Wednesday, March 7, 2012

අහිමිවු නුඹ- තෙවන කොටස



සමන්ති මාත් එක්ක එදා කතා කලාට පස්සේ මට ආපහු සමන්තිව දකින්න ලැබුනේ අපේ දේශපාලන විද්‍යා පංතියේ අවසන් දවසේදි. එදා අපිට වැඩි වැඩක් නොතිබිබත් සර් විභාගයට එන්න පුළුවන් කියලා අනුමාන කරපු රචනා ප්‍රශ්න දෙකක් ගැන පැය දෙකක් විතර ලමයි එක්ක සාකචිජා කලා.

" ඉතිං ලමයිනේ.. ඔන්න අවුරුදු දෙකක් විතර ඔය ලමයි මගේ පන්තියට ආවා. ඔය ලමයි ටික වැදගත් විදිහට මගේ පංතියේදි හැසිරුනා. මට ඒක ලොකු දෙයක්. මොකද අද කාලේ අපි ඉගෙන ගන්න ඔින වගේම තමයි වැදගත්කම, හොද හැසිරිම අපි අපේ ජිවිත වලට එකතු කරගන්න ඔින. තව දවස් 3 කින් විභාගේ පටන් ගන්නවා. හැමදෙනාටම විශ්ව විද්‍යාලේට යන්න වරමි ලැබෙිවායි කියලා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා වගේම කවදා හරි දවසක ආපහු මෙි සර්ව කොහේද හරි දැක්කොත් කතා කරයි කියලා හිතනවා." එදා පන්තියේදි සර් අපිට මෙි වගේ ඔවදනක් දෙන කොට ගොඩාක් ලමයින්ගේ ඇස් වලින් කදුළු වැටෙනවා මම දැක්කා. සමන්තිත් එයාගේ අතේ තියෙන ලේන්සුවෙන් ඇස් දෙක පිහදානවා දැක්කාම මට එයා ගැන පුදුම හිතුනේ නැහැ. මොකද ගැහැණු ලමයින්ට පොඩි දෙයක් වුනත් අඩන්න තියාගන්නවානේ...

ඉතිං... එදා උඹ සමන්ති එක්ක කතා කලේ නැද්ද?..

කතා කලා මචං.. එදා අපි පංතියේදි සිංදු කිවිවා. සමහර ලමයි නැටුවා. ඔය අතරේදි මටත් සිංදුවක් කියන්න උනා.

අහා...මනමාලයා සිංදුවත් කිවිවද?

අනේ නැහැ බන්. මට අපේ ඉස්කොලේ නම බෙිරගන්න සිංදුවක් කියන්න උනා. ඉතිං එදා සිංදුව කියලා ඉවර උනාට පස්සේ අපි සර්ට වැදලා පංතියෙන් එලියට බහින කොට සමන්තිව මුන ගැහුනා.

සාගර.. කොහොමද?

හොදින් ඉන්නවා සමන්ති. විභාගයට දැන් ලෑස්තිද? දිගටම පාඩමි කරනවාද නැත්නමි මෙි දවස්වල නිවාඩු පාඩුවෙිද ඉන්නේ...

නැහැ සාගර්. ඔයා වගේ මම බ්‍රයිටි නැහැ නේ. ඉතිං උදේ රෑ කියලා වෙනසක් නැතුව දිගටම පාඩමි කරනවා. ඔක්කෝමත් හරි මට ලොජික් තමයි ටිකක් අමාරු..

එහෙමද... ඔයාට මම මගේ ලග තියෙන ෂොර්ටි නෝටිස් ටිකක් දෙන්නමි. පාඩමි කරනකොට ඒවත් බලාගන්න. ඔයාට ලේසි වෙයි. මං එදා එහෙම කියලා බෑග් එකේ තිබිබ ලොජික් ෂොර්ටි නෝටිස් ටික සමන්තිට දුන්නාම එයා මට ගොඩාක් ස්තුතියි කලා.

එදා සමන්තිගේ තාත්තා ඇවිත් හිටියේ නැහැ එයාව ගෙදර එක්කන් යන්න. සමන්ති ගුඩිෂෙඩි බස් ස්ටෑන්ඩි එක ලගට ආවෙි මාත් එක්ක කතා කර කර. සමන්තිගේ පවුලේ විස්තර, ඒ වගේම විභාගය ඉවර වෙලා කරන්න හිතන් ඉන්න දේවල් ගැන මාත් එක්ක කිවිවා.

ඒ කියන්නේ සමන්ති එයාගේ ජිවිත කතාවෙන භාගයක්ම උඹට කිවිවා. එහෙමද?

නැහැ අසංක. ඒ කෙල්ල මාත් එක්ක කියෙවිව දේවල් මං අහන් හිටියා මිසක් මං එයාගෙන් හාරඅවුස්සලා විස්තර අහන්න ගියේ නැහැ බන්.

ඒ මොකද ඒ?...

උඹ හිතුවද ක්ලාස් එකේදි හමිබු වෙලා දවස් දෙකක් විතරක් කතා කරපු කෙල්ලෙක්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්ද කියලා පොලිසියෙන් මාල හොරුන්ගෙන් ප්‍රශ්න කරන විදිහට? නිකං ඉන්න වෙලාවට ඔළුව එහෙම අතගාලා බලපන් ඔළුවෙි අං දෙකක් තියෙනවද කියලා. මං විහිළුවට වගේ අසංකට බැන්නා.

නැහැ... මම නිකමි ඇහුවෙි.. අසංක බොහෝම අහිංසක විදිහට පිලිතුරු දුන්නා.

ඉතිං ඊට පස්සේ මොකද උනේ කියපං.

මම එදා හෙදර ගියේ සමන්තිව පිලිමතලාව බස් එකටත් නග්ගලා. සමන්ති බස් එකට නැගලා ආපහු බස් එකෙන් බැහලා මගේ ලගට දුවගෙන වගේ ආවා.

ඇවිත් උඹට ආදරෙයි කිවිවද?..

උඹෙි ඉටි ගෙඩිය... පිස්සු කියවන්නෙපා බන්. මම ආපහු අසංකට කෑගැහුවා.

එයා ඇවිත් මට අතට අත දිලා කිවිවා " සුභ පතනවා විභාගය හොදට කරන්න කියලා... පුළුවන්නමි විභාගය ඉවර වෙන අන්තිම දවසේ මෙතනදිම ආපහු හමිබු වෙමු කියලා කිවිවා.."

ඇත්තටම මම එදා ගෙදරට කොහොම ගියාද කියලා මටවත් මතක නැහැ. හරියට ඒක හීනයක් වගේයි මට දැනුනේ.

ඉතිං... උඹ ගියාද විභාගය ඉවර වෙලා සමන්තිව බලන්න..

කොහොම හරි එදා සමන්තිව අන්තිමට හමිබ උනු දවසේ ඉදලා මගේ් හිතේ කොනක සමන්ති ගැන පොඩි ආදරයක් ඇතිවුනා මචං. මම කොහොමහරි විභාගය ගොඩ දාගන්න මහන්සි උනා. එදා අපිට අන්තිමට තිබිබෙි ඉංග්‍රිසි ප්‍රශ්න පත්රය. විභාගේ ලියලා ඉවර වෙලා මම යාළුවන්ට කතා කරලා කෙලින්ම දුවන් ආවෙි ගුඩිෂෙඩි බස් හොල්ටි එකේ පිලිමතලාව බස් නතර කරන තැනට.

( මතු සමිබන්ධයි)

6 comments:

පිස්සා පලාමල්ල said...

ඔන්න මචන් කොටස් තුනම අද බැලුවා.... දිගටම බලනවා... ලියපන්.. ලස්සනට ගලාගෙන යනවා...

Unknown said...

ගොඩාක් ස්තුතියි....!!!

නන්ඳු said...

අහිමි වූ නුඹ.. හමුවුණා ද එදා..
ඊළඟ කොටසත් බලාගෙන ඉන්නවා සහෝ. :)

වැසි දැරිය - The Rain Girl said...

මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
http://wehimandarama.blogspot.com/
-වර්ෂා..

පුංචි said...

ඔන්න මමත් ආවා.ලස්සන කතාවක්....

Anonymous said...

Onna Nadun maarh kotas 3 a baluwa.
Lassani. Ikmanata ithueu tikath denna.
Kumari