Sunday, May 13, 2012

නික්ම ගියත් ඔබ.....


" ලියලා තියෙන ටික කියවන්න හරි අමාරුයි. අකුරු ටිකක් ලොකු කලොත් වයසක අපිට කියවන්න ලේසියි" බිලොග්කරණයට අත්පොත් තිබිබ මගේ කුළුදුල් නිර්මාණය කියවලා කමෙන්ටුවක් පලකරපු ඔබා මාමා කවුරුත් කියන්න වගේ හැමදාම ඇවිත් ඒ ලියුව පුද්ගලයාගේ හිතට ශක්තියක් වුනා.

ඔබා මාමා ගැන මම මුලින්ම දැනගත්තේ අහමිබෙන් " අන්තිම පේලියේ" ලියලා තිබිබ කතාවකින්. එදා ඉදලා මම ඔබා මාමාගේ රසිකයෙක් උනා. බිලොග් එකක් ලියන්න කවදාවත් හිතුවෙි නැති මම ඒ ආසාව ඇති කරන්න ඔබා මාමා නිහඩ උපකාරයක් උනා.

මම යුද්දේ ගැන ලියද්දි සමහර දවස්වලට ඔබා මාමා ඒ ලිපිවලට කොමෙන්ටුවක් දාලා යන්නේ වැරද්දක්, අඩුපාඩුවක් තියේනමි එක ගැනත් අවධානය යොමු කරවලයි. ඉතිං ඔබා මාමෙි ඔයා දැන් අපි ලියන දේවල් කියවන්න එන්නේ නැති උනාට තරහක් නැහැ. මොකද ඔබා මාමා අපි අතරේ හැමදාම ඉන්න නිසා.

මෙි ලෝකයේ හතරදිග් භාගයේ ඉදලා බිලොග්කරණයේ යෙදෙන හැමෝම අද ඔබා මාමා වෙනුවෙන් දුක් වෙන්නේ ඒ ඔයා අපිට ඒතරමිම වටින කෙනෙක් නිසයි. ඔබා මාමෙි ඔයා අපි ලග නැති අඩුව හැමදාම අපේ හිත්වල තියේවි.

සොදුරු මිනිසාණනී ඔබට මොක්සුව.....!!!



1 comment:

Anonymous said...

nodutu nohadunna obata niwan suwa patami.(obage comment walata ma priya kalemi)