Wednesday, November 30, 2011

අපුරු මතකය-1


මෙම සිද්ධිය වෙනකොට මං උසස් පෙල විභාගේ කරන කාලේ. මගේ ගම නමි ඉතිං පිහිටලා නමි තියෙන්නේ නැගෙනහිර පලාතේ. ඉතිං හා..හා.. පුරා උසස් පෙල පංති යන්න කියලා ගෙදරින් ගෙනත් නතර කලේ නුවර. එහේ හිටියා අපේ නැන්දලගේ ගෙදර තමයි මට නතර වෙන්න ලෑස්ති කරලා තිවුනේ.
ඔන්න ඉතිං දවස් පහක ඉදලා නැන්දලගේ ගෙදර නතර වෙන්න යන්න ඔින කරන අඩුම කුඩුම ටික ලෑස්ති කර ගන්නම වැය වුනා. ඔය අතරේ ඉතිං කන් දෙක පිරෙන්නම උපදෙස්. පුතේ නැන්දලාගේ ගෙදර උනත් මෙහේ වගේ වැඩියෙන් කන්න එපා. ( තාත්තා බය උනාද දන්නේ නැහැ නැන්දට මාසේ අන්තිමෙිදි ලොකු ගානක් ගෙවන්න වෙයි කියලා.) අවෙිලාවෙි නාන්න එපා, සරම ඇදන් එලියට යන්නෙපා කාමරෙන් එහෙම... ඔන්න ඔහොම කන්දෙකට අගුල් වැටෙන ගානට විස්තර ටික සවිස්තරාත්මකව අහගෙන හිටපු මං තිරණය කලා මෙදා පාරනමි උසස් පෙල විභාගයෙන් හොදම විදිහට සමත් වෙන්න ඔින කියලා.

ඔන්න ඉතිිං ඉරිදා දවසක උදේ 5.30ට තිබිබ බස් එකෙන් ත්‍රිකුණාමලේ ඉදලා නුවර බලා තාත්තයි, මමයි පිටත්වුනා. ඔන්න ඉතිං 10 වෙනකොට වගේ ආවා නුවරට. හරියට නිකං කරකවලා අතහැරියා වගේ ටවුම දැක්ක ගමන්. එහෙන්...මෙහෙන්..වාහන යනවා හෝර්න් හඩ තලා ගෙන. ඊටත් පැය භාගයකට පස්සේ අපි ආවා නැන්දලගේ ගෙදරට ආවා. ගෙදර ඉස්සරහම හිටියා අවුරුදු තුනක-හතරක විතර කොලු පැටියෙක්. ඒ අපේ නැන්දගේ ලොකු දුවගේ පුතා. අනුෂ අක්කයි එයාගේ මහත්තයයි දෙන්නම වැඩ කරන්නේ බැංකුවෙන්.

කොහොම හරි නැන්දලගේ ගෙදරින් තිබුනේ මට ලොකු පිලිගැනීමක්. මොකද නැන්දගේ පුතාලා දෙන්නම හිටියේ පිටරට. ඉතිං අයියලගේ කාමරේ තමයි මට නතර වෙන්න ලෑස්ති කරලා තිබිබෙි. කියන්න තරමි වරදක් නමි නැහැ කාමරේනමි.

දවල්ට කාලා එහෙම තාත්තා ආපහු ත්‍රිකුණාමලේ යන්න පිටත්වුනා. හැම තාත්තා කෙනෙක්ටම වඩා මගේ තාත්තා හරි වෙනස් පුද්ගලයෙක්. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් උනු මගේ තාත්තා ඉතාම සරල මනුස්සයෙක්. කාටවත් කරදරයක් නොකර පාඩුවෙි ඉන්න කෙනෙක්. කවදාවත් තාත්තා එයාගේ හිතේ මටයි, නංගිට, මල්ලිටයි තිබිබ ආදරේ එලිපිට පෙන්නුවෙි නැහැ. අපිට මොනවහරි දෙයක් ඔින උනා නමි එක ඉල්ලුවෙි අමිමා හරහා.

එදා හවස් වෙනකොට අනුෂා අක්කයි, දුමින්ද අයියයී වැඩ ඇරිලා ගෙදර ආවා. ඒ එනකොටත් අක්කගේ පොඩි එකා බිම ඉදගෙන සොනික් කියන කාටුන් එක බලනවා. පොරගේ කැමතිම චරිතේ තමයි කාටුන් එකේ ඉන්න රොබෝ ටික්කා කියන කෙනා. පොඩි එකා උනාට මොකද ඒකා අංකුටිටා කියලා මට තේරුනේ නැන්දලාගේ ගෙදරට පය ගහලා පැයක් යන්න කලිං. මොකද මං බලනකොට රොබෝ ටික්කා ඉන්නවා අල්ලපු ගෙදර දිහා බලාගෙන. මමත් නිකං ඉන්න බැරිකමට ඒ පැත්ත දිහා බලනකොට මෙයා බැල්ම දාගෙන ඉන්නේ එහා ගෙදර ඉන්න පොඩි ගැහුනු ලමයා දිහාට. ඒ පාර මං ඇහුවා පුතා මොනවද බලන්නේ කියලා.. මෙිකා ගත්ත කටටම කිවිවෙි නැතැයි ඒ මගේ කෑල්ල කියලා. ඔන්න ඉතිං මෙි පොඩි එකා එක්ක තමයි මට ඉදිරියේදි මාස 6ක කාලයක් ඉන්න වෙන්නේ..!!! මට මොනව වෙයිිද කියලා හිතාගන්නවත් බැරිවෙන බව නමි මට දැන් හොදටම ෂුවර්...

මතුසමිබන්ධයි.....

Tuesday, November 29, 2011

ඉදිරියේදි ඔබත් එන්න... ඇවිද යන්න.....!!!!

ජිවිතයේ එක්....එක්...කාල සිමාවන් වලදි අපිට විවිධ ආකාරයේ මිනිසුන් මුණගැසෙනවා. සමහර අය ඉක්මනින් අපේ ජිවිත වලට ඇවිත් හුලගක් වගේ ඉක්මනින්ම යනවා....
තවත් සමහරු අපේ ජිවිත කාලය පුරාවටම ලග ඉන්නවා... එත් ඒ අය අපි ලග හිටියද කියලවත් දන්නේ නැහැ. මොකද ඒ අය අපේ ජිවිත වලට කිසිම ආදරයක් නැති අය....
මෙි වගේ ගොඩාක් අය මගේ ජිවිත කාලය තුලදි මුන ගැසිලා තියෙනවා...!!!!

මෙි විදිහේ මගේ ජිවිතයේ වෙචිච දේවල් ගැන ඉදිරියේදි ඔබලා එක්ක බෙදා හදා ගන්නමි.... ඔබලාගෙන් ලැබෙන ප්‍රතිචාර මත මගේ මෙි කතාවල ඉදිරිගමන තිරණය වෙිවී!!!!!

Friday, November 25, 2011

අපුරු මතක

ජිවිතයේ මතක අතර හිතේ කොනක තවතමත් කාටවත් නොකියු කතා ගොඩක් රැදිලා තියනවා. ඒ එක් එක් කතාව ඉදිරියේදි ඔබලා එක්ක බෙදා හදා ගන්නයි මෙි ඇරඹුම. හැමදාම වගේ ඔබලාගේ ශක්තිය මට උපකාරයක් වෙිවී!!!!

අපුරු මතක