Sunday, July 8, 2012

අහිමිවු නුඹ- 11 වන කොටස






මචං, අපි යන ගමනින් වැඩක් වෙයිද?


ගමිපල යන්න බයික් එකට නැගලා හෙල්මටි එක දාගන්න යනකොට දහමි ඇහුවම උගේ හොමිබට දෙකක් අනින් හිතුනේ උදේ පාන්දරම කියපු කතාව නිසා නෙමෙයි ඌගේ මුනේ තිබුනු නිදිමතකම දැක්කමයි.


යමන්කෝ මෙතන ඉදලා පේන බලන්නේ නැතුව. වැඩක් උනොත් එහෙමිමයි, නැත්නමි අනිත් පැත්ත හැරිලා එමු. මම එහෙම කිවිවෙි පැතුමිව මුන ගැහිලා මිසක් ආපහු මම එන්නේ නැහැ කියන හැගීම හිතේ තියාගෙන.


උදේන්ම පිටත් උනු නිසා පාරේ ටිකක් විතර මීදුමි ගතියත් එක්ක පාන්දර වැටුනු වැස්ස නිසා පරිසරයත් අමුතුම නැවුමි බවකින් වෙලිලා තිබුනා. බයික් එක පදින්නේ දහමි නිසා මට කරන්න තිබුනේ පාර දෙපැත්ත බල බල යන එක විතරයි.


මචං, බඩගිනියි කොහෙන් හරි කාලා යමුද? මම පිටිපස්සේ ඉදලා දහමිගේ මුන ලගට ලංවෙලා ටිකක් හයියෙන් ඇහුවා.


හරි මචං... මමත් මෙි කියන්නමයි හිටියේ. පටිට බඩගිනියි බන්.


අපරාදේ කියන්න බැහැ මුටත් කෑම කියන වචනේ ඇහුනානමි ඔිනම දෙයක් කරනවා. තවත් මිටර් 200ක් විතර ගියාම පාර අයිනේ තිබුනු පොඩි පොල් අතු කඩයක් ලගින් දහමි බයික් එක නතර කලා.


උදේට කාලා ඉවර වෙලා ආපහු පිටත් වෙන කොට කලින් තිබුනු මිදුමි ගතිය එහෙම අඩුවෙලා තිබුනා. 


උදේ 10 වෙන කොට අපි ගමිපොල ටවුමට ආවා. ඊට පස්සේ එතැන ඉදලා පැතුමිගේ ගෙදර තිබුනු අඹගමුව කියන ගමට ආවෙි සමන්ති දිලා තිබුනු එඩිඩ්‍රස් එක කීහිප දෙනෙක්ට පෙන්නලා එයාලගෙන් පාරවල් එහෙම අහගෙන.


මචං, අර කඩෙන් කිවිව විදිහට මෙි තමයි පැතුමිගේ ගෙදර. දහමි බයික් එකේ ඉදන්ම සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක් පෙන්නලා මට කිවිවා.


බලමුකෝ කතා කරලා... එහෙම කියාගෙන මම බයික් එකෙන් බැහැලා ගේටිටුව ලගට ඇදුනා.


ගේටිටුවට පිටුපාලා වතුසුදු ගහට වතුර බටෙි අල්ලන් ඉන්න ගැහැනු ලමයෙක් ඇරෙන්න ගෙදර ඉස්සරහ කවුරුවත් පේන්න නමි නැහැ. මම හෙමීට මට පිටි පස්සට වෙලා හිටිය දහමිට කිවිවා.


ගෙදර කවිද? මටත් කලින් දහමි වැඩෙිට බැස්සා..


මල් ගහට වතුර බටෙි අල්ලන් හිටපු ගැහුනු ලමයා ගැස්සීලා වගේ ගේටිටුව දිහා බැලුවෙි අපි කවුද කියලා හොද හැටි බලන ගමනුයි.


ඔයාලා කවුරු හමිබ වෙන්නද? කිසිම පැකීලිමක් නැතුව ඒ ගැහැනු ලමයා ප්‍රශ්නේ දැමිමා


පැතුමි ඉන්නවද? මම ඇහුවා


අයියා ගෙදර නැහැ.. 


කොහේ ගිහින්ද කියලා දැනගන්න පුලුවන්ද? 


ඔයාලා කවිද?


අපි නුවර ඉදලා ආවෙි. අයියාගේ යාළුවෙක්ගේ පණිවිඩයකට. 


එහෙමද? අයියා වත්ත පල්ලෙහා ඉන්නවා ඇති, මම ගිහිං කතා කරන්නමි. අයියලා ඔහොමිම ඉන්න. එහෙම කිවිව පැතුමිගේ නංගි වතුර බටෙි ලග තිබුනු ඇන්තුරියමි පැල අතරට දාලා ගෙදර පිටිපස්සට දුවන් ගියා.


යකෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවෙන් වගේනේ බන් ප්‍රශ්න කලේ. මෙචිචර වෙලා කට වහන් අහන් හිටපු දහමි කියවන්න ගත්තා.


මෙි පනින්නේ නැතුව ඉදපන්. දැන් පැතුමි ආවට පස්සේ ඌත් මෙි වගේ ප්‍රශ්න කෝටියක් විතර අහයි අපෙන්. උඹ ඉස්සරහට පනින්නේ නැතුව ඉදපන්. 


හරි...හරි.. උඹ ඔය මට කියන්නේ ගොනා සේ ඉන්න කියලනේ. මම එහෙමිම ඉන්නමි. දහමි අමනාපෙන් වගේ අහක බලාගෙන කියවනවාත් එක්ක වතුසුදු ගහ ලගින් එක පාරටම අපි බලාපොරොත්තු වෙලා ඉදපු කෙනා මතුවුනා.


ඔයා පැතුමිද? මම ඇහුවා


ඔවි.. ඔයා කවිද?


මම සාගර, පැතුමි මාව නමි දන්නේ නැහැ. මම ආවෙි ඔයාගේ යාළුවෙක්ගේ පණිවිඩයකට. ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන්කමක් තියේවිද?


මිහ්.. කවිද මගේ යාළුවා. මට නුවර නමි යාළුවෝ කවිරුත් නැහැ. 


හොදට මතක් කරන්න පැතුමි.. මම හිතන්නේ පැතුමි බලාපොරොත්තුවෙන විදිහේ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ පිරිමි කෙනෙක් නෙමෙයි.


මිහ්.. හරි යමු එහෙනමි මෙහෙමිම කතා කර කර පල්ලෙහා වෙල පැත්තට, අපිට ගේටිටු ඇරලා දිපු පැතුමි ඉස්සර වුනා.


වෙල ලගට ආවාට පස්සේ පැතුමිට දෙන්න කියලා සමන්ති දිපු ලියුමයි තෑග්ගයි මම පැතුමිගේ අතට දුන්නා.


මෙි මොකක්ද? පුදුමයෙන් වගේ පැතුමි මගෙන් ඇහුවා.


කියවලා බලන්න පැතුමි.. 


වෙල ලග තිබුනු ලිද ලගට ඇවිදන් ගියේ පැතුමිට තනියම ලියුම කියවන්න දිලා ලස්සන පරිසරය දිහා බලනවාට වඩා මගේ හිතේ තිබුනු කලබල ගතිය ටිකක් අඩුකර ගන්න තිබුනු උවමනාවටයි. 


විනාඩි දහයකට පස්සේ මගේ පිටි පස්සෙන් කවිද එන සද්දේ නිසා මම හැරිලා බැලුවා. ඒ දහමි.


මචං, මොකද අවුලක් නැහැ නේද?


නැහැ බන්, මම සමන්ති දුන්නු ලියුමයි තෑග්ගයි දුන්නා පැතුමිට. අර අඹ ගහ යටට වෙලා පැතුමි ලියුම කියවන නිසා මම මෙි පැත්තට වෙලා හිටියා.


ටික වෙලාවකට පස්සේ පැතුමි අපි හිටිය දිහාවට ආවා. 


ඔයාද සාගර කියන්නේ. පැතුමි මගෙන් ඇහුවා.


ඔවි... 


උඹට පින් මචං මෙි කරපු උදවිවට. මම සමන්තිව හොයන්න විදපු දුක දන්නේ මම විතරයි. පහුගිය කාලේම මම ගමිපොල ටවුන් එකේ හැමතැනම එයාගේ යාළුවන්ගේ ගෙවල් වලට ගිහිං සමන්ති ගැන තොරතුරක් හොයා ගන්න බැලුවා. ඒත් කවිරුවත් කිවිවෙි සමන්තිට මොනවා උනාද කියලා එයාලවත් දන්නේ නැහැ කියලා. 


පැතුමි කියාගෙන යනකොට එයාගේ ඇස් දෙකින් කදුලු වැටෙනවා මම දැක්කා. 


මම සමන්තිට ආදරේ කලේ එයාගේ දේපල නිසා නෙමෙයි. අනිත් එක සමන්තිගේ ගෙදර අයට වගේ එයාගේ ඔලුවෙි සල්ලිකාරකම ගැවීලාවත් තිබුනේ නැහැ. එයාට ලොකු ආසාවක් තිබුනා කවදාහරි දවසක මම ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න. ඒ ලේවල් විභාගයට අවුරුද්දක් තියෙද්දි තමයි සමන්තිගේ ගෙදර අය එයාවත් එක්කන් මෙහෙන් ගියේ. මම සමන්තිගේ ආසාව ඉෂ්ඨ කරන්න ඔින නිසා කොහොම හරි විභාගය හොදට කලා. ඒත් මම හිතුවෙි නැහැ කවදාවත් මට සමන්තිව ආපහු මුනගැහෙන්න තියා එයා ගැන ආරංචියක්වත් දැනගන්න ලැබෙවි කියලා. ඒත්, මම එචිචර අවාසනාවන්ත නැහැ කියලා මට දැනුයි හිතෙන්නේ මචං. මට අද නිදහසේ නිදාගන්න පුලුවන්. පැතුමි මෙචිචර දවසක් හිතේ තියාගෙන හිටිය බර අපි ඉස්සරහා කියවලා නිදහස් කලා වගේ හැගීමකින් ලොකු හුස්මක් පිට කලා.


හරි පැතුමි, මම ඔයාලා දෙන්නව කොහොම හරි එකතු කරනවා. ඒ ගැන බයවෙන්නෙපා. දැන් උඹට ෂුවර්ද මෙි පාර මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ටි වෙන්න පුලුවන් වෙයි කියලා. මම පැතුමිගෙන් ඇහුවෙි එක පාර මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ටි වෙන එකේ අමාරුව ගැන කලින් ඉදලම අහලා තිබුනු නිසයි.


මට ෂුවර් සාගර.. මම ගොඩ යනවා. පැතුමි ගත් කටටම කිවිවා.


හරි, එහෙනමි ලබන සතියේ රිසාල්ටිස් අවුටි වෙයිනේ. උඹ බයවෙන්නෙපා මම උඹට කැමිපස් එකේදි උදවි කරන්නමි. සමන්තීත් එහෙදි උඹට මීටි වෙන්න පුලුවන්. 


මම එහෙම කිවිවම පැතුමිගේ මුනට අමුතු එලියක් වැටුනා. 


ෂාහ්..මට ඒක දැන්නේ මතක් උනේ. 


සාගර.. යමු ගෙදරට, උඹලා ආවා විතරයි. තාමත් හිටගෙන මොනවත් බිවෙිවෙත් නැහැ. පැතුමි එකපාරටම කියාගෙන ගියා.


මගේ කකුල් දෙකත් රිදෙනවා බන් හිටන් ඉදලම. දහමි සුපුරුදු කුනු කුනුව ගාන්න පටන් ගත්තා.


පැතුමි අපි ඉක්මනට යන්නත් ඔින. එහෙම කියාගෙන මම දහමිගේ කරට අතක් දාගෙන පැතුමිගේ පිටිපස්සෙන් වැටුනා.


සාගර, එන්න මචං ඇතුලට. නංගි තේ හදනකමි මම සමන්තිට දෙන්න පොඩි ලියුමක් ලියන්නමි. කමක් නැහැ නේද? 


කිසිම අවුලක් නැහැ. අපි තේ බොනකමි උඹ මචං රවනාවක් උනත් ලියපං. දහමි පැතුමිට උත්තර බැන්දා.


දැන් උඹගේ හිතට සනීපද සාගර ?


උඹ දැක්කනේ දහමි,  පැතුමි ලොකු හිතේ අමාරුවකින් හිටියේ කියලා. ඔය ගැන කතා කරන්නෙපා මචං. මම හිත හදාගෙන ඉන්නේ. දහමි කියපු දේට මම රහසින් වගේ උත්තර දුන්නේ පැතුමිට මෙි කතාබහ ඇහුනොත් කරපු හැමදෙයක්ම වතුරේ ගියා වගේ වෙන නිසා.


අයියේ එන්න තේ බොන්න. පැතුමිගේ නංගි ඇවිත් කතා කලේ දහමි තවත් මොනවහරි කියන්න හදනකොටමයි.


හොදයි ... හොදයි අන්තිමෙදි දහමි කිවිවා.


(මතු සමිබන්ධයි)

3 comments:

තරුවා said...

හ්ම්.............

Dinesh said...

කියෙවුවා.. බලමු ඉතුරු කොටසුත්..

Nadun Shiwantha said...

ස්තුතියි මෙි පැත්තට ගොඩ වැදුනට....!!!