Saturday, February 25, 2012

අහිමිවු නුඹ....- දෙවන කොටස



හැමදාමත් හිතේ හිර කරගෙන උන්නු කාටවත් නොකිවිව දෙයක් ටිකෙන් ටික තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න කොට හිතේ ඇතිවන සැනසීම එදා රෑ මගේ හිතෙත් ඇති උනා. අසංක මගේ ලගටම වෙලා මම අමතක කරන්න උත්සහ දරන ඒ අතීත කතාව අහන් හිටියා...

ඔන්න මචං ආනන්ද සර් කිවිව විදිහට ලමයි ඔක්කෝම වගේ ඇවිත් හිටියා එදා බහිරව කන්ද නගින්න. හැබැයි මෙචිචර කාලයක් අපි නොදැනුවත්ව හිටපු එක දෙයක් ගැන එදා තමයි මමත්, මගේ යාළුවෝ සෙටි එකත් දැන ගත්තේ. අපේ පංතියේ හිටපු ගොඩාක් කොල්ලෝ, කෙල්ලෝ අතර චුටි..චුටි.. ආදර සබධතා තියෙනවා කියලා.

සාගර.. බලහංකෝ අද මුන්ගේ මුනවල් නිකං තොටලග තොරණට බල්බි දැමිමා වගේ නේ කියලා පංතියේ හිටිය ලමයින්ට ඇහෙන්නත් එක්ක අපේ සෙටි එකේ හිටිය දහමි කෑගහලා කියන කොට කටිටයම ලැජ්ජාවෙන් බිම බලාගත්තේ හරියට සයිවර් කඩෙන් කෑම කාලා සල්ලි නොදි පැනලා යද්දි මාටිටු වුනු සෙටි එකක් වගේ මුන රතු කරගෙනයි.

ඔිකට තමයි ලමයි මම අද මෙි ගමන යමු කියලා කිවිවෙි.. මං පංතියේ ඉගැන්නුවට ලමයි පංතියේදි මොකද කරන්නේ පංතියෙන් එලියේ මොනවද කරන්නේ කියලා හොදට ඇහැ ගහගෙන හිටියේ. ඉස්කොලේ යන කාලේ ආදරය කලාය කියලා ලොකු වැරැද්දක් නමි වෙන්නේ නැහැ, හැබැයි ඉගනීම කඩාකප්පල් කර ගන්නේ නැතුව. එහෙම කිවිවෙි දේශපාලන විද්‍යා පංතියේ අපේ සර්. එතකොට තමයි ලමයි ඔක්කෝම දැක්කේ සර් අපි අතරෙම තමයි ඉදලා තියෙන්නේ කියලා...

උදේ 10 වෙන කොට අපේ පංතියේ කණ්ඩායම හිමින් හිමින් බහිරව කන්දට නගිනවා.. බහිරව කන්දට නගින කොට පොඩි පොදයක් වැටුනත් ඒක ඒ තරමි ගානකට ගත්තේ නමි නැහැ කවුරුවත්. කටිටිය ඉතිං ලතාවට සිංදු කිය..කිය, විහිළු තහළු කරගෙන බහිරව කන්ද මුදුනටම එද්දි උදේ 11.30ටත් කිටිටු වෙලා තිබිබා.

අමිමෝ... අපි මෙචිචර දුරක් පයින් ආවද කියලා කවුදෝ මගෙන් අහනවා වගේ දැනුනා.

හරියට නිකං කනට මී පැණි වත්කරනවා වගේ කටහඩක්.. අපේ සෙටි එකේ කාගෙවත් නෙමෙයි කියලා මං ඉන්තේරුවටම දන්න නිසා පිටි පස්ස හැරිලා බලන කොට අර තාත්තා එක්ක කාර් එකෙන් පංතියට එන සමන්ති මගේ ලග හිටියා.

කවදාවත් මාත් එක්ක කතා නොකරපු සමන්ති මං දිහා බලාගෙන ඉන්නවා දැක්කම මටම පුදුම හිතුනා...

ඔයා මගෙන්ද ඇහුවෙි මෙචිචර දුර පයින් අපි ආවද කියලා ?... ටික වෙලාවක් ගිහිං මං සමන්තිගෙන් ඇහුවා.

ඔිවි අනේ.. ඇයි ඔයා හිතුවද මට තනියම කතා කරන්න තරමි පිස්සුවක් තියෙනවද කියලා..

සමන්ති නිකං මුන නරක් කරන් වගේ ආපහු එහෙම අහන කොට මම නිකමි කරකවලා අත ඇරියා වගේ දැනුනා...

නැහැ.. මං එහෙම හිතලා කිවිවෙි නැහැ. අදට අවුරුදු දෙකක් වෙනවා අපි දෙන්නම මෙි පංතියට ඇවිත්. අපි දෙන්නා අතර මීට කලිං වචනයක්වත් කතා කරලා නැති නිසයි මං එහෙම ඇහුවෙි.. අන්තිමෙිදි මම එහෙම උත්තරයක් දුන්නා..

ටිකක් වෙලා මං කියපු කතාව අහගෙන හිටපු සමන්ති හිනා වෙලා මං දිහා බැලුවා..

සොරි.. මාත් ඔයා එක්ක කතා නොකර ඉදලා අදම කතා කරන්න හිතුවෙි ඔයා මං දැක්ක අනෙක් ලමයින්ට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් නිසා. ඔයා කවදාවත් පංතියේදි ගැහැණු ලමයි ඉස්සරහ බොරුවට රගපාලා, කෑගහනවා මං දැකලා නැහැ. අනිත් එක ඔයා හැමදාම මම තාත්තී එක්ක ක්ලාස් එකට එනකොට පංතිය ඉස්සරහට වෙලා ඉන්නවා. ඇත්තටම මම විතරක් නෙමෙයි තාත්තී වුනත් මුලින්ම හිතුවෙි ඔයා මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන එහෙම ඉන්නවා කියලා. ඒත් මගේ යාළුවා ෂෙහානී තමයි කිවිවෙි ඔයා එතනට වෙලා ඉන්නේ ඔයාගේ යාළුවෝ එනකමි කියලා.

සමන්ති එක දිගට අර විදිහට කියාගෙන යනකොට මම පුදුම උනා.

කමක් නැහැ.. මං ඔයාට වැරැද්දක් කරලා නැහැ කියලා ඔයාම දන්නවා නේ. මට ඒ ඇති. මම එහෙම කිවිවාම සමන්ති මං දිහා බැලුවෙි ලොකු වැරැද්දක් කරලා සමාව ගන්න හොරගල් අහුලන පොඩි ලමයෙක් විදිහට.

මිහ්..ඇති යාන්තමි. අදයි මගේ හිතට සතුටක් දැනුනේ. සමන්ති එහෙම කියද්දි මම පුදුමයෙන් වගේ එයා දිහා හැරිලා බැලුවා.

ඇයි එහෙම කිවිවෙි?

නැහැ සාගර.. මම ඔයාට මෙි ටික නොකියා ලබන සතියේදි ක්ලාස් එකෙන් ගියා නමි මම හැමදාම විදවනවා හිත හොද ලමයෙක් ගැන මම වැරදියට හිතාගෙන හිටියා කියලා. එහෙම උනානමි මම හැමදාම විදවනවා සාගර.

සමන්තිගේ කටින්ම පලවෙනි වතාවට මගේ නම කියන කොට මම හිතුවා මෙචිචර වෙලා මම හීනයක්ද දැකලා තියෙන්නේ කියලා. කෝකටත් කියලා සමන්තීට හොරෙන්ම මම මගේ වමි අත කොනිත්තලා බැලුවා.. නැහැ, මං මෙි දකින්නේ හීනයක් නෙමෙයි. ඒක ඇත්තක්.

ඒකට කමක් නැහැ, දැන් ඔයාගේ හිත නිදහස් නේ.. සතුටින් ඉන්න දැන්. මම ඔයා ගැන වැරදියට හිතන්නේ නැහැ.

ගොඩාක් ස්තුතියි සාගර... සමන්ති බොහොම අහිංසක විදිහට මං දිහා හිනා වෙලා කිවිවම මාත් හිනාවුනා...

( මතු සමිබන්ධයී)

5 comments:

Reshan Chathuranga said...

බලමු ඉතුරු ටිකත්

Anonymous said...

එයා එනකන් බලන් ඉන්න හිතුනෙ නැද්ද........?

Harshana said...

කතාවේ හැටියට දැන් නම් ..... පොඩ්ඩක් සමන්ති ගැන හිතන්න වෙනවා වගේ....

ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න...
එල

නන්ඳු said...

සමන්තිගෙ විතරක් නෙමෙයි ගෙදර අයගෙත් හිතෙත් එහෙනම් සාගර ගැන හොඳ රූපයක් මැවිලා.. :)

ඉතින්... ඉතිරියට.. :)

වර්ණා said...

anith tikath balamuko :)