Tuesday, February 7, 2012

ඉන්දියාව අතරමං වෙයි..



කොමන්වෙල්ත් තුන් කොන් එක්දින තරගාවලියේ දෙවන තරගය ලෙස හෙට ඔස්ටේ‍රිලියාවෙි, පර්ත් හිදි ආරමිභ වීමට නියමිත ඉන්දු-ශ්‍රි ලංකා එක්දින තරගය සදහා තම කණ්ඩායම නමි කිරිමෙිදි මෙි වන විට ඉන්දීය කණ්ඩායම දැඩි පීඩනයකට ලක්ව සිටින බවට ඔස්ටේ‍රිලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වාර්ථා වෙයි.

පර්ත් හි තණතිරුව වෙිගපන්දු යවන්නන්ට උචිත තන තීරුවක් වන බැවින් හෙට දින ඉන්දීය කණ්ඩායම වෙිග පන්දු යවන්නන් සිවිදෙනෙක් සමග තරග කිරිමට නියමිත බව පැවසේ. එසේ වුවහොත් පසුගිය සෙනසුරාදා ඔස්ටේ‍රිලියාව සමග පැවැති තරගයට ක්‍රිඩා කල දගපන්දු යවන රවිචන්ද්‍ර අෂ්වීන් හා තුන් ඉරියවි ක්‍රිඩක රවින්ද්‍ර ජඩෙිජාට තම ස්ථානයන් අහිමිව යාමෙි තත්වයක් උදාව තිබෙි. එමෙන්ම ඔස්ටේ‍රිලියාව සමග පැවති තරගයේදි විවෙිකගැන්වු විරේන්ද්‍ර ෂෙවාග් ශ්‍රි ලංකාව සමග හෙට පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරිමට නියමිත වන අතර එය එසේ සිදුවුවහොත් සවීන් තෙන්දුල්කාර්ට හෝ ගෞතමි ගාමිභීර්ට හෙට තරගයේදි විවෙිකාගාරයටවී සිටිමෙි භාග්‍ය උදාවී තිබෙි.

හෙට පැවැත්වෙන තරගයේදි වෙිග පන්දු යවන්නන් සිවිදෙනා තෝරා ගැනිම සදහාද ඉන්දිය තේරිමි කමිටුවට හිසරදයක්ව ඇත්තේ සුදුස්සාට සුදුසු තැන දීම සදහා අවශ්‍ය සුදුසු වෙිග පන්දු යවන්නන්  සොයා ගැනිමෙි ඇති ගැටළුවයි. ඔස්ටේ‍රිලියාව සමග මෙතෙක් පැවති ටෙිස්ටි හා 20-20 තරගාවලියේදි සැලකිය යුතු මටිටමෙි දස්කමි දැක්වීමට ඉන්දීය වෙිග පන්දු යවන්නන් සමත් නොවීම එයට ප්‍රධානතම හේතුවයී. සහීර් ඛාන්, උමෙිෂ් යාදේවි, ඉර්ෆාන් පතන්, විනේයි කුමාර්, ප්‍රවින් කුමාර් අතර හෙට දින කණ්ඩායමට ඇතුලත් වීම සදහා තරගයක් පවතියි.

මෙි අතර හිටපු ඉන්දිය ක්‍රිඩක සුනිල් ගවස්කාර් ප්‍රකාශ කර සිටින්නේ ඉන්දිය ක්‍රිකටි තේරිමි කමිටුව විටින් විට ක්‍රිඩකයින් විවෙිකගන්වමින් සිදුකරන මෙම අත්හදා බැලිමි දැන්වත් නතර කල යුතු බවයි. ඔහු එසේ කියා සිටින්නේ ඉන්දිය පිල මෙම තරගාවලියේදි ක්‍රිඩා කරන්නේ ලොව ප්‍රබලතම කණ්ඩායමි දෙකක් සමග නිසා එය කණ්ඩායමෙි මානසික එකාග්‍රතාවයට බාධාවක් වන නිසාවෙන් බව ඉන්දීය මාධ්‍ය අද වාර්ථා කර සිටියි.
කෙසේ වෙතත් හෙට දින ඉන්දිය කණ්ඩායම නමි කිරිම සදහා දැඩි වෙහෙසක් දැරිමට ඉන්දිය කණ්ඩායමෙි පුහුණුකරු, නායක, තේරිමි කමිටු සමාජිකයින්ට දැරිමට සිදුව ඇත.

එමෙන්ම හෙට දින ශ්‍රි ලංකා පිලට වෙිග පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුලත් වීමට නියමිත බව සදහන් වෙයි. එම ක්‍රිඩකයින් නමි ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙලගෙදර හෝ ධමිමික ප්‍රසාද් වන අතර නිත්‍ය දගපන්දු යවන්නා වශයෙන් රංගන හේරත් ක්‍රිඩා කිරිමට නියමිතයි.

මෙම කණ්ඩායමි දෙක අවසන් වරට එක්දින තරගයකදි මුන ගැසුනේ 2011 වසරේ පැවති අයි.සි.සි. ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදිය.



2 comments:

රාජ් said...

ඕස්ට්‍රේලියාවේ වුවද හිතන තරම් වේගවත් තනතීරු නැත. පළමු තරගයේදී උසින් වැඩි පන්දු යවන්නා වූ Starc යම් ඉපිලීමක් ලබාගත්තද එය පිතිකරුවන්ට අසීරු තණතීරුවක් නොවේ. ශ්‍රීලංකාව පිතිකරණය යෙදුනු පර්ත් තණතිල්ලද එසේමය.

Unknown said...

ඒක නමි සහතික ඇත්ත.. මං හිතනවා අපේ පිතීකරුවන්ට ඔස්ටේ‍රිලියානු වෙිග පන්දු යවන්නන්ගේ අභියෝගයට සාර්ථකව මුහුන දෙන්න හැකිවෙයි කියලා රාජ්.....!!! ඒ උනාට දකුණු අප්‍රිකාවෙිදි ලකුණු 43 ට සියළු දෙනා දැවී ගිහින් අවසාන තරග දෙකේදි ලකුණු 300 පන්නලා ගිහිං ජයගත්තා අපේ කණ්ඩායම.. ක්‍රිකටි කියන්නේ අවිනිශ්චිත බව උපරිමව ගැබිවෙලා තියෙන ක්‍රිඩාවක්..