. මම විහිළුවක් කලේ. ඔයාට දුක හිතුනාද? සමන්ති මන් දිහා දුකෙන් වගේ ඇහුවා.


දුක හිතුනේ නැහැ. මම ඇවිදින් ඔයාට කරදරයක් උනාද කියලා මට හිතුනා.. මම සමන්තිට ඒ වෙලාවෙි මගේ හිතේ තිබුනු ඇත්තම දේ කිවිවා.

ඒක නෙමෙයි සාගර... යමුද බෙික් හවුස් එක පැත්තේ. මට නමි මාර බඩගිනියි. මෙි දවස්වල හරියට කෑමක්වත් නැහැ. කොයි වෙලාවෙත් පපුවෙි බිත්තර තමිබ තමිබ හිටියේ.

සමන්ති එහෙම කියලා මන් දිහා බලාගෙන හිනා වුනා.


යමු..යමු.. මාත් මෙි දුවන් ආවට මොකද බඩගින්න ඉවසන්න බැරුවයි හිිටියේ..

මගේ කතාව අහලා සමන්ති හිනා උනා අතේ තිබිබ ලේන්සුවෙන් කට වහගෙන.

දෙන්නත් එක්ක පයින්ම නුවර නගරේ මැද්දට එන කොට පොලිසියට පල්ලේහා තියෙන බස් ස්ටෑන්ඩි එක පිරෙන්නම හිටියේ ඉස්කෝල ලමයි.

අනේ සාගර ඉක්මනට යමුද.. ක්ලාස් එකේ කවුරු හරි දැක්කොත් අපි දෙන්නා ගැන වැරදියට හිතයි.

සමන්ති බයෙන් වගේ වට පිට බලන ගමන් කිවිවා.

සමන්ති මං එහෙනමි ටිකක් ඉස්සරහින් යන්නමි.. ඔයා පස්සෙන් එන්න.
මං එහෙම කියලා සමන්තිව පහු කරගෙන ටිකක් ඉස්සරහට ගියා.

බෙික් හවුස් එකට අපි දෙන්නම ඇතුල් වුනේ එකටම වගේ. වැඩි සෙනගක් නොහිටිය නිසාම අපි දෙන්නටම වාඩි වෙන්න තැනක් ලැබුනා.


ඔයා එහෙනමි මෙතනට වෙලා ඉන්න සමන්ති මං ගිහිං කන්න මොනවා හරි අරන් එන්නමි.

මිහ්.. හා.

ඔයා මොනවද කන්න කැමතියි?

අනේ සාගර ඔයා කැමති දෙයක් ගේන්න, හැබැයි මම බොන්න කැමතියි ස්මැක් වුඩිඇපල්. එහෙම කියලා සමන්ති මං දිහා බලලා ඇහකින් ඉගිමැරුවෙි පොඩි ලමයෙක් වගේ.


ඔන්න... ඔයාගේ ස්මැක් එකයි, සීනි සමිබල් බනිසුයි අරන් ආවා. මම කෑම ටික මෙසෙන් තියන ගමන් කිවිවා..

අනේ... සාගර අර බලන්නකෝ කවුද මෙි පැත්තට එන්නේ කියලා..


සමන්ති බය වෙලා වගේ කියන කොට මගේ ඇස් ඒ පැත්තට නිකමිම ඇදිලා ගියා.. ඒ දර්ශණය දැක්කම මටත් උන් හිටි තැන් අමතක වෙලා ගියේ මටත් නොදැනීමයි.

( මතු සමිබන්ධයි)

Wednesday, March 7, 2012

අහිමිවු නුඹ- තෙවන කොටස



සමන්ති මාත් එක්ක එදා කතා කලාට පස්සේ මට ආපහු සමන්තිව දකින්න ලැබුනේ අපේ දේශපාලන විද්‍යා පංතියේ අවසන් දවසේදි. එදා අපිට වැඩි වැඩක් නොතිබිබත් සර් විභාගයට එන්න පුළුවන් කියලා අනුමාන කරපු රචනා ප්‍රශ්න දෙකක් ගැන පැය දෙකක් විතර ලමයි එක්ක සාකචිජා කලා.

" ඉතිං ලමයිනේ.. ඔන්න අවුරුදු දෙකක් විතර ඔය ලමයි මගේ පන්තියට ආවා. ඔය ලමයි ටික වැදගත් විදිහට මගේ පංතියේදි හැසිරුනා. මට ඒක ලොකු දෙයක්. මොකද අද කාලේ අපි ඉගෙන ගන්න ඔින වගේම තමයි වැදගත්කම, හොද හැසිරිම අපි අපේ ජිවිත වලට එකතු කරගන්න ඔින. තව දවස් 3 කින් විභාගේ පටන් ගන්නවා. හැමදෙනාටම විශ්ව විද්‍යාලේට යන්න වරමි ලැබෙිවායි කියලා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා වගේම කවදා හරි දවසක ආපහු මෙි සර්ව කොහේද හරි දැක්කොත් කතා කරයි කියලා හිතනවා." එදා පන්තියේදි සර් අපිට මෙි වගේ ඔවදනක් දෙන කොට ගොඩාක් ලමයින්ගේ ඇස් වලින් කදුළු වැටෙනවා මම දැක්කා. සමන්තිත් එයාගේ අතේ තියෙන ලේන්සුවෙන් ඇස් දෙක පිහදානවා දැක්කාම මට එයා ගැන පුදුම හිතුනේ නැහැ. මොකද ගැහැණු ලමයින්ට පොඩි දෙයක් වුනත් අඩන්න තියාගන්නවානේ...

ඉතිං... එදා උඹ සමන්ති එක්ක කතා කලේ නැද්ද?..

කතා කලා මචං.. එදා අපි පංතියේදි සිංදු කිවිවා. සමහර ලමයි නැටුවා. ඔය අතරේදි මටත් සිංදුවක් කියන්න උනා.

අහා...මනමාලයා සිංදුවත් කිවිවද?

අනේ නැහැ බන්. මට අපේ ඉස්කොලේ නම බෙිරගන්න සිංදුවක් කියන්න උනා. ඉතිං එදා සිංදුව කියලා ඉවර උනාට පස්සේ අපි සර්ට වැදලා පංතියෙන් එලියට බහින කොට සමන්තිව මුන ගැහුනා.

සාගර.. කොහොමද?

හොදින් ඉන්නවා සමන්ති. විභාගයට දැන් ලෑස්තිද? දිගටම පාඩමි කරනවාද නැත්නමි මෙි දවස්වල නිවාඩු පාඩුවෙිද ඉන්නේ...

නැහැ සාගර්. ඔයා වගේ මම බ්‍රයිටි නැහැ නේ. ඉතිං උදේ රෑ කියලා වෙනසක් නැතුව දිගටම පාඩමි කරනවා. ඔක්කෝමත් හරි මට ලොජික් තමයි ටිකක් අමාරු..

එහෙමද... ඔයාට මම මගේ ලග තියෙන ෂොර්ටි නෝටිස් ටිකක් දෙන්නමි. පාඩමි කරනකොට ඒවත් බලාගන්න. ඔයාට ලේසි වෙයි. මං එදා එහෙම කියලා බෑග් එකේ තිබිබ ලොජික් ෂොර්ටි නෝටිස් ටික සමන්තිට දුන්නාම එයා මට ගොඩාක් ස්තුතියි කලා.

එදා සමන්තිගේ තාත්තා ඇවිත් හිටියේ නැහැ එයාව ගෙදර එක්කන් යන්න. සමන්ති ගුඩිෂෙඩි බස් ස්ටෑන්ඩි එක ලගට ආවෙි මාත් එක්ක කතා කර කර. සමන්තිගේ පවුලේ විස්තර, ඒ වගේම විභාගය ඉවර වෙලා කරන්න හිතන් ඉන්න දේවල් ගැන මාත් එක්ක කිවිවා.

ඒ කියන්නේ සමන්ති එයාගේ ජිවිත කතාවෙන භාගයක්ම උඹට කිවිවා. එහෙමද?

නැහැ අසංක. ඒ කෙල්ල මාත් එක්ක කියෙවිව දේවල් මං අහන් හිටියා මිසක් මං එයාගෙන් හාරඅවුස්සලා විස්තර අහන්න ගියේ නැහැ බන්.

ඒ මොකද ඒ?...

උඹ හිතුවද ක්ලාස් එකේදි හමිබු වෙලා දවස් දෙකක් විතරක් කතා කරපු කෙල්ලෙක්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්ද කියලා පොලිසියෙන් මාල හොරුන්ගෙන් ප්‍රශ්න කරන විදිහට? නිකං ඉන්න වෙලාවට ඔළුව එහෙම අතගාලා බලපන් ඔළුවෙි අං දෙකක් තියෙනවද කියලා. මං විහිළුවට වගේ අසංකට බැන්නා.

නැහැ... මම නිකමි ඇහුවෙි.. අසංක බොහෝම අහිංසක විදිහට පිලිතුරු දුන්නා.

ඉතිං ඊට පස්සේ මොකද උනේ කියපං.

මම එදා හෙදර ගියේ සමන්තිව පිලිමතලාව බස් එකටත් නග්ගලා. සමන්ති බස් එකට නැගලා ආපහු බස් එකෙන් බැහලා මගේ ලගට දුවගෙන වගේ ආවා.

ඇවිත් උඹට ආදරෙයි කිවිවද?..

උඹෙි ඉටි ගෙඩිය... පිස්සු කියවන්නෙපා බන්. මම ආපහු අසංකට කෑගැහුවා.

එයා ඇවිත් මට අතට අත දිලා කිවිවා " සුභ පතනවා විභාගය හොදට කරන්න කියලා... පුළුවන්නමි විභාගය ඉවර වෙන අන්තිම දවසේ මෙතනදිම ආපහු හමිබු වෙමු කියලා කිවිවා.."

ඇත්තටම මම එදා ගෙදරට කොහොම ගියාද කියලා මටවත් මතක නැහැ. හරියට ඒක හීනයක් වගේයි මට දැනුනේ.

ඉතිං... උඹ ගියාද විභාගය ඉවර වෙලා සමන්තිව බලන්න..

කොහොම හරි එදා සමන්තිව අන්තිමට හමිබ උනු දවසේ ඉදලා මගේ් හිතේ කොනක සමන්ති ගැන පොඩි ආදරයක් ඇතිවුනා මචං. මම කොහොමහරි විභාගය ගොඩ දාගන්න මහන්සි උනා. එදා අපිට අන්තිමට තිබිබෙි ඉංග්‍රිසි ප්‍රශ්න පත්රය. විභාගේ ලියලා ඉවර වෙලා මම යාළුවන්ට කතා කරලා කෙලින්ම දුවන් ආවෙි ගුඩිෂෙඩි බස් හොල්ටි එකේ පිලිමතලාව බස් නතර කරන තැනට.

( මතු සමිබන්ධයි)

Saturday, February 25, 2012

අහිමිවු නුඹ....- දෙවන කොටස



හැමදාමත් හිතේ හිර කරගෙන උන්නු කාටවත් නොකිවිව දෙයක් ටිකෙන් ටික තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න කොට හිතේ ඇතිවන සැනසීම එදා රෑ මගේ හිතෙත් ඇති උනා. අසංක මගේ ලගටම වෙලා මම අමතක කරන්න උත්සහ දරන ඒ අතීත කතාව අහන් හිටියා...

ඔන්න මචං ආනන්ද සර් කිවිව විදිහට ලමයි ඔක්කෝම වගේ ඇවිත් හිටියා එදා බහිරව කන්ද නගින්න. හැබැයි මෙචිචර කාලයක් අපි නොදැනුවත්ව හිටපු එක දෙයක් ගැන එදා තමයි මමත්, මගේ යාළුවෝ සෙටි එකත් දැන ගත්තේ. අපේ පංතියේ හිටපු ගොඩාක් කොල්ලෝ, කෙල්ලෝ අතර චුටි..චුටි.. ආදර සබධතා තියෙනවා කියලා.

සාගර.. බලහංකෝ අද මුන්ගේ මුනවල් නිකං තොටලග තොරණට බල්බි දැමිමා වගේ නේ කියලා පංතියේ හිටිය ලමයින්ට ඇහෙන්නත් එක්ක අපේ සෙටි එකේ හිටිය දහමි කෑගහලා කියන කොට කටිටයම ලැජ්ජාවෙන් බිම බලාගත්තේ හරියට සයිවර් කඩෙන් කෑම කාලා සල්ලි නොදි පැනලා යද්දි මාටිටු වුනු සෙටි එකක් වගේ මුන රතු කරගෙනයි.

ඔිකට තමයි ලමයි මම අද මෙි ගමන යමු කියලා කිවිවෙි.. මං පංතියේ ඉගැන්නුවට ලමයි පංතියේදි මොකද කරන්නේ පංතියෙන් එලියේ මොනවද කරන්නේ කියලා හොදට ඇහැ ගහගෙන හිටියේ. ඉස්කොලේ යන කාලේ ආදරය කලාය කියලා ලොකු වැරැද්දක් නමි වෙන්නේ නැහැ, හැබැයි ඉගනීම කඩාකප්පල් කර ගන්නේ නැතුව. එහෙම කිවිවෙි දේශපාලන විද්‍යා පංතියේ අපේ සර්. එතකොට තමයි ලමයි ඔක්කෝම දැක්කේ සර් අපි අතරෙම තමයි ඉදලා තියෙන්නේ කියලා...

උදේ 10 වෙන කොට අපේ පංතියේ කණ්ඩායම හිමින් හිමින් බහිරව කන්දට නගිනවා.. බහිරව කන්දට නගින කොට පොඩි පොදයක් වැටුනත් ඒක ඒ තරමි ගානකට ගත්තේ නමි නැහැ කවුරුවත්. කටිටිය ඉතිං ලතාවට සිංදු කිය..කිය, විහිළු තහළු කරගෙන බහිරව කන්ද මුදුනටම එද්දි උදේ 11.30ටත් කිටිටු වෙලා තිබිබා.

අමිමෝ... අපි මෙචිචර දුරක් පයින් ආවද කියලා කවුදෝ මගෙන් අහනවා වගේ දැනුනා.

හරියට නිකං කනට මී පැණි වත්කරනවා වගේ කටහඩක්.. අපේ සෙටි එකේ කාගෙවත් නෙමෙයි කියලා මං ඉන්තේරුවටම දන්න නිසා පිටි පස්ස හැරිලා බලන කොට අර තාත්තා එක්ක කාර් එකෙන් පංතියට එන සමන්ති මගේ ලග හිටියා.

කවදාවත් මාත් එක්ක කතා නොකරපු සමන්ති මං දිහා බලාගෙන ඉන්නවා දැක්කම මටම පුදුම හිතුනා...

ඔයා මගෙන්ද ඇහුවෙි මෙචිචර දුර පයින් අපි ආවද කියලා ?... ටික වෙලාවක් ගිහිං මං සමන්තිගෙන් ඇහුවා.

ඔිවි අනේ.. ඇයි ඔයා හිතුවද මට තනියම කතා කරන්න තරමි පිස්සුවක් තියෙනවද කියලා..

සමන්ති නිකං මුන නරක් කරන් වගේ ආපහු එහෙම අහන කොට මම නිකමි කරකවලා අත ඇරියා වගේ දැනුනා...

නැහැ.. මං එහෙම හිතලා කිවිවෙි නැහැ. අදට අවුරුදු දෙකක් වෙනවා අපි දෙන්නම මෙි පංතියට ඇවිත්. අපි දෙන්නා අතර මීට කලිං වචනයක්වත් කතා කරලා නැති නිසයි මං එහෙම ඇහුවෙි.. අන්තිමෙිදි මම එහෙම උත්තරයක් දුන්නා..

ටිකක් වෙලා මං කියපු කතාව අහගෙන හිටපු සමන්ති හිනා වෙලා මං දිහා බැලුවා..

සොරි.. මාත් ඔයා එක්ක කතා නොකර ඉදලා අදම කතා කරන්න හිතුවෙි ඔයා මං දැක්ක අනෙක් ලමයින්ට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් නිසා. ඔයා කවදාවත් පංතියේදි ගැහැණු ලමයි ඉස්සරහ බොරුවට රගපාලා, කෑගහනවා මං දැකලා නැහැ. අනිත් එක ඔයා හැමදාම මම තාත්තී එක්ක ක්ලාස් එකට එනකොට පංතිය ඉස්සරහට වෙලා ඉන්නවා. ඇත්තටම මම විතරක් නෙමෙයි තාත්තී වුනත් මුලින්ම හිතුවෙි ඔයා මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන එහෙම ඉන්නවා කියලා. ඒත් මගේ යාළුවා ෂෙහානී තමයි කිවිවෙි ඔයා එතනට වෙලා ඉන්නේ ඔයාගේ යාළුවෝ එනකමි කියලා.

සමන්ති එක දිගට අර විදිහට කියාගෙන යනකොට මම පුදුම උනා.

කමක් නැහැ.. මං ඔයාට වැරැද්දක් කරලා නැහැ කියලා ඔයාම දන්නවා නේ. මට ඒ ඇති. මම එහෙම කිවිවාම සමන්ති මං දිහා බැලුවෙි ලොකු වැරැද්දක් කරලා සමාව ගන්න හොරගල් අහුලන පොඩි ලමයෙක් විදිහට.

මිහ්..ඇති යාන්තමි. අදයි මගේ හිතට සතුටක් දැනුනේ. සමන්ති එහෙම කියද්දි මම පුදුමයෙන් වගේ එයා දිහා හැරිලා බැලුවා.

ඇයි එහෙම කිවිවෙි?

නැහැ සාගර.. මම ඔයාට මෙි ටික නොකියා ලබන සතියේදි ක්ලාස් එකෙන් ගියා නමි මම හැමදාම විදවනවා හිත හොද ලමයෙක් ගැන මම වැරදියට හිතාගෙන හිටියා කියලා. එහෙම උනානමි මම හැමදාම විදවනවා සාගර.

සමන්තිගේ කටින්ම පලවෙනි වතාවට මගේ නම කියන කොට මම හිතුවා මෙචිචර වෙලා මම හීනයක්ද දැකලා තියෙන්නේ කියලා. කෝකටත් කියලා සමන්තීට හොරෙන්ම මම මගේ වමි අත කොනිත්තලා බැලුවා.. නැහැ, මං මෙි දකින්නේ හීනයක් නෙමෙයි. ඒක ඇත්තක්.

ඒකට කමක් නැහැ, දැන් ඔයාගේ හිත නිදහස් නේ.. සතුටින් ඉන්න දැන්. මම ඔයා ගැන වැරදියට හිතන්නේ නැහැ.

ගොඩාක් ස්තුතියි සාගර... සමන්ති බොහොම අහිංසක විදිහට මං දිහා හිනා වෙලා කිවිවම මාත් හිනාවුනා...

( මතු සමිබන්ධයී)

Thursday, February 23, 2012

අහිමිවු නුඹ.....


 මචං සාගර උඹ කවදාවත් බදින්න හිතන්නේ නැද්ද?

යුධ බිමෙිදි හමුවුනු එකම මිතුරා අසංක මගේ මුහුන දිහා බලන් ඇහුවෙි හරියට වැඩිමහල් සහෝදරයෙක් තමන්ගේම බාල සහෝදරයාගෙන් ප්‍රශ්න කරන විදිහටයී...

නැහැ මචං... මට දැන් කසාදයක් ගැන හිතන්න බැහැ.

ඇයි ඒ.. උඹට මොනවයින් අඩු පාඩුවක්ද? ඉන්න ගෙදරක් තියෙනවා. අමිමා තාත්තා හොද තැනකින් උඹට කසාදයක් කතා කරයිනේ මචං..

නැහැ මචෝ... උඹට මම කියන්නේ මට බදින්න බැහැයි කියන්නේ හිතකින් කියලද? නැහැ අසංක...
මම උඹට තියා කාටවත් නොකිවිව දෙයක් මගේ ජිවිතේ තියෙනවා.

ඉතිං ඔික ගැන ඔචිචර අගේ නොකර කියපන්කෝ...

මම මෙහෙම කිවිවා කියලා අහිතක හිතන්නෙපා අසංක. මම උඹට මෙි ගැන කලින් කිවිවෙි නැහැ කියලා. මම ඉස්කොලේ යන කාලේ එෆෙයාර් එකක් තිබිබා මචං. එයාගේ නම සමන්තී.
සමන්ති මට මුන ගැහුනේ අපි දෙන්නාම ආනන්ද විජේරත්න සර්ගේ නුවර දේශපාලන විද්‍යාව ක්ලාස් යන කාලේ. සමන්ති හරිම ලස්සනයි....

ආ... එහෙනමි කුමාරයා වෙිලාසනම කුමාරිකාවක් හොයාගෙන ඉදලා නේද? අසංක සුපුරුදු සැහැල්ලුවෙන් මගේ අතට පහරක් ගසන ගමන් හයියෙන් හිනාවුනා..

ඉදපංකෝ.. මම තාම කියලා ඉවර උනේ නැහැ නේ..

කියපංකෝ ඉතුරු ටිකත්..

සමන්ති හරිම ලස්සනයි වගේම තමයි එයා ටිකක් ආඩමිබරයි. නුවර මහමායා එකෙයි සමන්ති ඉගෙන ගත්තේ. සමන්ති හැමදාම පංති ආවෙි තාත්තා එක්ක කාර් එකේ. මම ඉතිං හැමදාම මගේ ඉස්කොලේ පංතියේ සෙටි එක එනකමි පංතිය ඉස්සරහට වෙලා තපින වෙලාවට තමයි සමන්ති එන්නේ පංතියට. මම හැමදාම එතනම ඉන්න නිසා සමන්තිගේ තාත්තා දවස් දෙක තුනක්ම මං දිහා අමුතු විදිහට බලනවත් මට පෙනුනා. ඒත් මචං මම ඔික ගනන් ගන්න ගියේ නැහැ බං. මොකද මම ඒ කෙල්ල දිහා බලන්න ඉන්න එතනට ගියා නෙමෙයි නේ....

ඉතිං..ඉතිං...කියපං කෝ වැල් වටාරමි නැතුව

ඔහොම ඉතිං මාස ගානක් ගෙවිලා ගියා මචං.. අන්තිමෙිදි විභාගයත් ලං වුනා. අපි කටිටියම ඉතිං මැරිගෙන රිවිෂන් පේපර් කරනවා සර්ගේ පංතියේදි. දවසක් අපේ පංතියේ සර් කිවිවා ලමයි ඔක්කෝටම දවල්ට කෑමයි, වතුර බෝතලයක් එහෙම අරගෙන බහිරව කන්ද නගින්න යමු කියලා. විභාගේට තව සති 3ක් තියෙද්දි කවුද මචං බහිරව කන්ද නගින්න යන්න හිතන්නේ. අපි ඔක්කෝම මුනට මුන බලා ගත්තම සර් කිවිවා විභාගේට අවශ්‍ය කරන ප්‍රමානෙටත් වඩා මං ඔයගොල්ලන්ට උගන්නලා තියෙනවා ඒක නිසා මාව විශ්වාස කරන ලමයි විතරක් ඉන්නවානමි ලබන සිකුරාදා ගෙවල් වලට එහෙම කියලා අවසර අරන් එන්න කියලා..

( මතු සමිබන්ධයි)

Tuesday, February 14, 2012

නිහඩ වාර්ථා රැසක් තැබු ඉන්දු-ලංකා එක්දින තරගය



අද පැවැති ඉන්දු-ලංකා එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන්වු බව අප කවුරුත් දන්නා කරුණකී. එහෙත් එම තරගයේදි ශ්‍රි ලංකා කණ්ඩායම යැවිය යුතු නියමිත පන්දු වාර 50 න් එක ඔිවරයකදි අඩු පන්දු සංඛ්‍යාවකින් අවසන් කල බව දන්නවාද?. ඒ ලසිත් මාලිංග විසින් තරගයේ යැවු 30 වන ඔිවරයේදි ඔහු යැවිවෙි පන්දු 5ක් පමනයි. බැරි වෙලාවත් ඔහු 6 වන පන්දුව යවා එම පන්දුවෙන් ඉන්දියාව ලකුණක් ලබා ගත්තානමි අද තරගයේදිත් අපට අත්වන්නේ පරාජයයි. එහෙත් එම අඩු පන්දුවාර ඔිවරයේ යැවිවෙි අපේ ක්‍රිඩකයින්ගේ වැරැද්දින් නොවෙි. එම වැරැද්ද සිදුකලේ නයිජල් ලෝංග් විනිසුරුවරයායී. ඔහු විසන් නිල වශයෙන් ලසිත් මාලිංගගේ ඔිවරය අවසන් බව සදහන් කිරිම එයට හේතුවයී.

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර මෙතෙක් එක්දින තරග 131ක් පවත්වා ඇති අතර ඉන් තරගයක ලකුණු සමවු පලමු අවස්ථාව මෙය විය. එමෙන්ම ඔස්ටේ‍රිලියාවෙි, ඇඩිලේඩි පිටියේ තරගයකදි ලකුණු සමවු පලමු අවස්ථාව ලෙසින් අද පැවති තරගය වාර්ථා පොත් අතරට එක් වෙයී.

අද තරගයේදි දෙපිලම හතරේ පහරවල් 15 බැගින් හා හයේ පහරවල් 2ක බැගින් එල්ල කිරිමද විශේෂත්වයකී. එමෙන්ම දෙපිලම ලබාදුන් අතිරේක ලකුණු සංඛ්‍යාව 8 ක් වෙයි. දෙපිලම ඔිවර් 50 අවසන් වන තෙක් ක්‍රිඩා කල අතරම ලකුණු ලබා ගැනිමෙි දල වෙිගය 4.72ක් විය. කණ්ඩායමි දෙකේම කඩුළු 9 බැගින් දැවි ගියාය...




ශ්‍රි ලංකා පිලේ 5 වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවි යන විට ලකුණු පුවරුව දිස්වුයේ 178ක් ලෙසින් අතර ඉන්දියානු පිලේ 5 වන කඩුල්ල ලෙසට ගෞතමි ගාමිභීර් දැවි යන විට එම පිලේ මුළු ලකුණු සංබ්‍යාව වුයේද 178කී. දෙපිලේම 6වන කඩුල්ල ලෙසින් පිලිවෙලින් තිසර පෙරේරා හා රවින්ද්‍ර ජඩෙිජා දැවි යන විට ලකුණු පුවරුව සටහන්ව තිබුනේ 184ක් ලෙසිනී.

කඩුල්ල මුවා කිරිමෙි වරදට හසුවි දෙපිල්ම එක් පිතිකරුවෙක් බැගින් දැවි යාමද අද තරයේදි දකින්නට ලැබුනු තවත් එක් සුවිශේෂි අවස්ථාවක් විය.
 

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර අද පැවති තරගය තවත් බොහෝ කාලයක් යන තුරු අප කාගේත් සිත්වල නොමැකිව සටහන්ව තිබෙනවා නොඅනුමානයී....


Tuesday, February 7, 2012

ඉන්දියාව අතරමං වෙයි..



කොමන්වෙල්ත් තුන් කොන් එක්දින තරගාවලියේ දෙවන තරගය ලෙස හෙට ඔස්ටේ‍රිලියාවෙි, පර්ත් හිදි ආරමිභ වීමට නියමිත ඉන්දු-ශ්‍රි ලංකා එක්දින තරගය සදහා තම කණ්ඩායම නමි කිරිමෙිදි මෙි වන විට ඉන්දීය කණ්ඩායම දැඩි පීඩනයකට ලක්ව සිටින බවට ඔස්ටේ‍රිලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වාර්ථා වෙයි.

පර්ත් හි තණතිරුව වෙිගපන්දු යවන්නන්ට උචිත තන තීරුවක් වන බැවින් හෙට දින ඉන්දීය කණ්ඩායම වෙිග පන්දු යවන්නන් සිවිදෙනෙක් සමග තරග කිරිමට නියමිත බව පැවසේ. එසේ වුවහොත් පසුගිය සෙනසුරාදා ඔස්ටේ‍රිලියාව සමග පැවැති තරගයට ක්‍රිඩා කල දගපන්දු යවන රවිචන්ද්‍ර අෂ්වීන් හා තුන් ඉරියවි ක්‍රිඩක රවින්ද්‍ර ජඩෙිජාට තම ස්ථානයන් අහිමිව යාමෙි තත්වයක් උදාව තිබෙි. එමෙන්ම ඔස්ටේ‍රිලියාව සමග පැවති තරගයේදි විවෙිකගැන්වු විරේන්ද්‍ර ෂෙවාග් ශ්‍රි ලංකාව සමග හෙට පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරිමට නියමිත වන අතර එය එසේ සිදුවුවහොත් සවීන් තෙන්දුල්කාර්ට හෝ ගෞතමි ගාමිභීර්ට හෙට තරගයේදි විවෙිකාගාරයටවී සිටිමෙි භාග්‍ය උදාවී තිබෙි.

හෙට පැවැත්වෙන තරගයේදි වෙිග පන්දු යවන්නන් සිවිදෙනා තෝරා ගැනිම සදහාද ඉන්දිය තේරිමි කමිටුවට හිසරදයක්ව ඇත්තේ සුදුස්සාට සුදුසු තැන දීම සදහා අවශ්‍ය සුදුසු වෙිග පන්දු යවන්නන්  සොයා ගැනිමෙි ඇති ගැටළුවයි. ඔස්ටේ‍රිලියාව සමග මෙතෙක් පැවති ටෙිස්ටි හා 20-20 තරගාවලියේදි සැලකිය යුතු මටිටමෙි දස්කමි දැක්වීමට ඉන්දීය වෙිග පන්දු යවන්නන් සමත් නොවීම එයට ප්‍රධානතම හේතුවයී. සහීර් ඛාන්, උමෙිෂ් යාදේවි, ඉර්ෆාන් පතන්, විනේයි කුමාර්, ප්‍රවින් කුමාර් අතර හෙට දින කණ්ඩායමට ඇතුලත් වීම සදහා තරගයක් පවතියි.

මෙි අතර හිටපු ඉන්දිය ක්‍රිඩක සුනිල් ගවස්කාර් ප්‍රකාශ කර සිටින්නේ ඉන්දිය ක්‍රිකටි තේරිමි කමිටුව විටින් විට ක්‍රිඩකයින් විවෙිකගන්වමින් සිදුකරන මෙම අත්හදා බැලිමි දැන්වත් නතර කල යුතු බවයි. ඔහු එසේ කියා සිටින්නේ ඉන්දිය පිල මෙම තරගාවලියේදි ක්‍රිඩා කරන්නේ ලොව ප්‍රබලතම කණ්ඩායමි දෙකක් සමග නිසා එය කණ්ඩායමෙි මානසික එකාග්‍රතාවයට බාධාවක් වන නිසාවෙන් බව ඉන්දීය මාධ්‍ය අද වාර්ථා කර සිටියි.
කෙසේ වෙතත් හෙට දින ඉන්දිය කණ්ඩායම නමි කිරිම සදහා දැඩි වෙහෙසක් දැරිමට ඉන්දිය කණ්ඩායමෙි පුහුණුකරු, නායක, තේරිමි කමිටු සමාජිකයින්ට දැරිමට සිදුව ඇත.

එමෙන්ම හෙට දින ශ්‍රි ලංකා පිලට වෙිග පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුලත් වීමට නියමිත බව සදහන් වෙයි. එම ක්‍රිඩකයින් නමි ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙලගෙදර හෝ ධමිමික ප්‍රසාද් වන අතර නිත්‍ය දගපන්දු යවන්නා වශයෙන් රංගන හේරත් ක්‍රිඩා කිරිමට නියමිතයි.

මෙම කණ්ඩායමි දෙක අවසන් වරට එක්දින තරගයකදි මුන ගැසුනේ 2011 වසරේ පැවති අයි.සි.සි. ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදිය.



Sunday, February 5, 2012

යුවරාජ්ට පිලිකාවක්....



ක්‍රිකටි පිටියේ කුකුල් කේන්තිකාරයෙක් මෙන්ම මදක් අහංකාර චරිතයක්වු ඉන්දිය මැදපෙල පිතිකරුවෙක් වන යුවරාජ් සිං පෙනහළු පිලිකාවකට ගොදුරුව ඇතැයි වාර්ථා වෙයි. පසුගිය ලෝක කුසලාන තරගාවලයෙන් පසු යුවරාජ් සිං ක්‍රිකටි ක්‍රිඩා පිටියෙන් මදක් ඈත්ව සිටිය අතර එයට ප්‍රධානතම හේතුව වුයේ ඔහුගේ හුස්ම ගැනීමෙිදි පැවති රෝගයක් සමිබන්ධයෙන් දිගින් දිගටම ප්‍රතිකාර ගැනිම නිසායි.

එමෙන්ම අද ඔස්ටේ‍රිලියාවෙිදි ඇරඹි කොමන්වෙල්ත් තුන්කොන් එක්දින තරගාවලිය සදහා යුවරාජ් ක්‍රිඩා කරනු ඇතැයි යන්න එරට ක්‍රිඩා ලෝලීන් විශාල ලෙස බලාපොරොත්තු තබා තිබුනත් වෛද්‍ය උපදෙස් මත ඔහුට තම අදහස අත්හරින්නට සිදුවුනු බව ඉන්දිය මාධ්‍ය වාර්ථා පල කර තිබුනා.

යුවරාජ් සිං මෙම මොහොත වන විටත් ඇමරිකාවෙි  බුස්ටන්හි විශේෂ පිලිකා රෝහලකට ඇතුළු කර ඇති අතර, ඔහුට වෛද්‍යවරු "කිමියෝතෙරපි" ප්‍රතිකාර ලබාදිම ආරමිභ කර ඇති බව ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා කියා සිටියි.

මීට පෙර පිලිකා රෝගයට ගොදුරුවුනු සුපිරි පාපැදි ක්‍රිඩක ලාන්ස් ආමිස්ට්‍රෝංන්ගේ ජිවිත කතාව ඇතුලත් පොත තමා මෙි වන විටත් කියවමින් සිටින බවත්, එය තමාට විශාල ශක්තියක් වන බව යුවරාජ් සිං ටිවීටර් පණිවිඩයක් මගින් කියා සිටියි.

2011 වසරේදි ලෝක ක්‍රිකටි කිරුල දිනා දීමට මෙම සුපිරි ක්‍රිඩකයාගෙන් ඉන්දිය පිලට විශාල දායකත්වයක් ලබාදුනී.



යුවරාජ් ඔබට ඉක්මන් සුව
අප ප්‍රාර්ථනා කරමු... මක්නිසාදයත් ක්‍රිකටි යනු මහත්වරුන්ගේ ක්‍රිඩාවයී. දුකේදිත්, සැපේදිත් අප වචනයකින් හෝ මහත්වරුන්ගේ ක්‍රිඩාවට සහයෝගය දක්වන්නෙමු...!!!

අවුරුද්දෙන්... අවුරුද්ද අපි සමරන වැලන්ටයින්



මට මතකයි මම ඉස්කොලේ යන කාලේ මගේ පංතියේ හිටපු ලමයි පෙබරවාරි මුල් සතිය වෙන කොට ගොඩාක් වෙලාවට කැන්ටිම පැත්ත පලාතේ යන්නේ නැහැ. උදේ ඉදලා දවල් වෙනකමි පංති කටි කරලා පැයෙන් පැයේ කැන්ටිමට රිංගන අපේ පංතියේ සහෝදරයින්ගේ මෙම හදිසි වෙනස්වීම මට දරාගන්න බැරි උනු තැන මම එකෙක් ලගට කිටිටු වෙලා ඇහුවා මචං.... මොකද උඹලා නොකා නොබි ඉන්නේ. කැන්ටිමෙි කෑම හොද නැද්ද කියලා. මෙන්න ඒ පාර මගේ යාළුවා මගෙන් අහනවා... මචං පෙබරවාරි 14 වැලන්ටයින් දවස. දන්නේ නැද්ද එදාට ගෑණු ලමයට මොනවා හරි දෙන්න ඔින නිසා ගෙදරින් දෙන පොකටි මනි සේවිං කරනවා කියලා.

ඔය කතාව වෙන කොට මම හිටියේ හොස්ටල් එකේ. මාව ඉතිං බලන්න ගෙදරින් එන්නේ මාස 2-3කට සැරයක් විතරයි. පොඩි කාලේ ඉදලා හොස්ටල් එකේ ඉන්න නිසා මට ඒක නිකං ගෙදර වගේ ඒ දවස්වල. ඉතිං ඔය කියන වැලන්ටයින් දිනය ගැන මගේ හිතේ ලොකු දැනීමක් තිබිබෙි නැහැ. මගේ යාළුවගෙන් ඔය කතාව ඇහුවට පස්සේ මට ඔින උනේ.. ඔය වැලන්ටයින් දවසේදි මොනවද වෙන්නේ කියලා අහගන්න.

ගොඩාක් කොල්ලෝ තමන්ගේ ගැහැණු ලමයි මුන ගැහිලා තියෙන්නේ සාමාන්‍ය පෙල විභාගයට අමතර පංති යන අතර තුරේදියි. කොහොම හරි මෙි දවස් වල ඉතිං තමන් දන්න ඔක්කෝම ශිල්ප දාලා ගැහැණු ලමයෙක්ව යාළුකර ගෙන අන්තිමෙිදි පෙබරවාරි 14 වෙනිදා තමන්ගේ හිතේ තියෙන සියළුම බලාපොරොත්තු රෝස මලකටයි, ලොකු චොකලටි එකයි, තඩි කාඩි එකකටයි ගොනු කරලා අර ගැහැණු ලමයට දෙනවා. ඔන්න ඉතිං ඊට පස්සේ අපේ යාළුවෝ ටික පහුවෙනිදාට ඉස්කොලේ එන්නේ ඇමරිකාවට ගිහිං ජෝර්ජ් බුෂ්ට හු කිවිව සෙටි එකක් විදිහට ෆුල් ආතල් එකේ.

අනේ ඉතිං... ඔය ආතල් එක ටික දවසයි. ඊට පස්සේ හොටු පෙරාගෙන අඩන එකයි, ගහ ගන්න එකයි, කෙල්ලගේ නම අතේ කවකටිටෙන් කොටා ගන්න හදන එකයි... ඔය වගේ සිද්ධි ගොඩකට මුහුන දෙනවා. මොකද්ද හේතුව අර වැලන්ටයින් දවසේ දුන්නු ලොකු චොකලටි එක රහ කර කර කාලා ඉවර වෙලා අර ගැහුනු ලමයා කියනවා අනේ මම ඔයාට කැමති නැහැ කියලා. ඉතිං අපේ සමහර එවුන් මම අර කලිං කිවිව ටික කරන්න හදනවා ඊට පස්සේ.

ඔය වගේම තමයි... අපේ පිරිමි ලමයිනුත් ගැහැණු ලමයින්ට ගොඩාක් ලොකුවට බලාපොරොත්තු දීලා වැලන්ටයින් දවසේදි ලබන අවුරුද්දේදි තවත් ගැහැණු ලමයෙක්ට අර පරන තියරි තියන කතා ටික කියලා දැලේ දාගන්නවා.

බලන් ගියාම අපි හැමෝම වැරදි කරලා තියෙනවා. මොකද වැලන්ටයින් කියන දවස පේ්‍රමවන්තයින්ට උතුමි දවසක්. ඒත් ඒ පේ්‍රමවන්ත දවස මෙි වෙන කොට විවෘත වෙලදපොල කියන ත්‍රස්තවාදි මාෆියාව විනාස කරලා. ගැහැනු පිරිමි කියලා භේදයකින් තොරව එක එක වෛයි වර්ණ බොරු සුත්තර දේවල් වලින් මිනිසුන්ගේ ඇස් අන්ධ කරලා. මෙි නිසා තමයි අද වැලන්ටයින් කියන දවසට කිසිම අරුතක් නැති වෙලා තියෙන්නේ...

වැලන්ටයින් දිනයට නෙමෙයි ... හැම දිනයකම ආදරය කරන අය, ආදරය කරන්න හිතන අය තමන් වෙනුවෙන් එන කෙනාව හොදට බලා ගන්නවා නමි, කිසිම දුකක් නොදි ආරක්ෂා කර ගන්නවා නමි, දුකේදි වගේම සැපේදිත් එකිනේ එකා වෙනුවෙන් ලංවෙලා ඉන්නවා නමි හැමදාම මෙි ලෝකයට වැලන්ටයින් තමයි....!!!!

" ලෝකයේ ඔිනම තැනකට ගිහිං කියන්න මං ආදරය හොයනවා කියලා... මිනිස්සු ඔබට හිනා වෙයි..
 මොකද ආදරය සල්ලි වලට ගන්න බැහැ.... ආදරය තියෙන්නේ තමුන් ලගමයි"...............!!!

Monday, January 23, 2012

ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි



ශ්‍රි ලංකා ක්‍රිකටි පිලේ නායකත්වයෙන් ඉල්ලා අස්විමෙි ලිපිය ටී.එමි.ඩිල්ෂාන් විසින් ක්‍රිකටි පාලක මණ්ඩලයට එවා ඇත. 2011 ලෝක කුසලාන තරගාවලියෙන් පසු කුමාර් සංගක්කාරගේ ඉල්ලා අස්විමෙන් පසු ඇතිවු නායකත්වයේ පුරප්පාඩුව සදහා තිලකරත්න ඩිල්ෂාන් පත් කෙරිනී. එංගලන්තය, ඔස්ටේ‍රිලියාව, පකිස්ථානය හා දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ටි හා එක්දින තරගාවලි සියල්කෙන්ම පරාජයට පත්විය.

ශ්‍රි ලංකා ක්‍රිකටි කණ්ඩායම දකුණු අප්‍රිකාවත් සමග පැවති අවසාන එක්දින තරග දෙකේදි ලැබු පෙරලිකාර ජයග්‍රහණයන් සමග නැවත වතාවක් ඩිල්ෂාන්ට සිය නායකත්වයේ තනතුර රැක ගැනීමට අවස්ථාව හිමිවනු ඇතියි බවටත් ප්‍රචාරයන් පැතුරුනා. කුමන හෝ කාරණාවක් මත තිලකරත්න ඩිල්ෂාන් මීට සුළු මොහොතකට පෙර සිය නායකත්වයේ ධුරයෙන් ඉල්ලා අස්විමෙි ලිපිය ශ්‍රි ලංකා ක්‍රිකටි ආයතනයට එවා තිබෙනවා.

එලැඹෙින ඔස්ටේ‍රිලියා, ඉන්දියා තුන් කොන් එක්දින තරගාවලිය සදහා මහේල ජයවර්ධන නායකත්වයට පත් කිරිම සදහා ක්‍රිකටි තේරිමි කමිටුව තිරණය කර ඇත.

ශ්‍රි ලංකා ක්‍රිකටි කණ්ඩායමෙි පුහුණුකාරධුරය දැරු ජෙෆ් මාෂ් වෙනුවට දකුණු අප්‍රිකානු පුහුණුකරු ග්‍රැහැමි ෆෝර්ඩි නුදුරේදිම වැඩභාර ගැනීමට නියමිතයි.

Monday, January 16, 2012

මතකය....



මතකද ඔයාට මාව මුලින්ම මුන ගැහුනු දවස...???

මිහ්... අර ඔයා දවසක් බස් ස්ටැන්ඩි එක ලග මල්ලි එක්ක ක්ලාස් යන්න ඉද්දි නේද???

නැ..හ්හැ අනේ...

ඔයාට මාව මුලින්ම මුන ගැහුනේ ගෝල් ෆේස් එක ලගදි.. මතක නැද්ද මගේ කුඩෙි හුලගට ගහගෙන ඇවිත් ඔයාගේ කකුල් දෙක ලග නතර උනා..

මිහ්... ඒ මගේ පිලිතුර විය.

මොකද සංඛ නිකමි මිහ්..මිහ්.. ගාන්නේ.. ඔයා කැමති නැද්ද මාත් එක්ක කතා කරන්න??
අපේ ගෙදරින් මට කොයි තරමි බලපෑමි කරනවද දැන්?

මුහුදු දෙසින් හමන දගකාර හුලග අපි දෙන්නගේම කෙස් අවුල් කරමින් ඔහේ අරමුණක් නැතුව පාවෙලා යනවා....

මුහුද ලග ඉද්දි හරිම සනීපයි නේද??? මම ඇගෙන ඇසුවා

ඔිවි ඉතිං.. ඔයාට ඉතිං හැමදාම හුලං තමයි මෙහෙම හිටියොත්...

ඇයගේ දෑස පිරි තිබුනේ තරහක් සමග මුසුවුනු දුකක්..

මං කියලා මොනවා කරන්නද තාරු.. ඉගෙන ගත්තා... රස්සාවල් වලට ඇප්ලිකේෂන් දැමිමා.. එක රස්සාවක් වත් හරි ගියේ නැහැ නේ..

අනේ නිකං ඉන්න සංඛ හැමදාම ඔය කතා ටික තමයි. මට දැන් ඔය වචන ටික අහලම එපා වෙලා...

ඇය තරහින් මිමිණුවා..

එක වරම ඉදන් හිටපු බංකුවෙන් නැගිටිට ඇය මා දෙස බැලුවෙි දවා අළු කරන තරමි තරහකින් පිරුනු බැල්මකින්..

සංඛ මම යනවා. මෙික හැමදාම කරන්න බැහැ....

මං ඔයාට දවස් 7ක් කල් දෙන්නමි.. ඉක්මනට ඔයා රස්සාවක් හොයන් අපේ ගෙදරට ඇවිත් අපි දෙන්නගේ සමිබන්ධය ගැන ගෙදරින් කැමැත්ත ගන්න. නැත්නමි අපි මෙි සමිබන්ධය නතර කරමු.

එහෙම කිවිව ඇය එක්වරම ගාලු මුවදොර හෝටලයත් පහු කරන් යන්න ගියා...

අන්තිමෙිදි කිසිම රැකියාවක් නොලැබුනු තැන පත්තරේ තිබිබ දැන්විමක් දැකලා මම යුද්ධ හමුදාවෙි සේවය සදහා ඉල්ලුමි පතක් පුරවලා දැමිමා...

පුහුණුවට යන්න කලිං දවසේ ඇගේ ගෙදරට ගිය මම හමුදා පුහුණුව සදහා යන බවත්.. පුහුණුව අවසන් කිරිමට වසර 4 කට කාලයක් ගතවන නිසා මගේත් ඇගෙත් සමිබන්ධයට අවසර ගන්න..

හොදයි පුතා... තව අවුරුදු හතරයි නේ. ඒක ඉක්මනට ගෙවිලා යයි. පුතා එනකමි දුව බලන් ඉදිවි..

ඇගේ පියාගේ කතාව මගේ හිතට ලොකු ශක්තියක් උනා.

ඔයා එහෙමි මම එනකමි පරිස්සමින් ඉන්න.. මං එහෙම කියලා අවසානයේදි ඇයගේ ඔළුව අත ගාලා සමුදුන්නා..

පුරා වසර 4ක කාලයක් නොවිදිනා දුක් විදගෙන පුහුණුවීමි කරලා අවසානයේදි දෙවැනි ලුතිනන්වරයෙක් විදිහට මම හමුදාවට එක් උනා.

දියතලාවෙි පැවැත්වුනු අපගේ විසිරි යෑමෙි පෙලපාලියට ඇය ඇවිත් හිටියේ මගේ දෙමවිපියන් එක්ක. එදා හරිම සතුටු හිතන දවසක් උනා මගේ ජිවිතයේදි..

හතරවන ඊලාමි යුද්ධයේ ඇරඹිලා තිබුනු නිසා අපිට දවස් 5 ක කෙටි නිවාඩුවකින් පස්සේ ක්‍රියාන්විත ප්‍රදේශයේ රාජකාරි සදහා පිටත් වෙන්න උනා...

දින...සති...මාස වලට පෙරලුනා.. මම ඇයවත්..ඇය මාවත් නොදැක ගෙවි යන 4වන මාසයයී මෙි.

සුපුරුදු විදිහට එදත් කොටි ත්‍රස්තවාදින්ට අයත් භුමි ප්‍රදේශයක් අල්ලා ගන්න මෙහෙයුමක් දියත් වෙමින් තිබුනා...

හරියටම උදේ 10 පහුවුනා වගේ මතකයි..

කොටින් එල්ල කරපු කාලතුවක්කු උණ්ඩයක් මට මිටර් 50-60ක් ඉදිරියෙන් පුපුරා ගියා...

ආපහු මං සිහිය එනකොට හිටියේ ඉස්පිරිතාලේ ඇදක් උඩ. කතා කරගන්න තරමිවත් හයියක් නොතිබුනත් ටිකක් වෙලා යන කොට ඔළුව පිපිරෙන්න වගේ වෙිදනාවක් ආවා...

එචිචරයි මට මතක.. මට ආපහු සිහිය නැති උනා...

කොහොම කොහොම හරි මාස 8කට පස්සේ මම ටිකටි කපාගෙන ගෙදර ආවා...

සතියක් විතර යනකොට මම ආපහු පරන තත්වෙටම පත්උනා...

අමිමෙි... අමිමෙි... ඇදේ ඉදලා මං කෑගැහුවෙි දෙයක් දැන ගන්න තිබිබ ලොකු ඔින කමක් නිසා...

තාරුකා ආවද අමිමෙි ඉස්පිරිතාලේට මාව බලන්න...

ඔි...ඔිවි....ඔිවි පුතේ.. ඒ දැරිවි ආවා...

ඒත් පුතාට සිහිය තිබුනේ නැහැ නේ..

මාසයක් විතර ගියා.. ඒත් ඒ එක දවසක් වත් ඇය මාව බලන්න ආවෙි නැහැ. ඇගේ ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තම එහා පැත්තෙන් කියවුනේ පුතා අපේ දුව දැන් රස්සාවකට යනවා.. ඉතිං එයා එද්දි ගොඩක් රෑ වෙනවා. ඔයා කතා කලා කියලා කියන්නමිකෝ කියලයි...

දවසින්... දවස.. මගේ ඇගේ තිබිබ තුවාල කැලල් මැකිලා යන්න පටන් ගත්තා.

ගොඩක් දවස් ගෙදරම හිටපු නිසා එදා සෙනසුරාදා දවසක් නිසාත් මම තිරණය කලා ගාළු මුවදොර පිටිටනියට යන්න. හැමදාම වගේ මම එතනට වෙලා ඉන්න ආස කලා..

සාරංග මල්ලිගේ ත්‍රිවිල් එකෙන් ඇවිත් ගාළුමුවදොර පිටිටනියේ මුහුද ලගට වෙන්න හදලා තිබිබ සිමෙන්ති බංකුව උඩ ඉද ගත්තේ එදා අන්තිමටම මම තාරුත් එක්ක මෙතනදි කතා කරපු දේවල් හිත ඇතුලෙන්ම තවත් පාරක් මතක් කර ගන්නා ගමන්මයි...

දන්නවද??....

මගේ එක කකුලක් සදහටම මට අහිිමි උනා එදා වුනු පිපිරිමෙන්... තාමත් ගාළුමුවදොර පිටිටනියේ සිමෙන්ති බංකුව උඩ ඉදගෙන මගෙන් ඈත්ව ගියපු ඒ මතකය මම නැවත නැවතත් මතක් කරනවා...

අද තාරුකා මංලග නැහැ... කකුලක් නැති මං වගේ අබිබගාතයෙක්ට අත්වැල් අල්ලන එක එයාට මදිපුංචිකමක් කියලා හිතන්න ඇති...

කමක් නැහැ... මට හිත හදා ගන්න පුලුවං..

ඒත් ඇයි තාරුකාට අමතක වුනේ.. මම හමුදාවට ගියේ එයා හින්දා කියලා..
එයාට ආදරේ කරපු නිසා තමයි මම ඒ වගේ තීරණයක් ගත්තේ...

කමක් නැහැ... හැමදාම තාරුකා සතුටින් ඉන්න ඔින... එයාගේ ජිවිත කාලේ පුරාවටම...

Saturday, January 14, 2012

ඈතට යන්නද..



ලගින් උන්නු කාලයේදි පෙමි කරපු නිසා
දුරින් ඉද්දි ආදරේ නැහැ කියලා හිතුවාදෝ..
කොහොම හිතුවත් ඔබ
නැහැ දන්නේ යථාර්ථය මං ගැන

හැමදාම මෙහෙම ඉන්න පුලුවංද මට?
කවද්ද එන්නේ අපේ දිහා...
අමිමලා බලන් ඉන්නේ නැහැ තවදුරටත්
ගනිවි තීරණයක් මං ගැන ඉක්මනටම.....

මොනව කරන්නද මම..
සිරවි ඇත මම හතර අතින්
කාට කියන්නද මගේ හිතේ දුක...
ලියනවා හැර මෙි බලොග් අවකාසෙට හැර