Thursday, February 23, 2012

අහිමිවු නුඹ.....


 මචං සාගර උඹ කවදාවත් බදින්න හිතන්නේ නැද්ද?

යුධ බිමෙිදි හමුවුනු එකම මිතුරා අසංක මගේ මුහුන දිහා බලන් ඇහුවෙි හරියට වැඩිමහල් සහෝදරයෙක් තමන්ගේම බාල සහෝදරයාගෙන් ප්‍රශ්න කරන විදිහටයී...

නැහැ මචං... මට දැන් කසාදයක් ගැන හිතන්න බැහැ.

ඇයි ඒ.. උඹට මොනවයින් අඩු පාඩුවක්ද? ඉන්න ගෙදරක් තියෙනවා. අමිමා තාත්තා හොද තැනකින් උඹට කසාදයක් කතා කරයිනේ මචං..

නැහැ මචෝ... උඹට මම කියන්නේ මට බදින්න බැහැයි කියන්නේ හිතකින් කියලද? නැහැ අසංක...
මම උඹට තියා කාටවත් නොකිවිව දෙයක් මගේ ජිවිතේ තියෙනවා.

ඉතිං ඔික ගැන ඔචිචර අගේ නොකර කියපන්කෝ...

මම මෙහෙම කිවිවා කියලා අහිතක හිතන්නෙපා අසංක. මම උඹට මෙි ගැන කලින් කිවිවෙි නැහැ කියලා. මම ඉස්කොලේ යන කාලේ එෆෙයාර් එකක් තිබිබා මචං. එයාගේ නම සමන්තී.
සමන්ති මට මුන ගැහුනේ අපි දෙන්නාම ආනන්ද විජේරත්න සර්ගේ නුවර දේශපාලන විද්‍යාව ක්ලාස් යන කාලේ. සමන්ති හරිම ලස්සනයි....

ආ... එහෙනමි කුමාරයා වෙිලාසනම කුමාරිකාවක් හොයාගෙන ඉදලා නේද? අසංක සුපුරුදු සැහැල්ලුවෙන් මගේ අතට පහරක් ගසන ගමන් හයියෙන් හිනාවුනා..

ඉදපංකෝ.. මම තාම කියලා ඉවර උනේ නැහැ නේ..

කියපංකෝ ඉතුරු ටිකත්..

සමන්ති හරිම ලස්සනයි වගේම තමයි එයා ටිකක් ආඩමිබරයි. නුවර මහමායා එකෙයි සමන්ති ඉගෙන ගත්තේ. සමන්ති හැමදාම පංති ආවෙි තාත්තා එක්ක කාර් එකේ. මම ඉතිං හැමදාම මගේ ඉස්කොලේ පංතියේ සෙටි එක එනකමි පංතිය ඉස්සරහට වෙලා තපින වෙලාවට තමයි සමන්ති එන්නේ පංතියට. මම හැමදාම එතනම ඉන්න නිසා සමන්තිගේ තාත්තා දවස් දෙක තුනක්ම මං දිහා අමුතු විදිහට බලනවත් මට පෙනුනා. ඒත් මචං මම ඔික ගනන් ගන්න ගියේ නැහැ බං. මොකද මම ඒ කෙල්ල දිහා බලන්න ඉන්න එතනට ගියා නෙමෙයි නේ....

ඉතිං..ඉතිං...කියපං කෝ වැල් වටාරමි නැතුව

ඔහොම ඉතිං මාස ගානක් ගෙවිලා ගියා මචං.. අන්තිමෙිදි විභාගයත් ලං වුනා. අපි කටිටියම ඉතිං මැරිගෙන රිවිෂන් පේපර් කරනවා සර්ගේ පංතියේදි. දවසක් අපේ පංතියේ සර් කිවිවා ලමයි ඔක්කෝටම දවල්ට කෑමයි, වතුර බෝතලයක් එහෙම අරගෙන බහිරව කන්ද නගින්න යමු කියලා. විභාගේට තව සති 3ක් තියෙද්දි කවුද මචං බහිරව කන්ද නගින්න යන්න හිතන්නේ. අපි ඔක්කෝම මුනට මුන බලා ගත්තම සර් කිවිවා විභාගේට අවශ්‍ය කරන ප්‍රමානෙටත් වඩා මං ඔයගොල්ලන්ට උගන්නලා තියෙනවා ඒක නිසා මාව විශ්වාස කරන ලමයි විතරක් ඉන්නවානමි ලබන සිකුරාදා ගෙවල් වලට එහෙම කියලා අවසර අරන් එන්න කියලා..

( මතු සමිබන්ධයි)

4 comments:

නන්ඳු said...

අහිමිවු නුඹ.. ඉතින් ඊට පස්සෙ.. :)
කතාව ලස්සනට ලියලා තියෙනවා.. ඊ ළඟ කොටස බලාගෙන ඉන්නවා..

Unknown said...

හප්පේ හොඳම හරියට ඇවිල්ලා නවත්තලනේ...ඇඩ් දානකොට ටෙලිනාට්‍යත් එපා වෙනවා....

වින්චැට් කිරිල්ලි. said...

ඉක්මනින් ලියන්න ඉතුරු ටිකත්....

Unknown said...

නන්දුඃ- ස්තුතියි නන්දු... ඊලග කොටස ඉක්මනටම දාන්නමි...

ඔබ නොදුටු ලොවක්ඃ- මොනවා කරන්නද යාළු... ඉක්මනටම මෙි කතාවෙි ඉතුරු ටික දාන්නමි...

චින්චැටිකිරිල්ලිඃ- ඉක්මනටම දාන්නමි ...

මෙි පැත්තට ආපු හැමෝටම ස්තුතියි...!!!