Tuesday, February 14, 2012

නිහඩ වාර්ථා රැසක් තැබු ඉන්දු-ලංකා එක්දින තරගය



අද පැවැති ඉන්දු-ලංකා එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන්වු බව අප කවුරුත් දන්නා කරුණකී. එහෙත් එම තරගයේදි ශ්‍රි ලංකා කණ්ඩායම යැවිය යුතු නියමිත පන්දු වාර 50 න් එක ඔිවරයකදි අඩු පන්දු සංඛ්‍යාවකින් අවසන් කල බව දන්නවාද?. ඒ ලසිත් මාලිංග විසින් තරගයේ යැවු 30 වන ඔිවරයේදි ඔහු යැවිවෙි පන්දු 5ක් පමනයි. බැරි වෙලාවත් ඔහු 6 වන පන්දුව යවා එම පන්දුවෙන් ඉන්දියාව ලකුණක් ලබා ගත්තානමි අද තරගයේදිත් අපට අත්වන්නේ පරාජයයි. එහෙත් එම අඩු පන්දුවාර ඔිවරයේ යැවිවෙි අපේ ක්‍රිඩකයින්ගේ වැරැද්දින් නොවෙි. එම වැරැද්ද සිදුකලේ නයිජල් ලෝංග් විනිසුරුවරයායී. ඔහු විසන් නිල වශයෙන් ලසිත් මාලිංගගේ ඔිවරය අවසන් බව සදහන් කිරිම එයට හේතුවයී.

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර මෙතෙක් එක්දින තරග 131ක් පවත්වා ඇති අතර ඉන් තරගයක ලකුණු සමවු පලමු අවස්ථාව මෙය විය. එමෙන්ම ඔස්ටේ‍රිලියාවෙි, ඇඩිලේඩි පිටියේ තරගයකදි ලකුණු සමවු පලමු අවස්ථාව ලෙසින් අද පැවති තරගය වාර්ථා පොත් අතරට එක් වෙයී.

අද තරගයේදි දෙපිලම හතරේ පහරවල් 15 බැගින් හා හයේ පහරවල් 2ක බැගින් එල්ල කිරිමද විශේෂත්වයකී. එමෙන්ම දෙපිලම ලබාදුන් අතිරේක ලකුණු සංඛ්‍යාව 8 ක් වෙයි. දෙපිලම ඔිවර් 50 අවසන් වන තෙක් ක්‍රිඩා කල අතරම ලකුණු ලබා ගැනිමෙි දල වෙිගය 4.72ක් විය. කණ්ඩායමි දෙකේම කඩුළු 9 බැගින් දැවි ගියාය...




ශ්‍රි ලංකා පිලේ 5 වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවි යන විට ලකුණු පුවරුව දිස්වුයේ 178ක් ලෙසින් අතර ඉන්දියානු පිලේ 5 වන කඩුල්ල ලෙසට ගෞතමි ගාමිභීර් දැවි යන විට එම පිලේ මුළු ලකුණු සංබ්‍යාව වුයේද 178කී. දෙපිලේම 6වන කඩුල්ල ලෙසින් පිලිවෙලින් තිසර පෙරේරා හා රවින්ද්‍ර ජඩෙිජා දැවි යන විට ලකුණු පුවරුව සටහන්ව තිබුනේ 184ක් ලෙසිනී.

කඩුල්ල මුවා කිරිමෙි වරදට හසුවි දෙපිල්ම එක් පිතිකරුවෙක් බැගින් දැවි යාමද අද තරයේදි දකින්නට ලැබුනු තවත් එක් සුවිශේෂි අවස්ථාවක් විය.
 

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර අද පැවති තරගය තවත් බොහෝ කාලයක් යන තුරු අප කාගේත් සිත්වල නොමැකිව සටහන්ව තිබෙනවා නොඅනුමානයී....


9 comments:

රාජ් said...

පරීක්ෂාව.

රාජ් said...

රංගන හේරත්ගෙ පන්දුවට ගෞතම් ගාම්භීර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනානම් ලංකාව දිනන්නෙ ගොඩක් කලින්. ඒත් ඒ තීරණය දුන්නෙ අපේ අවාසියට. ‍තෙවැනි විනිසුරුට මේවගේ අවස්ථාවන් දාන්න තියන ඉඩකඩත් ඇහිරුවෙ ඉන්දියන් කාරයන්ම තමයි.

Unknown said...

ඒක ඇත්ත රාජ්.. අද ක්‍රිකටි ක්‍රිඩා කරන ගොඩාක් රටවල් විනිසුරු තිරණය නැවත සලකා බැලිමෙි ක්‍රමවෙිදය අනුගමනය කරනවා. මොකද ඒ කණ්ඩායමි දන්නවා විනිසුරුවරයෙක් අතින් වැරදි වෙන අවස්ථා වැඩියි කියලා. ඒ වගේම ඉන්දියාව දන්නවා එයාලගේ ක්‍රිඩකයින් ගොඩ දෙනෙක් පිතිකරණයේ යෙදෙනකොට පාද හැසිරවීමෙි තියෙන අඩු පාඩුකමි ගැන. ඒකට ප්‍රධානම හේතුව තමයි ඉන්දීය පිලේ ගොඩාක් ක්‍රිඩකයින් අයි.පි.එල්. ක්‍රිඩා කරලා කරලා ඇති කර ගත්ත දෙයක්. ඒ නිසා ඉන්දිය ක්‍රිඩකයින් පිතිකරණයේදි කඩුල්ල මුවා කිරිමෙි වරදට හසුවෙන අවස්ථාවන් වැඩියි. ඔය නිසා තමයි ඉන්දීය කාලකන්නි ටික විනිසුරු තීරණ නැවත සැලකිමෙි ක්‍රමවෙිදයට අකමැතී....!!!

The තරුවා said...

සිරාවටම පට්ට මැච් එක...ඒත් දිනන්නත් තිබුනනම්...

ලසන්ත said...

තිස්වැනි ඕවරයේ හයවැනි බෝලෙන් විකට් එකක් ගියානම් කොහොමද?
ඉන්දියන් කාරයෝ හැමවෙලාවෙම දකින්නේ ඕනදෙයක් උන්ගේ වාසියට විතරයි.

වර්ණා said...

මැච් ගැන නම් නො කමෙන්ට්ස් :)

කිරිපුතා said...

මැතිව්ස්ගෙ ඕවරේ තව පොඩ්ඩක් ශේප් කරගන්න තිබ්බනම් මැච් එක ගොඩදාගන්න තිබ්බා.

Unknown said...

වර්ණා:- දිනුම පැරදුම කියන දෙකම අපි විද දරාගන්න ඔින. නැත්නමි අපේ ජිවිතේදි අපිට අත්විදින්න වෙන සමහර නොලැබීමි වලදි අපේ දරාගැනිමෙි ශක්තිය නැති වෙනවා...

කිරිපුතාඃ- ඒකනමි ඇත්ත මොනවා කරන්නද. ඊලග පාරවත් අපි දෙමුකෝ බැටෙි...


තරූගේ ලෝකයඃ- කියලා වැඩක් නැහැ, නියම මැචි එකක් බැලුවා ගොඩාක් කාලෙකට පස්සේ

ලසන්තඃ- ඉන්දියන් කාරයින්ගේ හැටිත් ඔහොමිම තමයි.

KBW said...

හෆ්ෆා මේ මැච් එකේ මෙච්චර හරියක් තිබුනා කියලා දන්නේ අදනෙ...