Wednesday, December 7, 2011

ගොන් පිනා එන්න කලිං මං ගහෙන් බහින්නද?



ඔන්න මං ඔයාලට කිවිවනේ මගේ ඉස්කොලේ ගැන. දැන් ඉතිං ශිෂ්‍ය නායකයෝ වෙචිච නිසා මටයි, දතාටයි ඉතිං නිදහසක් කියලා දෙයක් නමි දැන් නමටවත් ඉතුරු උනේ නැහැ. මොකද උදේ පාන්දර ඉස්කෝලේට එන්න වෙනවා. ඉස්කොලේ වත්ත අතුගාන වැඩ හරියට වෙනවද කියලා හොයලා බලන්න ඔනා. ඒ මදිවට ආදරේ කරන එවුන් පස්සේ පන්නගෙන යන්න ඔන. ඉතිං වැඩ කෝටියයී.
ඔහොම ඉතිං නිදහසක් නැති කටිට කාගෙන යනකොට දවසක් ඉස්කොලේ රැස්වීම තිබිබා. ඉතිං සුපුරුදු පරිදි ලමයි පෝලිමෙි ඉදන් අපේ විදුහල්පතිතුමාගේ කතාවට ඇහුමිකන් දෙනවා.
රැස්වීම අවසාන හරිය යනකොට විදුහල්පතිතුමා කියනවා මෙන්න මෙහෙම...
" ලමයී.. මෙි වසරෙත් අපේ පාසැලේ නිවාසාන්තර ක්‍රිඩා තරගය ( ස්පෝර්ටි මිටි) එක අහවල් දවසේ තියනවා. අද විවෙික කාලයෙන් පස්සේ අදාල පංතිවලට එවන නාම ලැයිස්තුව අනුව අදාල නිවාස රැස්වීමි තියන තැන්වලට ගිහීං එවට සහභාගිවන්න. හෙට ඉදලා පුහුණුවිමි කටයුතු කරන්න පුලුවං. මෙි මාසය අවසානයේදි ක්‍රිඩා උත්සවය පවත්වනවා කියලා..

ඔය වචන ටික ඇහුනා විතරයි ශිෂ්‍ය නායක/නායිකාවන්ගේ මුනවල් ටික දිලිසෙන ටකරන් වගේ වෙනවා මට පෙනුනේ බොද වෙන ඇස් අතරින්. ඇයි ඉතිං නිකන්වත් විනය කඩවීමක් වුනොත් අපි සෙටි එකට ඊලග සතියේ ස්ටෙිජ් එකට නැගලම කන් පිරෙන්න අහගන්න පුලුවංකම තියෙනවානෙ.

ඔන්න ඉතිං දැන් මෙි කාලේ තමයි පොඩි මල්ලිලා නංගිලව දපනේ දාගන්න ට්‍රයි කරන්නේ. හැබැයි මෙි එකම දෙයක්වත් අශෝභන කමට නෙමෙයි වයසේ වැරැද්ද. කොටින්ම කියනවානමි ඔය තත්වය මගහරවා ගන්න අපි කටිටිය වෙනම කණ්ඩායමි දෙකක් බෙදුවා. ඒ තමයි හැම පංතියක්ම නොකියා පරික්ෂා කරන්න.
අපේ අදහස විදුහල්පතිතුමාට එහෙම කියලා පහුවෙනිදා උදේන්ම පටං ගත්තා කියමු. මට අද වගේ මතකයි බිලැක්නයිටි ජෙල් පැකටි 22, චොකලටි 12ක් ඇතුළුව බඩු සෙටි එකක්ම අත් අඩංගුවට ගන්න අපිට හැකිඋනා.
ඉතිං ඔය බඩු වලින් විදුහල්පතිතුමාට භාරනොදි අදාල අයිතිකරුවන්ට අවවාද කරලා ජෙල් පැකටි ටික විතරක් නැවත ඔවුන්ට දිලා චොකලටි ටික අපි තියාගත්තා පරිස්සමි කරලා ආපහු දෙන්නමි කියලා. ( ඒවා තාමත් පරිස්සමින් ඇති කාපු එවුන් ලග...හික්ස්)

දින..සති ගෙවිලා ගියා. නිවාසාන්තර ක්‍රිඩා තරගයට තව සතියයී. ලමයි, ගුරුවරුයි කරට කර වැඩ. අන්තිම වැඩෙි තමයි අදාල එක්..එක් කණ්ඩායමි තමන්ගේම කියලා නිවාසයක් හදාගන්න වැඩෙිට සෙටි වෙන එක. ඉතිං ඔය වැඩෙිට අදාල කණ්ඩායමිවල ජේෂ්ඨ සිසුන් ඉතිං හදන්න ඔින නිවාසවල සැලසුමි අදිනවා. ( මට තාම කියන්න පුලුවං ඔය සැලැසුමි ඇන්ද එකෙක්ටවත් චිත්‍ර පාඩමෙිදි ගහක් අදින්න බැරි වෙචිච එවුන්).

ඉතිං මමත්, දතා, ඩුප්ලිකේටි වික්ටර් රත්නයාක නොහොත් මාලිකත් හිටියේ එකම නිවාසයක. අපිත් අනිත් අයත් එක්ක එකතු වෙලා පිදුරු සෙවිලි කරපු ලස්සන ගෙයක් හදලා ක්‍රිඩා තරගයට කලිං දවසේ සරසන වැඩ ටික පටං ගත්තා. ඔන්න දවල් ඉදලා වැඩ කරලා කටිටියටම පාන් කියා ගන්න බැහැ. දන්නවනේ ත්‍රිකුණාමලයේ තියෙන සීතල. දිව ගිලෙන්න තිබහයී. වතුර පයින්ටි ගානට බිවිවත් තිබහනමි යන්නේ නැහැ.
ඔය අතරේදි මාලික අපුරු අදහසක් යෝජනා කලා. මචං, ගුරු නිවාසයට එහා පැත්තේ තියෙන තැඹිලි ගහේ හොද ගෙඩි ටිකක් තියෙනවා. කඩමුද?...
පාප මිත්‍රයෝ කොහේ ගියත් අඩු නැතුව ඉන්න නිසාද මන්දා, අපි ඔක්කෝම වැඩෙිට සෙටි උනා.
මුලින්ම මමයී, දතයි ගිහිං බලන් ආවා විදුහල්පති ඉන්නවාද කියලා ගුරු නිවාසයේ. ඉන්න පාටක්වත් නැහැ. ඔය අතරේ 11 වසරේ පොඩි එකෙක් කිවිවා අයියේ සර්.. බයික් එකේ ටවුමට යනවා දැක්කා කියලා. ඉතිං තවත් කුමටද ප්‍රමාදයන්.
කටිටීයම ගියා තැඹිලි ගහ ලගට. යෝජනාව ගෙනාපු එකාම ගහට නගීන්නත් තීරණය කලා. අනිත් අය එහෙට මෙහෙට වෙලා ඔත්තු බලනවා. විනාඩි 5ක් යද්දි මාලික ගහ උඩ. දැන් මිනිහ එක අතකින් ගහ බදාගෙන අනීත් අතින් එක..එක තැඹිලි ගෙඩිය ගානේ කරකව..කරකව බොහොම අමාරුවෙන් කඩලා දානවා පල්ලේහාට. ගහ පාමුල ඉදන් දතායි, තවත් දෙන්නෙකුයි තැඹිලි ගෙඩි බිමවැටෙන්න නොදි අල්ල ගන්නවා.
විනාඩි 10ක් විතර යද්දි ගුරු නිවාසයට ටිකක් ලගින් තියෙන බිල්ඩින් එක හරියෙන් දන්න කියන මුනක් මතුඋනා. ඇස් දෙක හොදට පිහදාලම බැලුවා තිබහා නිසා මට විකාර හීනයක්වත් පේනවද කියලා. නැහැ වැඩෙි ඇත්ත... ඔය යස අගේට එන්නේ අපේ විදුහල්පතිතුමා ගුරු නිවාසේ පැත්තට.
තත්පර ගානට ගහ ලගට දුවපු මං දතාටයි, අනිත් එවුන් දෙන්නටයි කිවිවා තාප්පෙන් එහා පැත්තට පැනලා හැංගෙන්න කියලා කඩපු තැඹිිලි ටිකත් එක්කම.
මාලිකටත් ගහ උඩම ඉන්න කියලා එහා පැත්තේ ගුරු නිවාසේ පිටිපස්සේ තිබිබ කෙසෙල් ගහට මංමුවා උනේ පපුවෙි ඩයිනමයිටි පිපිරෙද්දි.

විනාඩි 10ක් විතර ගියත් ගුරු නිවාසේ පැත්තෙන් සද්දයක්වත් නැති නිසා කෙහෙල් පදුරු අස්සෙන් ඔලුව දාලා බලද්දි දැක්කේ විදුහල්පතිතුමා තැඹිලි ගහ ලගට වෙලා උඩං බලන් ඉන්න විදිහත් මාලික හිමිං සැරේ ගහෙන් බහින හැටියී. මමත් මොනවත් නොදන්න ගානට වටයක් කැරකිලා ගියා බලන්න ගුරු නිවාසේ පැත්තට මොකද උනේ කියලා. මට එතනට යද්දි ඇහෙනවා විදුහල්පතිතුමා මාලිකට මෙහෙම කියනවා...

මට තැඹිලි කැඩුවට දුක නැහැ. ලමයි උනාම පොඩිඩක් දගවැඩ කරන එක සාමාන්‍යයී. එත් මං අචිචර ගහෙන් බහිද්දි තමුන් කියපු කතාව ගැනනමි හිතාගන්න බැහැ තාමත්. මිහ්..මිහ්..යනවා දැන් ඉතිං මෙතනින් කියලා.

මාලික ගුරු නිවාසෙන් එලියට එද්දි මං ඇහුවා ඇයි ගෝබිලෝ සර් එනවා කියලා උඹට කිවිවා ඇහුනේ නැද්ද කියලා.
ඇහුනා තමයි මචං..
" ටික වෙලාවකින් යුනිෆොමි ගහං ඉන්න එකෙක් ගහ පාමුල හිටපු නිසා මං ඇහුවා යකෝ...තව තැඹිලි ඔිනද නැත්නමි මං අර ගොන් වස්සා (ප්‍රින්සිපල්) එන්න කලිං මෙතනින් බහින්නද කියලා..."
මල හුටිප්පරයයී...
මෙිකා ගහ උඩ ඉදන් අපි සෙටි එක කියලා රැවටිලා තියෙන්නේ විදුහල්පතීතුමාට.
ඊට පසුදා ඉදලා අපේ ගරුකටයුතු විදුහල්පතිතුමා තමාට ආවෙිනිකවුනු සුදු පාට ෂර්ටි එක හා කලිසම ඇදිමෙන් වැලකුනා.. හැබැයි මාලිකට ඊට පස්සේ කවදාවත් පංතියේ සිංදු කිවිවා කියලා ගැහුවෙිනමි නැහැ.

මගේ පාසැල් ජීවිතය...



(හිරැ බැස යන මොහොතක ත්‍රිකුණාමලය වරාය අපේ පාසලට පෙනන අයුරු)

මට ඉස්කෝල දෙකක ඉගෙන ගන්න සිද්ධවුනා. ප්‍රාථමික අංශයේ ඉදලා අ.පො.ස. (සා.පෙ) දක්වා කොලඹ පාසලකටත්, ඉන් පස්සේ උසස් පෙල කරන්න කියලා ත්‍රිකුණාමලයේ පාසලකටත් යන්න මට සිද්ධඋනා.
කොහොමින් හරි ඔය පාසැල් දෙකේම මම හොදම කාලය ගතකලේ නමි ත්‍රිකුණාමලයේදි. දෙවනියට ඇතුල්උනු පාසැල මිශ්‍ර පාසැලක් නිසා මටනමි ටික කාලයක් ගතවුනා ඒ තත්වයට හැඩ ගැහෙන්න. පාසැලට ආව මුල්ම සති දෙකෙදි නවකවදයත් එහෙම ටිකක් ලැබුනා කරන්න නිකං ප්‍රධාන ආහාර වෙලට පස්සේ ලැබෙන අතුරුපස ක්‍රමයට වගේ.

මාස 3-4ක් ගතවෙන කොට වගේ උසස් පෙල පංතිවල හිටිය ජේෂ්ඨයෝ වගේම අපේ පංතිවල හිටිය සෙටි එකත් එක්ක මම දැන් හෙනම ෆිටි. හැබැයි අපේ පංතිවල හිටියෝ අමුතුම කොල්ලෝ ටිකක්. එකෙක් හිටියා ඔිබ්‍රි කියලා, මිනිහාට තමයි ඉංග්‍රිසි ඉගෙන ගන්න ලොකුම අමාරුවක් තිබිබෙි. මොකද අනිත් උන් ඉංග්‍රිසි උගන්වන ටීචර් එන්න කලිං පංතියෙන් එලියට යනවා. මොකද ටීචර් ඇවිත් එලියට යවද්දි ගැහැණු ලමයි ඉස්සරහ නෝන්ඩි වෙන්න බැරි නිසා.
තව කොල්ලෙක් හිටියා මාලික කියලා හැබැයි ඩුප්ලිකේටි වික්ටර් රත්නායක විදිහට කොන්ඩෙත් රැවුලත් ඒ විදිහට වවාගෙන එන්න එකා ෆුල් ට්‍රයිකලාට මොකටද වැඩෙි හරියන්නේම නැහැ ශිෂ්‍ය නායකයෝ දැක්ක ගමන් මිනිහට නොමිලේ සැලෝන් එකට යවනවා. තවත් වැදගත් දෙයක් තමයි ඔිකට පංති කාමරය අතුගාන කොස්ස පේන්න බැහැ. දවසක් මිනිහ පංතියේ ගුරුවරයෙක් නැති වෙලාවෙි පුටුව උඩට නැගලා කොස්ස නිකං මයික් එක විදිහට හිතාගෙන කියනවා ලස්සන සිංදුවක්. අපිත් ඉතිං ඔක අහගෙන ඉන්නවා... කවුරුත් දැක්කේ නැහැ අපේ ප්‍රින්සිපල් සර් දොර ලගට වෙලා වෙිවැලත් අතේ තියං මාලිකගේ සහජ හැකියාව නරඹන බව.. එදානමි මිනිහට මතක හිටින්නත් එක්ක වෙිවැල් කසාය හැලියක්ම ලබාදුන්නා සමුපකාර ක්‍රමයට.
ඔය විදිහේ අරුම පුදුම ගතී තියන සෙටි එකත් එක්ක පුරා අවුරුද්දක් හිටියා. වලිනමි තිබුනේම නැහැ අපි අතරේ. මොකද ගමෙි ඉස්කොලේ නිසා කොහෙන් කොහෙන් හරි නෑකමක් ගැවීලා තිබුනා කොල්ලෝ අතර.

අළුත් අවුරුද්දේ මටයි, තව අපේ පංතියේ හිටිය දතාටයි (ධනුෂ්ක) අලුතින් පටිටමි දෙකක් ලැබුනා. ශිෂ්‍යනායකද මොකක්ද කියලා. දතා ප්‍රධාන එකා..මං දෙවැනියා. මාරම ආතල්. කොහොමහරි පටිටමි පලදපු දවසේ විදුහල්පතිතුමා මගෙයි, දතාගෙයි ඔලුව අතගාලා කිවිවෙි ඉස්කොලේ විතරක් නෙමෙයි උඹලා දෙන්නගෙත් විනය හදාගනින් කියලයි. (ඒ තරමටම අපි හොදයි)....

අපි පාසැලේදි ඉතා සතුටින් කාලය ගතකලා. ඉස්කොලේ පිහිටලා තිබිබෙි ත්‍රිකුණාමලය වරාය ඉදිරිපිටට වෙන්න. හවස් කාලයේදිනමි කියලා වැඩක් නැහැ. ඒ තරමට ලස්සන පරිසරයක් තිබිබෙි. ඔය විදිහට පාසැලේ ඉන්න කාලේ නමි කරපු හොර වැඩනමි තිබිබා කෝටියක් විතර. හැබැයි ඒ එකක්වත් නරක එවා නෙමෙයි. ඉතාම අහිංසක විහිළු විතරයි...

( මතුසමිබන්ධයී)

Saturday, December 3, 2011

වෙඩි තියන්නයි යන්නේ.... ඇදේට දුවපං .. ඇදේට දුවපං

මෙි සිද්ධිය නමි උනේ මිට වසර 6කට විතර උඩදි. හැබැයි මෙි සිද්ධියට නමි උනේ නුවරදි නෙමෙයි. කුරුණෑගල ඉන්නවා අපේ තාත්තගේ යහලුවෙක්. නම නමි කියන්න බැහැ මොකද ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්. කොහොම හරි අපේ පවුලෙයි, ඒ පවුලෙයි හිතවත්කම නමි දිගටම තිබුනා.

දවසක් විභාගය එහෙම ඉවරවෙලා මම ආපහු ත්‍රිකුණාමලයට ඇවිත් ඉද්දි කොමිපියුටර් කොර්ස් එකක් කරන්න කියලා තාත්තා කිවිවා. මොනවා උනත් විභාගයේ ප්‍රථිඵල එන්න දවස් තියන නිසා මම කුරුණෑගල ඉන්න තාත්තාගේ යාළුවාගේ ගෙදර ඉදන් ක්ලාස් යන්න පටන් ගත්තා. සතියට දවස් 4ක් පැය 3 ගානේ ක්ලාස් තිබිබා. ඒ අංකල්ගේ ගෙදර හිටියෙත් පිරිමි ලමයි 4 දෙනෙක්. කතා කරලා වැඩක් නැහැ. පිස්සු ලෝකයක් ඒ ගෙදර. කොයි වෙලාවෙත් විහිලු තහලුවෙන් පිරිචිච තැනක්.

ඔය අතරේ කුරුණෑගල මහ නගර සභාවෙි ජන්දය පවත්වන්න නගර සභාවෙි මන්ත්‍රි කණ්ඩායම විසුරුවා. කොහොම හරි ඔය නගර සභාවෙි මැතිවරණයට ඉදිරිපත් වෙන්න කුරුණෑගල ගෙදර ඉන්න ලොකු අයියට ප්‍රදේශයේ ඉන්න පාර්ලිමෙින්තු මන්ත්‍රි කෙනෙක් කිවිව නිසා ඔන්න එයා ජන්දයට ඉදිරිපත් වෙන්න තිරණය කලා.

දැන් ඉතිං මොන ක්ලාස්ද... දිගටම ජන්දේ වැඩ. කැන්වසින් යනවා උදේ ඉදලා හවස 7 වෙනකමි. ඊට පස්සේ කොල්ලෝ ටික අල්ලගෙන පෝස්ටර් ගහන්න යනවා රෑට. මෙික නගර සභා මැතිවරණයක් උනාට මොකද නිකං මහ මැතිවරණයක් වගේ. අමුතුවෙන් කියන්න ඔින නෑනේ... දේශපාලනය කරන අයට ඔින බොරුවට හරි පිමිබෙන්නනේ.

ඔහොම ඉතිං දිගටම
නවා වැඩෙි. ජන්දේ ඉල්ලන ලොකු අයියට බාල සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා. ඔය අය අයගෙන් තුන්වෙනි කෙනා මගේ වයසේමයි. මොන අලකලංවිය උනත් එයයි මමයි දෙන්නා එකටයි ඉන්නේ. යන්නේ කොහේද මල්ලේ පොල් ජෝඩුව වගේ තමයි අපි දෙන්නා. අපරාදේ කියන්න බැහැ ඔින තැනකට පෝස්ටර් ගහන්න නගින්න කරන්න පුලුවං සෙටි එකකුත් හිටියා අපිට.

ඔය පෝස්ටර් කැමිපේන් එකට කියලම අපිට දිලා තිබිබා වැන් දෙකක්. එකක තමයි යාලුවෝ සෙටි එකත් එක්ක මමයි, මගේ යාලුවා ජනිතුයි යන්නේ. ජනිත් ඉතිං වාහනේ එලවනවා. ඔහොම දවසක් පෝස්ටර් ගහද්දි විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයෙක්ගේ ආධාරකරුවන් කටිටියක් එක්ක පොඩි ප්‍රශ්නයක් උනා. සිද්ධිය එදා ශේප් උනාට මොකද ඔිකට ඉතිං රිටර්න් එකක් දෙනකං අපේ එවුන්ට නමි නින්ද යන්නේ නැතුව හිටියේ.

තව සතියකින් විතර ජන්දේ ප්‍රචාරක රැස්විමි වලට දිලා තිබුනු කාලය ඉවර වෙනවා. දැන් ජන්ද උණුසුම නැගලා ඉහටත් උඩින්. පෝස්ටර් ගහනවා, බැනර් එල්ලනවා, රැස්විමි තියනවා. ප්‍රචාරක කටයුතු බාරව හිටපු අපි සෙටි එකට ඒ දවස්වලනමි ඉතිං පාන් කියා ගන්න බැහැ. ඔහොම වැඩ අස්සේ කාලය ගෙවිලා ගියපු නිසා කටිටියටම හිතේ තිබිබ පරණ කොන්තරය එහෙම අමතක වෙලා තිබිබෙි.

ඔින්න ඉතිං ප්‍රචාරක රැස්විමි සදහා තිබිබ කාලය අද රෑ 12ට අවසන් වෙනවා. තව දවස් දෙකකින් ජන්දේ. හෙට උදේ මිනිස්සු ජන්දේ දාන්න යනකොට වෙනකොට නගරේ හැම තාප්පයකම අපේ අපේක්ෂකයා දත් 32ම විදහගෙන හිනාවෙලා ඉන්න පෝස්ටර් ඇලවිලා තියෙන්න ඔින කියලා ගෙදරට වෙලා බත් බුදින එක වයසක අංකල් කෙනෙක් අපේ අයට නියෝග කරලා. දැන් ඉතිං කටිටය හුරේ ගාගෙන පෝස්ටර් ගහනවා. මොන.... පෝස්ටර් ගහලා පැය බාගයක් යනකොට තව එකෙක් හිනා වෙලා ඉන්නවා බිත්තිය උඩ ( අපි ගහපු පෝස්ටර් වහගෙනම). දැන් ඉතිං ඔය හිනාවෙලා ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. මිට සති දෙකකට විතර උඩදි අපිත් එක්ක රණ්ඩුවක් ගියපු අපේක්ෂකයා.

ඔන්න ආපහු කටිටය කතාව මෙි කරපු වැඩෙිට නමි ගේමක් දෙන්නම ඔින කියලා. පස්සේ කටිටියම එකතු වෙලා තිරණය කලා දවල් ඉදන් පෝස්ටර් ගැහුවට වැඩක් නැහැ. අපි පෝස්ටර් අලවන්න පටන් ගමු රෑ 8ට විතර කියලා.
ඔන්න සුපුරුදු පරිදි රාත්‍රි 8ට වැඩෙි පටන් ගත්තා. දවල් ඉදලා අවිවෙි කටිට කාගෙන පෝස්ටර් ගහපු අයගේ මුනවල් උඩින් අපි අපේ අපේක්ෂකයාගේ මුන තියන පෝස්ටර් අලවනවා. වැඩෙිනමි ජයටම කෙරිගෙන යනවා. කුරුණෑගල නගරය ආවරණය කරමින් අපි ඉදිරියට ඇදිගෙන යනවා...

කිසිම කෙනෙක්ගේ නමි බාධාවක් නැහැ. හැමතැනම අපේ අපේක්ෂකයා හිනාවෙලා ඉන්නවා. පෝස්ටර් ඇලවිමෙි අන්තිම හරිය ඒ කියන්නේ රාත්‍රි 12.30 ට විතර කුරුණෑගල ඉස්පිරිතාලේ හරියේ වැඩෙි කරන් ඉන්න කොට වෙිගයෙන් ආපු ඩොල්ෆින් වර්ගයේ වෑන් එකක් ඇවිත් අපි පෝස්ටර් ගහන තැනට ඇවිත් නතර කලා. දොරවල් ඇරගෙන පැන්නේ වෙන කවිරුත් නෙමෙියි. පොලිසියේ මහත්තුරු...

දැන් ඉතිං එකම රේස් එකයි. පෝස්ටර් අලව..අලව හිටපු අය දුවනවා කුරුණෑගල-කොලඹ පාරේ නිකං ඔලිමිපික් තරගාවලියේ මිටර් 100 අවසන් තරගයේ වගේ. ඔය අතරේ මමයි, මගේ යාලුවා ජනිතුයි දෙන්නා වැන් එකට වෙලා පාඩුවෙි හිටියා. අපි රගපෑවෙි ඉස්පිරිතාලේට ලෙඩෙක් අරන් ආපු කටිටයක් වගේ. ඔය අතරේ තමයි අර වෑන් එකේ හිටිය පොලිස් නිලධාරියෙක් එයාගේ අතේ තිබිබ ටී-56 වර්ගයේ ගිනි අවිය අතට ගන්නවා දැක්කේ මගේ යාලුවා. මිනිහගේ රගපෑමි ඔක්කෝම නිකං ගගට කපපු ඉණි වගේ උනා. මෙිකා පාර මැද්දට පැනලා කෑ ගැහුවෙි නැතැයි මෙහෙම කියලා...

එයි... වෙඩි තියන්නයි යන්නේ.. යකුනේ පාර දිගේ කෙලින් දුවන්නෙපා.. ඇදේට දුවපං..ඇදේට දුවපං කියලා..

ජනිත් ඇගේ තිබිබ හයිය ඔක්කෝම දාලා කැගහුව කෑ ගැහිල්ලට ලග හිටපු පොලිස් නිලධාරින් ඔක්කෝම උඩ ගියා. ඇයි මෙචිචර වෙලා අපි හිටියේ පෝස්ටර් අලවන්න ආපු අය වගේ නෙමෙයිනේ. ඔය අතරේ එක පොලිස් නිලධාරියෙක් කෑගහනවා...

අන්න බලහල්ලා අරූන් වෙඩි තියයි කියන බයට දුවන හැටි කියලා.

අපි ඒ දිහා බලනකොට දැක්කේ කෙලින් තියන මහ පාරේ අපේ කස්ටිය තුවක්කුවට කුරුමාණම අල්ලන්න බැරිවෙන්න කියලා හිතාගෙනද කොහෙදෝ සිග්-සැග් ක්‍රමයට දුවන හැටියි.
ඔික දැකපු පොලිස් නිලධාරින් බඩ අල්ලන් හිනාවෙද්දි මමයි, මගේ යාළුවායි දෙන්නා වාහනේ ස්ටාර්ටි කරගෙන පැන ගත්තේ එතන හිටපු පොලිස් නිලධාරින්ට පස්සේ හමිබවෙමු කියලා පොරොන්දුවක් දිලා.

(සැ.යුඃ- ජන්දේ නමි අපේ අපේක්ෂකයා නගර සභාවෙි මන්ත්‍රි ආසනයකට නමි හිමිකමි කිවිවා. ඒත් ඉතිං තාමත් කටිටිය සෙටි උනාම අමතක නොකර කෙලින් දුවන්න ඔින හැටිනමි කියලා දෙනවා එකා පිට එකා කාඩි ගහගෙන....!!!)

Friday, December 2, 2011

රොබෝ ටික්කා ඔපරේෂන්....!!!



ඔන්න ඉතිං නුවර නැන්දලගේ ගෙදර ඉදලා මම අමතර පංති යන්න පටන් ගත්තා. කිසිම විදිහකටවත් ඔය අතර තුරදි මට නැන්දලගේ ගෙදරින් ප්‍රශ්ණයක් නමි ඇති උනේ නැහැ. පංති යන සමහර දවස්  වලට මට අනුෂා අක්කයි, එයාගේ මහත්තයා එක්ක වාහනේම යන්න ලැබුනු දවස් තිබුනා. ඒ දවස් වලට නමි ඉතිං බස් එකේ චාටර් කන්නේ නැතුව ටිකක් වෙලාසන පංතියට ලගා වෙනවා.
ගෙදර හිටිය අනුෂා අක්කගේ පුතා රොබෝ ටික්කා නමි මාත් එක්ක ඉන්නේම ගේමට සෙටි වෙලා. එයාට මගේ සපත්තු පෙන්වන්න බැහැ. ගලවන තැනින් විසික් කරලා දානවා. ඒ වගේම තමයි එයාට චු දාන්න ඔින උනාම එලියෙන් ඇවිත් මගේ කාමරේ ජනේල ලගට ඇවිල්ලා වැඩෙි කරලා යනවා. එහෙම කරපු දවසට දවල් වෙනකොට නහය තියාගෙන ඉන්න බැහැ. ඇඩෙනවා.... ගදට...යෑක්ස්..

ඔය විදිහට සාමාන්‍ය ආකාරයෙන් සති දෙක-තුනක් ගෙවිලා ගියා. පංතියේදි අලුත් යාලුවෝ දෙන්නෙකුත් මුනගැහුනා. දෙන්නම නුවර ධර්මරාජේ. යාලුවෝ දෙන්නට ආදරේට කතා කරපු නමි දෙකක් නමි තියෙනවා. නිසල්ට කිවිවෙි කිඹුලා කියලා. මොකද පංතියේ විවෙික වෙලාවට තේ බොන්න කඩෙිට ගියාම මිනිහට අනිවාර්්‍යයෙන්ම කිඹුලා බනිස් ගෙඩි දෙකක් ඔින කන්න. අනිත් යාලුවාගේ නම සංජය. මිනිහට දාලා තිබිබ නම තමයි රී-ලෝඩි කියලා. ගෙදරින් ලැබෙන සල්ලි වලින් සංජය කරන්නේ එයාගේ අතේ තිබිබ ෆෝන් එකට කාඩි දාන එක. ඔය විදිහේ යාලුවෝ දෙන්නෙක් ලැබුනු එකේ ලොකුම දෙයක් නිසාද මන්දා පංති ඉවර වෙනකමි ගුටි නොකා යන්තමින් බෙිරිලා හිටියා.

කොහොමින්...කොහොමහරි එදා මට පංති තිබිබෙි නැති සතියේ එකම දවස, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා. ඊට කලිං දවසේ රෑ වෙනකමි මම පාඩමි කරන නිසා බ්‍රහස්පතින්දට මම නැගිටින්නේ ටිකක් පරක්කු වෙලා. ඔික ඉතිං අපේ නැන්දා දන්න නිසා කිසිම විදිහකින් මට කුද්දන්නේ නැහැ. ඔහොම මම නිදාගෙන ඉද්දි නැන්දා කෑගහගෙන ආපු සද්දේට මම උඩ ගිහිං නතර උනේ.

අනේ පුතේ.. ඉක්මනට නැගිටලා එන්නකෝ...

මම ඇදන් හිටපු සරමත් හරි ගස්සහෙන කාමරේ දොර ඇරන් එනකොට නැන්දා අඩනවා. නැන්දා අඩනවා දැක්ක ගමන් මම අප්සටි ගියා. මම ඇහුවා නැන්දගෙන් ඇයි නැන්දේ.. මොකද්ද උනේ කියලා.
නැන්ද ඒ පාර කියනවා අනේ මයේ පුතේ අපේ පොඩි එකාට කරදරයක්. එකව ගලවගන්න පුතේ කියාගෙන නැන්දා කුස්සිය පැත්තට දුවන් ගියා. මමත් නැන්දගේ පස්සෙන්ම ගියා.

කුස්සියට ගියාම තමයි වෙලා තිබිබ දේ දැක්කේ. මගේ තරහාකාරයා වෙචිච රොබෝ ටික්කා ඉන්නවා ඇස් දෙකේ කදුලු පෙරාගෙන... හරියට නිකං මහදවල් හොල්මන් දැක්ක එකෙක් වගේ බයවෙලා. මාව දැක්කා විතරයි එකා මුන ඇඹුල් කරගෙන කියපි අයියේ...මෙික ගලවලා දෙන්න කියලා.

ඒ පාර බැලින්නමි පොඩි එකාගේ මුත්‍රා කරන එක අහුවෙලා මිනිහගේම කලිසමෙි සිප් එකට. දැං ඉතිං මොනවා කරන්නද.. දන්න කියන සෙල්ලමි දාලා කොහොම හරි ගලව ගත්තා සිප් එක විනාඩි 30ක් විතර මහා සංග්‍රාමයක් කරලා. දැන් ඉතිං නැන්දගේ මුන හිනාවෙන් පිරිලා. රොබෝ ටික්කාගේ අමිමත් ( අනුෂා අක්කා) ඒ වෙනකොට ගෙදරට ඇවිත් හිටියා.

පස්සේ තමයි මම දවසක් රොබෝ ටික්කා එක්ක කතා කර කර ඉද්දි තමයි මම දැන ගත්තේ එයාගේ අවයවය කලිසමෙි සිප් එකට අහුවුනු සිද්ධිය. මෙකා එදත් උදේ මගේ කාමරේ ජනේල ලග චු කරලා ඉවර වෙලා සිප් එක දාගනිද්දි තමයි සිද්ධිය වෙලා තියෙන්නේ...

මට ඒ වෙලාවෙි දැනුනු ආතල් එක නමි කියලා වැඩක් නැහැ. මොකද ඒ සිද්ධිය වුනු දවසෙත් මට නිකමිවත් පාඩමි කරද්දි ජනේල ඇරගන්න බැරි උනා රොබෝ ටික්කාගේ සුලු දිය පහරේ සුවදවත් කම නිසාම..

Wednesday, November 30, 2011

අපුරු මතකය-1


මෙම සිද්ධිය වෙනකොට මං උසස් පෙල විභාගේ කරන කාලේ. මගේ ගම නමි ඉතිං පිහිටලා නමි තියෙන්නේ නැගෙනහිර පලාතේ. ඉතිං හා..හා.. පුරා උසස් පෙල පංති යන්න කියලා ගෙදරින් ගෙනත් නතර කලේ නුවර. එහේ හිටියා අපේ නැන්දලගේ ගෙදර තමයි මට නතර වෙන්න ලෑස්ති කරලා තිවුනේ.
ඔන්න ඉතිං දවස් පහක ඉදලා නැන්දලගේ ගෙදර නතර වෙන්න යන්න ඔින කරන අඩුම කුඩුම ටික ලෑස්ති කර ගන්නම වැය වුනා. ඔය අතරේ ඉතිං කන් දෙක පිරෙන්නම උපදෙස්. පුතේ නැන්දලාගේ ගෙදර උනත් මෙහේ වගේ වැඩියෙන් කන්න එපා. ( තාත්තා බය උනාද දන්නේ නැහැ නැන්දට මාසේ අන්තිමෙිදි ලොකු ගානක් ගෙවන්න වෙයි කියලා.) අවෙිලාවෙි නාන්න එපා, සරම ඇදන් එලියට යන්නෙපා කාමරෙන් එහෙම... ඔන්න ඔහොම කන්දෙකට අගුල් වැටෙන ගානට විස්තර ටික සවිස්තරාත්මකව අහගෙන හිටපු මං තිරණය කලා මෙදා පාරනමි උසස් පෙල විභාගයෙන් හොදම විදිහට සමත් වෙන්න ඔින කියලා.

ඔන්න ඉතිිං ඉරිදා දවසක උදේ 5.30ට තිබිබ බස් එකෙන් ත්‍රිකුණාමලේ ඉදලා නුවර බලා තාත්තයි, මමයි පිටත්වුනා. ඔන්න ඉතිං 10 වෙනකොට වගේ ආවා නුවරට. හරියට නිකං කරකවලා අතහැරියා වගේ ටවුම දැක්ක ගමන්. එහෙන්...මෙහෙන්..වාහන යනවා හෝර්න් හඩ තලා ගෙන. ඊටත් පැය භාගයකට පස්සේ අපි ආවා නැන්දලගේ ගෙදරට ආවා. ගෙදර ඉස්සරහම හිටියා අවුරුදු තුනක-හතරක විතර කොලු පැටියෙක්. ඒ අපේ නැන්දගේ ලොකු දුවගේ පුතා. අනුෂ අක්කයි එයාගේ මහත්තයයි දෙන්නම වැඩ කරන්නේ බැංකුවෙන්.

කොහොම හරි නැන්දලගේ ගෙදරින් තිබුනේ මට ලොකු පිලිගැනීමක්. මොකද නැන්දගේ පුතාලා දෙන්නම හිටියේ පිටරට. ඉතිං අයියලගේ කාමරේ තමයි මට නතර වෙන්න ලෑස්ති කරලා තිබිබෙි. කියන්න තරමි වරදක් නමි නැහැ කාමරේනමි.

දවල්ට කාලා එහෙම තාත්තා ආපහු ත්‍රිකුණාමලේ යන්න පිටත්වුනා. හැම තාත්තා කෙනෙක්ටම වඩා මගේ තාත්තා හරි වෙනස් පුද්ගලයෙක්. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් උනු මගේ තාත්තා ඉතාම සරල මනුස්සයෙක්. කාටවත් කරදරයක් නොකර පාඩුවෙි ඉන්න කෙනෙක්. කවදාවත් තාත්තා එයාගේ හිතේ මටයි, නංගිට, මල්ලිටයි තිබිබ ආදරේ එලිපිට පෙන්නුවෙි නැහැ. අපිට මොනවහරි දෙයක් ඔින උනා නමි එක ඉල්ලුවෙි අමිමා හරහා.

එදා හවස් වෙනකොට අනුෂා අක්කයි, දුමින්ද අයියයී වැඩ ඇරිලා ගෙදර ආවා. ඒ එනකොටත් අක්කගේ පොඩි එකා බිම ඉදගෙන සොනික් කියන කාටුන් එක බලනවා. පොරගේ කැමතිම චරිතේ තමයි කාටුන් එකේ ඉන්න රොබෝ ටික්කා කියන කෙනා. පොඩි එකා උනාට මොකද ඒකා අංකුටිටා කියලා මට තේරුනේ නැන්දලාගේ ගෙදරට පය ගහලා පැයක් යන්න කලිං. මොකද මං බලනකොට රොබෝ ටික්කා ඉන්නවා අල්ලපු ගෙදර දිහා බලාගෙන. මමත් නිකං ඉන්න බැරිකමට ඒ පැත්ත දිහා බලනකොට මෙයා බැල්ම දාගෙන ඉන්නේ එහා ගෙදර ඉන්න පොඩි ගැහුනු ලමයා දිහාට. ඒ පාර මං ඇහුවා පුතා මොනවද බලන්නේ කියලා.. මෙිකා ගත්ත කටටම කිවිවෙි නැතැයි ඒ මගේ කෑල්ල කියලා. ඔන්න ඉතිං මෙි පොඩි එකා එක්ක තමයි මට ඉදිරියේදි මාස 6ක කාලයක් ඉන්න වෙන්නේ..!!! මට මොනව වෙයිිද කියලා හිතාගන්නවත් බැරිවෙන බව නමි මට දැන් හොදටම ෂුවර්...

මතුසමිබන්ධයි.....

Tuesday, November 29, 2011

ඉදිරියේදි ඔබත් එන්න... ඇවිද යන්න.....!!!!

ජිවිතයේ එක්....එක්...කාල සිමාවන් වලදි අපිට විවිධ ආකාරයේ මිනිසුන් මුණගැසෙනවා. සමහර අය ඉක්මනින් අපේ ජිවිත වලට ඇවිත් හුලගක් වගේ ඉක්මනින්ම යනවා....
තවත් සමහරු අපේ ජිවිත කාලය පුරාවටම ලග ඉන්නවා... එත් ඒ අය අපි ලග හිටියද කියලවත් දන්නේ නැහැ. මොකද ඒ අය අපේ ජිවිත වලට කිසිම ආදරයක් නැති අය....
මෙි වගේ ගොඩාක් අය මගේ ජිවිත කාලය තුලදි මුන ගැසිලා තියෙනවා...!!!!

මෙි විදිහේ මගේ ජිවිතයේ වෙචිච දේවල් ගැන ඉදිරියේදි ඔබලා එක්ක බෙදා හදා ගන්නමි.... ඔබලාගෙන් ලැබෙන ප්‍රතිචාර මත මගේ මෙි කතාවල ඉදිරිගමන තිරණය වෙිවී!!!!!

Friday, November 25, 2011

අපුරු මතක

ජිවිතයේ මතක අතර හිතේ කොනක තවතමත් කාටවත් නොකියු කතා ගොඩක් රැදිලා තියනවා. ඒ එක් එක් කතාව ඉදිරියේදි ඔබලා එක්ක බෙදා හදා ගන්නයි මෙි ඇරඹුම. හැමදාම වගේ ඔබලාගේ ශක්තිය මට උපකාරයක් වෙිවී!!!!

අපුරු මතක