Monday, June 25, 2012

අහිමිවු නුඹ- 10 වන කොටස





ඇයි සාගර ඔයා මාත් එක්ක තරහා වෙලාද? ඒ නිසාද ඔයා අපිත් එක්ක කැමිපස් එන්නේ නැහැ කියලා කියන්නේ. සමන්ති ඒ පාර අඩන්න වගේ මගෙන් දිගට හරහට ප්‍රශ්න කරන්න පටන් ගත්තා.


නැහැ..නැහැ..සමන්ති, මම කිවිවෙි මට පේරාදෙණියට සිලෙක්ටි වෙන්න පුලුවන් වෙයිද කියලා ෂුවර් නැති නිසයි. නැතුව ඔයා එක්ක තරහා වෙලා නෙමෙයි. මම පිලිතුරු බැන්දා.


හරි.. අපි දැන් ඒක අමතක කරමු, දැන් අපි දෙන්නටම ඉස්සරහට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. ඔයා එහෙනමි හෙට පංතියට ඇවිත් හරි පැතුමිට ලියුම ලියන්න. නැත්නමි ගෙදරදි ලියුම ලියනවා කාට හරි අහුවුනොත් ආපහු පංති නෙමෙයි කැමිපස් ගිහිනුත් ඉවරයි, මම කියාගෙන ගියා.


අනේ අමිමෙි... මම හිතුවෙි නැහැ සාගර ඔයා අපි දෙන්නට මෙි තරමි උදවි කරන්නේ ඇයි කියලා. මටවත් කල්පනා උනේ නැති ඒවානේ ඔයා කල්පනා කරලා තියෙන්නේ.


එහෙම තමයි  සමන්ති, මම කාටහරි උදවි කරනවානමි ඒක සීයට සීයක් හරි විදිහට කරනවා. නැත්නමි ඒක නොකර ඉන්නවා. 


හරි...හරි.. මහත්තයෝ දැන් එහෙනමි අපි යමු. මම හෙට උදේන්ම එනවා. ඔයත් එනවද? සමන්ති මගෙන් ඇහුවා


මිහ්... හරි මම එහෙනමි උදේ 8 වෙනකොට පංතිය ලගට එන්නමි. යමු එහෙනමි දැන්, මම ඔයාව බස් එකට නග්ගලා යන්න ඔින වැවි රවුම ලගට. 


ඒ මොකටද වැව රවුම ලගට යන්නේ? කාට හරි සාගර මහත්තයා එන්න කිවිවද? සමන්ති මාව විහිළුවට ගත්තා


ඔිවි..ඔිවි.. දහමිට කිවිවා වැවෙි ඉන්න මාළුන්ට පොරි ටිකක් හරි කඩල ටිකක් හරි දානකමි තනි රකින්න එන්නයි කියලා.. 


මම තරහා ගිහිං ඉන්න වග තේරුනු නිසා සමන්ති තවත් මාව අවුස්සන්න හැදුවෙි නැහැ.. 


එහෙනමි සාගර මම යනවා. හෙට උදේන්ම එන්න. පරිස්සමින් යන්න. සමන්ති මගෙන් සමුඅරන් බස් එකට නැග්ගා.




වැව රවුම ලගට මම එනකොටත් දහමි ඇවිත් හිටියා. 


මචං, උඹ මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ? දහමි මාව දැක්ක ගමන් ඇහුවා


ඇයි එහෙම අහන්නේ? උඹට මගේ මොකක් හරි වෙනසක් පේනවද? මම ඇහුවා


උඹ ඇවිදන් ආපු හැටි දැක්කම මට හිතුනා මොකක් හරි අවුලකින් ඉන්නවා ඇතියි කියලා. මොකද සමන්ති බැහැ කිවිවද? 


නැහැ මචං... ඒක හරි සංකිර්ණ කතාවක්.


ඉතිං තෙපර බාන්නේ නැතුව කියපන්. යමං අතන හිල්වුඩි හංදියට වාඩි වෙන්න. දහමි එහෙම කියාගෙන වැව රවුමට ටිකක් එහාට වෙන්න තියෙන හිල්වුඩි විද්‍යාලයට හැරෙන හංදියට ඉදිරිපිට තියෙන ගල් බංකුව ලගට ගියා.


සමන්තිගේ කතාව මම දහමිට සමිපුර්නයෙන්ම කිවිවෙි ඒ ගැන වෙන කාටවත් දැනගන්න තියන්නේ නැහැ කියලා පොරොන්දු කරගෙන.


දැන් මොකක්ද කරන්න කල්පනාව. කතාව අවසන් වෙනකමි අහන් හිටපු දහමි මගෙන් ඇහුවා.


මම සමන්තිට උදවි කරනවා මචං.. 


ඒ කියන්නේ, උඹ සමන්තිවයි පැතුමිවයි දෙන්නව එකතු කරන්නද කල්පනා කරන්නේ? දහමි මගෙන් ප්‍රශ්න කලා


ඔවි දහමි, මගේ ආදරය නැති උනාට කමක් නැහැ. අඩුම තරමින් මම වැඩියෙන්ම ආදරය කරන කෙනාට එයාගේ ආදරය හරි ලැබෙනවනේ....


මට තේරුමි ගන්න බැහැ මචං... කමක් නැහැ, උඹට මගෙන් කෙරෙන්න ඔින මොකක්ද?


මම හිතාගෙන ඉන්නේ අනිද්දා ගමිපල යන්න. ගිහිං පැතුමිව හමිබවෙලා කතා කරලා එන්න. උඹට පුලුවන්ද බයික් එකත් අරන් උදේ 7.30 වෙනකොට මෙතනටම එන්න. 


හරි... එන්නමි, හැබැයි පුතෝ පෙටිට්‍රල් ගහපන්. නැත්නමි ඉතිං උඹගේ සත්‍යප්‍රේමයට පිං සිද්ධ වෙන්න මගේ දඩු මොණරා නිකමි දුවන්නේ නමි  නැහැ. දහමි හැමදාම වගේ නැතිබැරිකම කියවන්න ගත්තා.


අයියෝ... නහයෙන් අඩන්නෙපා මවං, මම තෙලුත් ගහන්නමි උඹට තව කන්නත් අරන් දෙන්නමි.


එහෙනමි කමක් නැහැ.. ඔහොම දෙනවනමි ආපයට හරි යන්න එන්නමිකෝ. 


හරි දහමි, මම යනවා. අනිද්දා මිටි වෙමු එහෙනමි, බායි මචං.


බායි...බායි.. නොදකින් සුද්දා අදුන්නලා දුන්නු අළුගෙත්තුරුම වචනේ "බායි". බඩගින්නේ දුවන් ආවා කියලා ආප්පයක්වත් අරන් නොදිම පලයං... දහමි තව මොනවත් කියන්න කලින් මම ඉක්මනට එතනින් ගැලවීලා බස් හොල්ටි එක ලගට පැනගත්තා..




******************************************************


පුතා අද කොහේවත් යනවද?


පහුවදා උදේ මම පංති යන්න ලෑස්ති වෙන ගමන් ඉද්දි අමිමා කාමරේ දොර රෙද්ද මෑත් කරලා මගෙන් ඇහුවා.


ඔවි අමිමා.. අද පංති, මම යන්න ලැස්තිවෙනවා. ඇයි මොනවා හරි ගෙන්න ඔිනද?


නැහැ පුතේ, මෙි වින්ද්‍යා නංගිට ආසයිලු ටවුන් එකට යන්න.


ඉතිං අමිමා එයාට ගිහිං එන්න කියන්න.


එහෙම හරි නැහැ නේ පුතේ. අනික ගෑණු දරුවෙක්, මෙි පලාත ගැන දන්නෙත් නැහැ. අද හවසට පුතාට පුලුවන් වෙයිද මෙි ළමයව ටිකක් මාලිගාවට එහෙම එක්කන් යන්න. අමිමා මගෙන් කරපු ඉල්ලීම අහක දාන්න තරමි මගේ හිතේ හයියක් නොතිබිබ නිසාම මම එදා හවස වින්ද්‍යාව එක්කන් යන්න පොරොන්දු වෙලා පංති යන්න ගෙදරින් එලියට බැස්සා.


මම පංතියට යනකොට සමන්ති ඇවිත් හිටියා. එයා මෙිසේට ඔලුව බරකරගෙන ලියුම ලියනවා. මම එයාට කරදර කරන්න නැතිව ඔහේ බලාගෙන හිටියා.


සාගර... කොයි වෙලාවෙද ආවෙි? 


සමන්තිම මගේ ලගට ඇවිත් අහනකමි මම මොනවා කලාද කියලා හරි හැටි මතකයක් මටවත් තිබුනේ නැහැ..


දැන් ටිකක් වෙලා වෙනවා සමන්ති, ඔයා ලියුම ලියන නිසා මම කතා කලේ නැහැ.


සමන්ති හිනාවුනා..


ලියුම ලියලා ඉවරද සමන්ති? 


ඔවි, මෙන්න ලියුම. සාගර, පුලුවන්නමි මෙි පූංචි තෑග්ගත් එයාට දෙනවද? 
සමන්ති ලැජ්ජාවෙන් වගේ ඇහුවා.


අයියෝ සුලුදෙයක්, මම දෙන්නමි. කෝ පැතුමිගේ එඩිඩ්‍රස් එක. 


ඔය ලියුමි කවරේම ලියලා තියනවා. සමන්ති උත්තර බැන්දා.


එහෙනමි අනිද්දට හොද ලමයා වගේ ක්ලාස් එකට එන්න. මම පැතුමිව මිටි වෙලා උත්තරේකුත් අරන්ම එන්නමි.


තැන්ක්ස් සාගර... 


( මතුසමිබන්ධයි)

2 comments:

Dinesh said...

අදත් සුන්දර කොටසක්..

Nadun Shiwantha said...

තවත් කොටසක් ඉක්මනටම දාන්නමි ඃ)