Thursday, May 24, 2012

අහිමිවු නුඹ- 9 වන කොටස

                                

ජිවිතය වෙලාවකට හරිම පුදුමාකාරයි. වෙලාවකට කවදාවත් දැකලා නැති කෙනෙක්ව හිතට ලංකරලා බලාපොරොත්තු ගොඩක් හිතට දීලා ඒ වෙිගයෙන්ම ආපහු ඒ බලාපොරොත්තුව හීනයක් කරනවා.
එදා රෑ මගේ දිනපොතේ කාලෙකට පස්සේ පුංචි අකුරු පේලි දෙකක් ලියැවුනේ මමවත් නොහිතපු විදිහට. අද සමන්තී මට ආදරෙයි කියලා කිවිවා නමි මෙි දිනපොතේම ලියැවෙන්න තිබුනේ මීට වඩා වෙනස් පද පේලි ටිකක්. ඒත් එක දැන් අතීතයට අයිති තවත් එක් හීනයක් විතරයි.

රෑ වෙනකමි නින්ද ගියේ නැති නිසා උදේ මම ඇහැරෙන කොට වෙලාව 8ත් පහුවෙලා තිබිබා. අද ඉංග්‍රිසි පන්ති යන්න තිබිබ දවසක් උනත් පංතියට යනවට වඩා දහමිව මුන ගැහිලා ටිකක් වෙලා කතා කර කර ඉන්න තිබිබානමි හොදයි කියලා හිතුනු නිසා තව පැයක්වත් නිදා ගන්න හිතලා කොටිටෙි හදාගන්න කොටම කවුදෝ කාමරේ දොරට තටිටු කරන සද්දේ ඇහුනා..

නිදිගැට කඩ කඩ ගිහිං දොර අරින කොට එහා පැත්තේ හිටියේ මම බලාපොරොත්තු නොවුනු කෙනෙක්.

මොකද අනේ මෙි? මහ ලොකුවට කැන්ඩි වල තියෙන හොදම ස්කුල් එකට යන්නේ. දැන් 8ත් පහුවෙලා තාම නිදි? ගිරවියෙක් වගේ කෑ ගහගෙන ගියේ වෙන කවුරුවත් නෙමෙයි අපේ ලොකු තාත්තාගේ එකම දු සිගිත්ත වින්ද්‍යා.

කවද්ද ගොඩ බැස්සේ මෙි පැත්තට? මම නිකමි ඔිනෑවට එපාවට වගේ එයාගෙන් ඇහුවෙි ඊට කලින් මගෙන් ඇහුව එකම ප්‍රශ්නෙකටවත් උත්තරයක් නොදෙන ගමන්..

අනේ සාගර අයියා..

ඇයි මොකද? සාගර අයියා තමයි.. මම පෙරලා ඇහුවා.

න්හැ නිකං.. අපි අද උදේ ආවෙි අනේ. අමිමියි, තාත්තියි එක්ක ආවෙි. එයාලා පල්ලෙහා ඉන්නවා. මම ඉතිං ඔයා නැති නිසයි උඩට ආවෙි.

මිහ්..මොකද දැන් මෙි හදිස්සියේ නුවර ආවෙි? මම ආපහු වින්ද්‍යාට ප්‍රශ්නයක් එල්ල කලා

අපො.. ඔයා අපි ආවට අකමැතිද? ඇය මගෙන් ඇහුවෙි අඩන්න වගේ.

අනේ නැහැ.. නිකමිවත් මාස 6-7 කින් මෙි පැත්තට ආවෙි නැති නිසයි ඇහුවෙි. මම උත්තර දුන්නා

මිහ්... සාගර අයියට මම නැතුව පාළුවක් දැනුනද? ගිය පාර ඇවිත් ගියාට පස්සේ?

ඔවි අනේ... මට වමෙනටයි, පාචනේටයි ආවා. මම උත්තර දුන්නේ ඇගටපතට නොදැනෙන ගානට

ඔයා හරියට නරක් වෙලා සාගර අයියා.. මම යනවා පල්ලෙහාට. වොෂ් දාලා ඉක්මනට එන්න. ඇය එහෙම කියාගෙන මට විරිත්තලා ආපහු පල්ලෙහාට දුවන් ගියා.

අද පංති නොයා ඉන්න හිතන් හිටියත් වින්ද්‍යා ඇතුළු ලොකු තාත්තලා ගෙදර ආපු නිසා නිදහසේ ඉන්න ඉඩක් නොලැබෙන නිසා ගෙදරින් එලියට පැනගන්න ඔින කියන අදහස මගේ මොලේට ආවෙි නාන වෙලාවෙයි.

නාලා ඉවර වෙලා පංතියට යන්න වගේ පොත් ටිකත් බෑගයට දාගෙන මම හදිස්සියෙන් වගේ තරප්පු පෙල දිගේ පල්ලෙහාට එන කොට සාලේ හිටපු හැමෝගෙම ඇස් මන් දිහා බලාගෙන ඉන්න වග තේරුනේ අන්තිම පඩිය බහින කොටයි.

මං හිතුවෙි අද පුතා ක්ලාස් යන්නේ නැහැ කියලා.. අමිමා මුලින්ම කතාව පටන් ගත්තා

න්හැ අමිමා..මට ටිකක් නින්ද ගියා. ඒ උනත් දැන්ම ගියාම මට උදේ 10.30 ඉන්ටර්වල් එක වෙන කොට පංතියට යාගන්න පුලුවන්. මම එහෙම කිවිවම වින්ද්‍යගේ මුන කලු වෙලා ගියා.

මොකක්ද සාගර අයියා.. හැමදාම ඉගෙන ගන්න එකේ අදවත් ගෙදර ඉන්නකෝ.. වින්ද්‍යා හැමෝගෙම ඉස්සරහා බැගැපත්වුනා

ඉන්න පුලුවන් දවසක් නමි ඉන්නවා නංගි. අද රිවිෂන් පේපර් එකක් ඩිස්කස් කරනවා. තව ඩිප්ලෝමා එකේ විභාහයට දවස් 12 යි තියෙන්නේ. අද පාඩම අතෑරියොත් මම සුන්. වින්ද්‍යාගේ ප්‍රශ්නෙට උත්තර දිලා මම එහෙමිම අමිමා ලගට ගිහිං වැන්දා.

පිලිවෙලට ලොකු තාත්තයි, ලොකු අමිමටත් වැදලා එලියට බහින්න හදනකොටම අමිමා දොර ලගට ආවා.

පුතේ... අමිමා එහෙම කිවිව විදිහෙන්නමි මට තේරුනේ අමිමා මොනවා උනත් බැරැරෑමි දෙයක් කතා කරන්න හදනවා වගෙයි කියලා.

ඇයි අමිමා?

මෙි..ලොකු අමිමලා මාසෙකට විතර ඉන්ගලන්ඩි යනවලු. නිසල් අයියාගේ වයිෆ්ට බබා හමිබ වෙලා කියලා. ඉතිං එයාලා ගිහින් එනකමි වින්ද්‍යා දුවව අපේ ගෙදර නතර කරන්න පුලුවන්ද කියලා අහන්නයි ඇවිත් තියෙන්නේ. තාත්තා නමි අකමැත්තක් නැහැ කියලා කිවිවා. ලොකු පුතා මොකද හිතන්නේ.. අමිමා මගෙන් කවදවාත් එහෙම අහපු කෙනෙක් නෙමෙයි. අනිත් අතට මගේ නිදහසට බාධාවක් වෙයි කියලා අමිමා බය නිසා මගෙන් එහෙම ඇහුවා වෙන්නත් පුලුවන්. මොනදේ උනත්, මම අකමැති බව නොකියා අමිමා කැමතිනමි මගෙන් ගැටළුවක් නැහැ කියලා මම පාරට පැන්නා.

****************************************************************************

නුවර වැව රවුම ලගින් බස් එකෙන් බහින කොට උදේ 10 ත් වෙලා තිබුනා. ඒ එක්කම වගේ මගේ ෆොන් එක හඩතලන්න ගත්තේ කහ ඉරෙන් පාර මාරු වෙන ගමන්...

හලෝ.. සාගර...

හලෝ කවිද සමන්තීද?

ඔයා මාව අදුරගත්තද?

තව අවුරුදු දහයක් ගියත් මට ඔයාගේ කටහඩ අමතක වෙන්නේ නැහැ සමන්ති. මමවත් බලාපොරොත්තු නොවු වෙලාවක මගේ කටින් ඒ වචන පිටඋනා.

ටික වෙලාවක් යනකමි අපි දෙන්නා අතර තිබුනේ ලොකු නිහඩකමක්.

සාගර.. අපි අතර තිබුනු නිහඩකම බින්දේ සමන්තිග් හඩන්

කියන්න සමන්ති... ඔයා අද පංති එන්නේ නැද්ද?

මම මෙි එන ගමන් ඉන්නේ. තව විනාඩි 5 කින් මම පංතිය ලග සමන්ති.

මිහ්..එහෙමද?

ඇයි සමන්ති මොකක් හරි ප්‍රශ්නයක්ද? සමන්තිගේ කට හඩෙි තිබිබ අමුතුකම නිසාම මම ඇහුවා

නැහැ සාගර.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔින.

හරි එහෙනමි ඔයා පංතියෙන් එලියට ඇවිත් කොටුගොඩැල්ල වීදිය පැත්තට එන්න. මම මගින් ඔයාව මීටි වෙන්නමි.

ඔිකේ...බායි සාගර, එහෙම කියලා සමන්ති ඇමතුම විසන්ධි කලා

විනාඩි 10ක් විතර යනකොට මට සමන්තිව මුන ගැහුනා. වෙනදට සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න සමන්ති අද මොකක් හරි ලොකු ප්‍රශ්නෙක පැටලීලා කියලා මට එයාගේ මුන දැක්ක ගමන්ම හිතුනා. ඒ ඇස් ලා රතු පාටට හැරිලා තිබුනේ හරියට ඊයේ රෑ ඉදලා නිදා ගත්ත නැති කෙනෙක් ගානටයී.

ඇයි සමන්ති කතා නැත්තේ...

සොරි සාගර.. මම නිසා ඔයාට අද ක්ලාස් එකත් කටි උනා නේද?

ඒකට කමක් නැහැ.. මට ධනුෂ්ක ගෙන් නෝටිස් ටික ඉල්ලගන්න පුලුවන්. ඇයි ඔයා කරදරෙන් වගේ ඉන්නේ?

මගේ ප්‍රශ්න වලට විසදුමක් නැහැ සාගර.. සමන්ති එහෙම කිවිවෙි හීනියට ඉකිබිදින ගමන්.

ඔයා පවි සමන්ති... මම එහෙම කිවිවෙි ඇත්තටම මගේ හිතේ සමන්ති ගැන උපන්න දුක නිසා.

මොනවා කරන්නද සාගර.. මෙි මගේ උරුමෙි කියලා හිතාගෙන කොයි තරමි හිත හදාගන්න හිතුවත් මට ඒක කරන්න බැහැ... එහෙම හිත හදාගන්න හදන හැම වෙලාවකම මට මගේ පැතුමිව මතක් වෙනවා.
එහෙම කියාගෙන ගිය සමන්ති අඩන්න ගත්තා...

මම කොයි තරමි සමන්ති අඩන එක නතර කරන්න ගත්තත් ඒක හරි ගියේ නැහැ. මුලු නුවර ටවුන් එක මැද මම නිකමි කරකවලා අතහැරියා වගේ හැගීමක් මගේ හිතට දැනුනා..

සමන්ති අපි යමු අර අතන තියෙන රෙස්ටුරන්ටි එකට. ලගම තිබුනු අවන්හලට සමන්තිව එක්කන් ආපු මම එයාට කැමති තරමි අඩන්න ඉඩදිලා පැත්තකට වෙලා හිටියේ මම කොයි තරමි උත්සහ කලත් ඒ අඩන එක නතර කරන්න බැරි බව තේරුමි ගියපු නිසයි.

සමාවෙන්න සාගර.. විනාඩි ගානක් අඩපු සමන්ති කදුලු අතරින් කටහඩ අවදි කලා.

ඔිකට සමාවෙන්න කියන්න ඔින නැහැ සමන්තී. ආදරය කියන දේ හිතට ආවම අපිට ඔය වගේ දේවල් විදින්න වෙනවා. ඔයා හිත හයිය කර ගන්න, මම ඔයාට උදවි කරන්නමි.

ඒ කොහොමද? සමන්ති මගෙන් ඇහුවා

මම පැතුමිට මෙඩිකල් ෆැකල්ටි එකට යන්න උදවි කරන්නමි. එයා ඉගෙන ගෙන ඉවර වෙලා කැමිපස් එකෙන් අවුටි වෙනකමි ඔක්කෝම වියදමි මම බලාගන්නමි. ඔයත් විභාගේ පාස් උනාම දෙන්නටම පේරාදෙණිය කැමිපස් එකේදි මිටි වෙන්න පුලුවන්. මම දිගටම කියාගෙන ගියා

පුදුමයෙන් වගේ අහන් හිටපු සමන්ති වචනයක්වත් කිවිවෙි නැහැ.

ඔයා හිතනවා ඇති මම ඔයාට බොරු කරනවා කියලා. නැහැ සමන්ති මම එහෙම කරනවා නෙමෙයි. මම අද ඔයාව මීටි වෙන්න ආවෙි පැතුමිගේ ගෙදර එඩිඩ්‍රස් එක ඉල්ලන් යන්න. මම හෙට නැත්නමි අනිද්දා ගමිපල යනවා. එහේ ගිහිං පැතුමිව මුනගැහිලා මෙි ගැන කතා කරන් එන්නමි. එයාට දෙන්න ලියුමක් හරි වෙන මොනවා හරි දෙයක් තියෙනවානමි මට හෙට පංතියේදි දෙන්න. මම ඒක ගිහිං දෙන්නමි.

මම සමන්තිගේ මුන දිහා බලාගෙන කිවිවම එයා හිතුවා මම තවත් එයාව සනසන්නවත්, බොරුවක් කරනවා නෙමෙයි කියලා.

අනේ ඔය ඇත්තමද සාගර... සමන්ති සතුටින් ඇහුවා

ඔිවි.. ඔයාට සැකනමි, මම එයාගෙන් ඔයාගේ ලියුමට උත්තරේකුත් ලියාගෙනම එන්නමි.

අනේ තැන්ක්ස් සාගර.. මම හිතුවා ඔයා මට විහිළු කරනවා කියලා. අනේ අපි තුන්දෙනාටම පේරාදෙණිය කැමිපස් එකට එන්න ලැබුනොත් හොදයි නේද සාගර.. සමන්ති සතුටින් කියාගෙන ගියා..

බලමු සමන්ති.. අපි තුන්දෙනාට බැරි වෙයි. ඒ උනාට ඔය දෙන්නට පේරාදෙණියට එන්න පුලුවන්.
මම එහෙම කිවිවම සමන්ති පුදුම වෙලා මන් දිහා බලාගෙන හිටියා..

(මතු සමිබන්ධයි)

3 comments:

~~තරූගේ ලෝකය~~ said...

සෑහෙන්න හිතට දැනුනා....

Dinesh said...

තවත් එක් ලස්සන කොටසක්.. බලමු..

නන්ඳු said...

සැබෑ ආදරයක තවත් පිටුවකට..
ඊ ළඟ කොටසත් බලාගෙන ඉන්නවා.. :)