Monday, June 25, 2012

වෙන්වුනු මතකය ඔබ.....






මතක සැමරුමි කොයිබද නැත්තේ
ඔබයි මායි ඇවිදන් ගිය නුවර අහස යට
ලංවුනු හැම මොහොතකම නුඹ කිවිවා
නැහැ වෙන් වෙන්නේ කියා අප කවදාවත්....


එදා කීව කතා බොරු කරලා අද නුඹම
යනවා හැරදා යන්නට මා සදහටම
වෙන කෙනෙකුගේ මනමාලියවී සදහටම
තනිකර දමා මා මෙි නුවර අහස යට....


නුවර වැව තවමත් ඒ වගෙමයි
සීත මල් වැහී වැටෙනවා පෙරදා වගෙමයි
එක කුඩෙි යටින් අත්පටලා යන යුවලක් දිහා බලන්
දුවනවා හිත ඒ අතීතයට යලී...!!!

6 comments:

Dinesh said...

අපූරු කවි පෙලක් යාළුවා.. ලස්සනයි...

Anonymous said...

ලස්සන පැදි පෙලක්..

Unknown said...

ස්තුතියි නිමිෂා

දිනේෂ්, ස්තුතියි දිරිමත් කිරිමට යාළුවා...!!!

වර්ණා said...

ඇරීම ලස්සනයි..

The තරුවා said...

ලස්සනයි........

Red Riding Hood said...

මේ නගරය සින්දුව මතක් වුනා මේ කවිය දැක්කාම..ලස්සනයි යාළු..