Sunday, February 5, 2012

අවුරුද්දෙන්... අවුරුද්ද අපි සමරන වැලන්ටයින්



මට මතකයි මම ඉස්කොලේ යන කාලේ මගේ පංතියේ හිටපු ලමයි පෙබරවාරි මුල් සතිය වෙන කොට ගොඩාක් වෙලාවට කැන්ටිම පැත්ත පලාතේ යන්නේ නැහැ. උදේ ඉදලා දවල් වෙනකමි පංති කටි කරලා පැයෙන් පැයේ කැන්ටිමට රිංගන අපේ පංතියේ සහෝදරයින්ගේ මෙම හදිසි වෙනස්වීම මට දරාගන්න බැරි උනු තැන මම එකෙක් ලගට කිටිටු වෙලා ඇහුවා මචං.... මොකද උඹලා නොකා නොබි ඉන්නේ. කැන්ටිමෙි කෑම හොද නැද්ද කියලා. මෙන්න ඒ පාර මගේ යාළුවා මගෙන් අහනවා... මචං පෙබරවාරි 14 වැලන්ටයින් දවස. දන්නේ නැද්ද එදාට ගෑණු ලමයට මොනවා හරි දෙන්න ඔින නිසා ගෙදරින් දෙන පොකටි මනි සේවිං කරනවා කියලා.

ඔය කතාව වෙන කොට මම හිටියේ හොස්ටල් එකේ. මාව ඉතිං බලන්න ගෙදරින් එන්නේ මාස 2-3කට සැරයක් විතරයි. පොඩි කාලේ ඉදලා හොස්ටල් එකේ ඉන්න නිසා මට ඒක නිකං ගෙදර වගේ ඒ දවස්වල. ඉතිං ඔය කියන වැලන්ටයින් දිනය ගැන මගේ හිතේ ලොකු දැනීමක් තිබිබෙි නැහැ. මගේ යාළුවගෙන් ඔය කතාව ඇහුවට පස්සේ මට ඔින උනේ.. ඔය වැලන්ටයින් දවසේදි මොනවද වෙන්නේ කියලා අහගන්න.

ගොඩාක් කොල්ලෝ තමන්ගේ ගැහැණු ලමයි මුන ගැහිලා තියෙන්නේ සාමාන්‍ය පෙල විභාගයට අමතර පංති යන අතර තුරේදියි. කොහොම හරි මෙි දවස් වල ඉතිං තමන් දන්න ඔක්කෝම ශිල්ප දාලා ගැහැණු ලමයෙක්ව යාළුකර ගෙන අන්තිමෙිදි පෙබරවාරි 14 වෙනිදා තමන්ගේ හිතේ තියෙන සියළුම බලාපොරොත්තු රෝස මලකටයි, ලොකු චොකලටි එකයි, තඩි කාඩි එකකටයි ගොනු කරලා අර ගැහැණු ලමයට දෙනවා. ඔන්න ඉතිං ඊට පස්සේ අපේ යාළුවෝ ටික පහුවෙනිදාට ඉස්කොලේ එන්නේ ඇමරිකාවට ගිහිං ජෝර්ජ් බුෂ්ට හු කිවිව සෙටි එකක් විදිහට ෆුල් ආතල් එකේ.

අනේ ඉතිං... ඔය ආතල් එක ටික දවසයි. ඊට පස්සේ හොටු පෙරාගෙන අඩන එකයි, ගහ ගන්න එකයි, කෙල්ලගේ නම අතේ කවකටිටෙන් කොටා ගන්න හදන එකයි... ඔය වගේ සිද්ධි ගොඩකට මුහුන දෙනවා. මොකද්ද හේතුව අර වැලන්ටයින් දවසේ දුන්නු ලොකු චොකලටි එක රහ කර කර කාලා ඉවර වෙලා අර ගැහුනු ලමයා කියනවා අනේ මම ඔයාට කැමති නැහැ කියලා. ඉතිං අපේ සමහර එවුන් මම අර කලිං කිවිව ටික කරන්න හදනවා ඊට පස්සේ.

ඔය වගේම තමයි... අපේ පිරිමි ලමයිනුත් ගැහැණු ලමයින්ට ගොඩාක් ලොකුවට බලාපොරොත්තු දීලා වැලන්ටයින් දවසේදි ලබන අවුරුද්දේදි තවත් ගැහැණු ලමයෙක්ට අර පරන තියරි තියන කතා ටික කියලා දැලේ දාගන්නවා.

බලන් ගියාම අපි හැමෝම වැරදි කරලා තියෙනවා. මොකද වැලන්ටයින් කියන දවස පේ්‍රමවන්තයින්ට උතුමි දවසක්. ඒත් ඒ පේ්‍රමවන්ත දවස මෙි වෙන කොට විවෘත වෙලදපොල කියන ත්‍රස්තවාදි මාෆියාව විනාස කරලා. ගැහැනු පිරිමි කියලා භේදයකින් තොරව එක එක වෛයි වර්ණ බොරු සුත්තර දේවල් වලින් මිනිසුන්ගේ ඇස් අන්ධ කරලා. මෙි නිසා තමයි අද වැලන්ටයින් කියන දවසට කිසිම අරුතක් නැති වෙලා තියෙන්නේ...

වැලන්ටයින් දිනයට නෙමෙයි ... හැම දිනයකම ආදරය කරන අය, ආදරය කරන්න හිතන අය තමන් වෙනුවෙන් එන කෙනාව හොදට බලා ගන්නවා නමි, කිසිම දුකක් නොදි ආරක්ෂා කර ගන්නවා නමි, දුකේදි වගේම සැපේදිත් එකිනේ එකා වෙනුවෙන් ලංවෙලා ඉන්නවා නමි හැමදාම මෙි ලෝකයට වැලන්ටයින් තමයි....!!!!

" ලෝකයේ ඔිනම තැනකට ගිහිං කියන්න මං ආදරය හොයනවා කියලා... මිනිස්සු ඔබට හිනා වෙයි..
 මොකද ආදරය සල්ලි වලට ගන්න බැහැ.... ආදරය තියෙන්නේ තමුන් ලගමයි"...............!!!

6 comments:

dream boy said...

hm....

වින්චැට් කිරිල්ලි. said...

ආදරය හොයා ගන්නත් බැහැ...සල්ලි වලට ගන්නත් බැහැ...මොනම වටිනා දේකටවත් හුව මාරු කර ගන්නත් බැහැ......ආදරය හිතේ උපදින දෙයක්..! නොපෙනෙන අදුර්ශ්‍යමාන කෙනෙක් ගෙන් ලැබෙන ආශිර්වාදයක්..!!

වින්චැට් කිරිල්ලි. said...

ආදරය හොයා ගන්නත් බැහැ...සල්ලි වලට ගන්නත් බැහැ...මොනම වටිනා දේකටවත් හුව මාරු කර ගන්නත් බැහැ......ආදරය හිතේ උපදින දෙයක්..! නොපෙනෙන අදුර්ශ්‍යමාන කෙනෙක් ගෙන් ලැබෙන ආශිර්වාදයක්..!!

Unknown said...

ලව් එකෙත් කිසි ගෝ එකක් නෑ මෙහෙම ඩේට් එකක් වත් තිබුනේ නැත්තං....

The තරුවා said...

සහතික ඇත්ත...

Unknown said...

වින්චැට්කිරිල්ලි. :- ඒක මම පිලිගන්නවා.. ඒත් වැඩෙි කියන්නේ ආදරේ සල්ලි වලට විකිනේන එක තමයි දරාගන්න බැරි....!!!

ඔබ නොදු‍ටු ලොවක්:- ආදරේ කියන එකට වැලන්ටයින් කියන දිනයම ඔිනම නැහැ කියලයි මගේ අදහස...!!!

තරුගේ ලෝකයඃ- එලම තමයි...!!