Saturday, April 7, 2012

අහිමිවු නුඹ-පස්වන කොටස



ආ..මල්ලි මෙික තමයි වැදගත් වැඩක් තියෙනවා කියලා අන්තිමෙිදි අවුරුදු 13ක් එකට හිටපු අපිව දාලා පැනලා ආවෙි නේද?....

අපොයි.. මුන්ගේ කටවල් වලට හොදක් වෙන්නෙපා.. මුළු ඩෙවෝන් එකම මාවයි, සමන්තියි දිහා කන්න වගේ බලාගෙන ඉන්න එක මට තේරුමි ගියේ ඊටත් විනාඩි පහකට විතර පස්සේ.

අනේ නැහැ මචං... මම මෙි ගෙදරට එන නෑයෝ වගයකට කන්න කේක් එකක් ගෙන්න කියලා අමිමා කිවිවා නිසයි ඉක්මනට මෙතනට ආවෙි. එනකොට සමන්ති මෙතන හිටිය නිසා මොනවා හරි බොන ගමන් කතා කරන්න කියලා හිතුවා. එහෙම උඹලව අමතක කලේ නැහැ මචං. මම ඒ වෙලාවෙි කටට ආපු බොරුවක් කියලා දාලා සමන්ති දිහා හෙමින් බැලුවෙි මම කිවිව බොරුව නිසා එයා අප්සටි ගහලා ඇතියි කියලා හිතාගෙන.

සමන්ති මං දිහා ඇස් යටින් බලාගෙන තොල් දෙක තද කරන් ඉන්න හැටි දැක්කම මට ලාවට හිනාවක් ගියේ යාළුවෝ ටික මගේ ලග ඉන්නවා කියලා ගානක් නැතුව ගානටයි...

හා..හා..ඒකට කමක් නැහැ. අපිත් මෙි බඩගිනියි නිසයි මෙි පැත්තට ආවෙි. ඒත් ඉතිං උඹ මෙතන ඉන්නවා කියලා දන්නේ නැහැ නේ. අපිත් එහෙනමි මොනවා හරි අරන් එන්නමි කියපු යාළුවෝ ටික කැෂියර් එක පැත්තට ඇදුනා.

තව පොඩිඩෙන් දෙන්නම ඉවරයි නේ. සමන්ති මං දිහා බලාගෙන ඇහුවා.

මොනවා කරන්නද සමන්ති. යාළුවෝ උනාම ඔහොම තමයි. ඒක නෙමෙයි රිසාල්ටිස් එනකමි මොනවද කරන්නේ?

මම නමි හිතාගෙන ඉන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ දාලා තියෙන ඉංග්ලිෂ් කෝස් එක කරන්න කියලා.

ඇයි ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ?

සමන්ති මගෙන් ඇහුවා...

මම තාම නමි එහෙම දෙයක් ගැන හිතලා නැහැ සමන්ති. බලමු, කෝකටත් තව දවස් 2-3ක් නිවාඩු පාඩුවෙි ඉදලම තීරණයක් ගන්නවා.

මිහ්.. කමක් නැහැ සාගර, ඉංගිලිෂ් කෝස් එකට ඇප්ලිකේෂන් භාර ගන්න අන්තිම දවස ලබන සිකුරාදා. තව සතියක්ම තියෙනවා නේ.

සමන්ති මෙි නොකියාම කියන්නේ එයා යන ඉංග්‍රිසි පන්තියටම මටත් යන්න එන්න කියලද?
මට නමි එක පාරටම එහෙම දෙයක් ගැන හිතා ගන්නවත් බැරි උනා. කමක් නැහැ. එක පාරම ක්ලාස් එකට යන්න එන්නමි කියලා කිවිවානමි සමන්ති හිතයි මම එයා කියන හැමදේම අහන් ඉන්න හොද බුරු පැටියෙක් කියලා. මම සමන්තිගේ මුන දිහා බලාගෙනම කල්පනා කරන්න පටන් ගත්තා.

මොකද සාගර මගේ මුනේ මොනවා හරි තියෙනවද? සමන්ති එක පාරම එහෙම ඇහුවම මට උන් හිටි තැන් පවා අමතක වෙලා ගියා.

න්හැ..නැහැ...මට වචන හොයා ගන්නත් බැරි වුනා සමන්ති එකපාරම මගෙන් එහෙම අහපු වෙලාවෙි.

මිහ්..අපි එහෙනමි යමුද සාගර? දැන් හවස් වෙිගනත් එනවා. සමන්ති ඊට ටික වෙලාවකට පස්සේ මගෙන් ඇහුවා.

ඔිකේ...එහෙනමි අපි යමු. මම මෙසයෙන් නැගිටලා ඊට එහා පැත්තේ හිටපු යාළුවෝ ලගට ගියේ යන්නමි කියලා එන්න.

හරි මචං.. එහෙනමි හෙට මෙතනදීම උදේ 10ට මීටි වෙමු කියලා කියාගෙන මම සමන්තී හිටිය පැත්තට ආවා.

මොකද යාළුවෝ කටිටිය කොහේ හරි පනින්න හදනවා නේද විභාගේ ඉවර උනු ගමන්ම?

නැහැ.. අපිට උගන්නපු සර් කෙනෙක්ට අසනීප වෙලා හිටියා පහුගිය දවස් වල. සර්ව බලන්න යන්න කතා කරන් හිටියේ විභාගේ ඉවර වුනු ගමන්ම. ඒකයි දහමි කිවිවෙි හෙට උදේට යමු කියලා.

මම සමන්තිගේ ප්‍රශ්නයට ඇත්තම උත්තරේ දුන්නා.

එහෙනමි සාගර, ගොඩාක් ස්තුතියි අද මං නිසා යාළුවෝ කටිටියත් තරහ කරගෙන මාව බලන්න ආවට. සමන්ති මං දිහා බලාගෙන එහෙම කිවිවම මට එයා ගැන හිතේ පුංචි දුකකුත් ඉතිරි කරලම එයා පිලිමතලාව බස් එකට නැගලා යන්න ගියා..

මචං... සාගර උඹට තිබුනනේ සමන්තිත් එක්ක බස් එකේ නැගලා අඩුම තරමින් ඒ ලමයාගේ ගෙවල් ලගට වෙනකමිවත් යන්න..

මෙචිචර වෙලාවක් මොකුත් නොකියා කතාව අහන් හිටපු අසංක අන්තීමෙිදි අහපු ලස්සන ප්‍රශ්නෙට උත්තර හොයනවා වෙනුවට මම කලේ හොදවැයින් ටොක්කක් ඌට ඇනපු එකයි.

ඉතිං...ඉතිං... ඊට පස්සේ උඹ තීරණය කලාද සමන්ති එක්ක ඉංග්‍රිසි පංති යන්න?
අසංක ආපහු මගෙන් ඇහුවා.

මට ඒකට උත්තර බදින්න වෙලාවක් ලැබුනේ නැහැ.

සර්... ඉක්මනට අචිචුවෙිලි ටවුන් එකට යන්න කියලා පළාලි බෙිස් එකෙන් මැසෙජ් එකක් රිසිවි උනා. මොකක් හරි කේස් එකක් වගේ.

මමයි, අසංකයි ලගට දුවගෙන ආපු අපේ කදවුරේ සිග්නල් යුනිටි එකේ සාජන් මෙිජර් කියාගෙන ගියේ කලබලෙන් වගේ.

( මතු සමිබන්ධයි)

" ලබන්නාවු සිංහල හා දමිල අළුත් අවුරුද්ද ඔබ සියළු දෙනාට සතුටින්, සාමයෙන් පිරි සුභම සුභ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා..."

5 comments:

වින්චැට් කිරිල්ලි. said...

කතාව ඉක්මනින් ලියන්න..ඔයා ලියන්නෙ ගොඩාක් කල් ඇරල..එතකොට ආයෙ බලන්න වෙනව පහුගිය ඒවා..:)

වර්ණා said...

ඒ මොකද දන්නේ නැහැ :o
ඉක්මනින් ලියන්න හරි :)

ඔබටත් සුභ අලුත් අව්රුද්දක් වේවා

Unknown said...

සමාවෙන්න ඔින, මම පහුගිය දවස් ටිකේම ඉදලා වැඩ වලට හිර වෙලා ඉන්නේ. අවුරුද්දට නිවාඩු යන අපේ ඔෆිස් එකේ අය වෙනුවෙන් කරන්න අවශ්‍ය වැඩ වගයක් නිසයි ඒ තත්වය ඇතිවෙලා තියෙන්නේ, ඉදිරි දවස් 2-3 දි ඉතුරු කොටස් ටිකත් දාන්නමි ඉක්මනට. මම මෙි පාරත් අවුරුද්දට ගෙදර යන්නේ නැති නිසා මට කතාව ලියන්න වෙලාව තියෙනවා... ප්‍රමාදයට සමාවෙන්න යාළුවනේ!!! ඃ)

නන්ඳු said...

මගහැරුණු කොටසත් එක්කම කියෙව්වා..
ඉතිරියත් බලාගෙන ඉන්නවා..

හිත සතුටෙන් පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!

Unknown said...

ස්තුතියි නන්දු... ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!