Sunday, April 8, 2012

අහිමිවු නුඹ- හයවන කොටස



හමුදාවට බැදෙන්න ඔින කියන අදහස මගේ තුන් හිතකවත් නොතිබිබ අදහසක්. ඒත් අපි හිතන දේවල් වලින් කීයෙන් කීයද හරියටම වෙන්නේ කියලා කියන්න කාටද පුළුවන්?...

මචං සාගර උඹ හොදින්ද ඉන්නේ..? මගේ මිතුරා අසංක මගේ ලගට ඇවිත් ඇහුවෙි අද දවල් උනු සිදුවීමි පෙල නිසා මම ඉන්නේ එචිචර හිත හොදින් නිසා නෙමෙයි කියලා ඌ දන්න නිසයි.

නැහැ මචං.. මට අර පොඩි ලමයි දෙන්නා ගැනයි දුක. කිසි දෙයක් නොදන්න ඒ ළමයින් දෙන්නා අර කාලකන්නි කොටින්ගේ බෝමිබෙිට අහුවෙලා මැරිලා හිටපු හැටි දැක්කම මට හිතේ දරාගන්න බැරි තරහක් ආවා මචං.

අද දවසේ උනු සිදුවීමි ටිකත් එක්ක මම රෑ වෙලා නිදාගන්න ගියත් මගේ ඇස් දෙක පියා ගන්න බැරි නිසා කෝපි කෝප්පයක් හදාගෙන බිලටි එකට එලියේ පුටුවක් උඩට වෙලා ඉන්න කොට මට ආපහු සමන්තිව මතක් උනේ හරියට අමතක කරන්න බැරි මතකයක් ගානටයී..

සාගර, ලබන සතියේ රිසාල්ටිස් එනවා නේද?

එහෙම එනවා කියලා තමයි ආරංචි.. ඒත් ඉතිං ඔික අවුටි වෙනකමි කාටවත් ඉතිං හරියටම ෂුවර් නැහැ නේ.. මම සමන්තිගේ ප්‍රශ්නයට උත්තර දුන්නා.

මෙි අපි දෙන්නම නුවර බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉංගිල්ෂ් කෝස් එක කරන්න ඇවිත් ගෙවිලා යන තුන් වන මාසය. ඉස්සර වගේ නෙමෙයි අපේ දෙන්නගේ හිතවත්කමට දැන් අළුත් බැදීමක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි ඉස්සර නිකං යාළුවෝ වෙලා හිටපු අපි දෙන්නා දැන් හොදම යාළුවෝ වෙලා.

සාගර ඒක නෙමෙයි.. ඔයා කැමිපස් සිලෙක්ටි වෙලා තිබුනොත් මොකද කරන්නේ?

මිහ්... කැමිප්ස් සිලෙක්ටි වෙලා තිබුනොත් මම කැමිපස් යනවා සමන්තී. අපේ ගෙදර අයගේ එකම ආසාව ඒක නේ.

ඇත්තද.. මම නමි හිතන්නේ නැහැ අපේ තාත්තා මට කැමිපස් යන්න දෙයි කියලා. ඒයලා කියන්නේ කැමිපස් සිලෙක්ටි වෙලා තිබුනොත් පිටරට කැමිපස් එකකට ඇප්ලයි කරලා යන්න කියලා.

ඒ මොකද ඒ? ඇයි ලංකාවෙි කැමිපස් වල උගන්නනවා හොද නැද්ද?
මම සමන්තිගෙන් එහෙම ඇහුවෙි සමන්ති මගෙන් ඈත් වෙයි කියලා ඒ වෙලාවෙි මගේ හිතේ එකපාරම ඇදුනු බයටමයී.

එහෙම දෙයක් නැහැ සාගර. අපේ ගෙදර අය හිතන විදිහ හරි වෙනස්. එයාලව හදන්න කාටවත් බැහැ. කොටින්ම කියනවානමි මම උනත් ගෙදර ඉද්දී එයාලා කියන දේවල් වල හොද නරක කියන්න යන්නේ නැහැ.

මිහ්..එහෙමත් දෙයක් තියෙනවද? මම හිතුවෙි ඔයා ගෙදර අයත් එක්ක සතුටින් ඉන්නවා කියලයි.
මම එහෙම කිවිවම සමන්ති මගේ මුන දිහා ටිකක් තරහෙන් වගේ බලන් හිටියා.

අපේ ගෙදර අය මාත් එක්ක ඉන්නේ අසතුටින් නෙමෙයි, මම කිවිවෙි එයාලා හැම වෙලාවෙම බලන්නේ මගේ යහපත, ආරක්ෂාව ගැනයි. ඉතිං එයාලා බයයි මට කැමිපස් එකේදි රැග් කරයි කියලා.

මගෙත් මෝඩකම...

අනේ සොරි සමන්ති මම අරම කිවිවෙි ඔයාලගේ ගෙදර අය ගැන වැරදියට හිතලා නමි නෙමෙයි. අයි ඈමි වෙරි සොරි සමන්ති.

ඒකට කමක් නැහැ සාගර,මම දන්නවා ඔයා එහෙම දෙයක් හිතලා කිවිවෙි නැහැ කියලා. ඒක අමතක කරන්න.

සමන්ති නිවාඩුවක් තියෙනවානමි දවසක යමුද දවල් කෑමකට?

මම එහෙම ඇහුවම සමන්ති මගේ මුන දිහා අමුතුවෙන් වගේ බැලුවා.

අයියෝ මම තව පාරක් ගොන් ප්‍රශ්නයක්ද ඇහුවෙි. මගේ හිත මටම දොස් තියද්දි...

මොකද සාගර ඒක පාරම එහෙම ඇහුවෙි? මොකක් හරි විශේෂයක්ද?

න්හැ... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔින එකයි. මම උත්තර දුන්නා.

ඔිකේ එහෙනමි අපි බදාදාට මීටි වෙමු... සමන්ති එහෙම කිවිවම තමයි මගේ හිතට යන්තමි හරි සැනසීමක් ආවෙි.

එදා සමන්තිව බස් එකට නග්ගලා ගෙදර ආවත් මගේ හිතේ වෙනදට වඩා නොසන්සුන් ගතියකින් වෙලිලා තිබුනා.

මම සමන්තිට ආදරෙයි කියලා කොහොමද එක පාරම එයාට කියන්නේ? මම එයාට ආදරෙයි කියලා කිවිවම එයා මම ගැන මොනවා හිතයිද? අඩුම තරමින් එයා ඊට පස්සේ මාත් එක්ක මුන බලලා කතා කරයිද? ඔය වගේ දහසකුත් එකක් ප්‍රශ්න මගේ ඔළුවෙි හොල්මන් කලා පහුගිය දවස් දෙකේම.

සමන්තිව මුන ගැහෙන්න තියෙන දවස අදයි... උදේන්ම නැගිටිටෙි හිත දෙගඩියාවෙන් පිරිලා තියෙද්දී..

( මතු සමිබන්ධයි)

සැ.යුඃ- පහුගිය සති දෙකේදිම මට කතාව එක දිගට ලියන්න බැරි උනා රාජකාරිමය හේතු කිහිපයක් නිසා. ඒත් ආපහු මට මෙි කතාවෙි ඉතුරු කොටස් කිහිපය ඉක්මනට ලියන්න පුළුවන් කමක් තියෙනවා. මොකද කියනවානමි පිට පිට 6 වෙනි අවුරුද්දටත් මම මෙිපාර අවුරුද්දට ගෙදර නොයන නිසා...:D

1 comment:

වැසි දැරිය - The Rain Girl said...

හුග දවසකින් නේද?
මම ඉතුරු කොටස් ටික කියවලාම එන්නම්.