මගේ ජිවිතයේදි මට හරිගිය තැන්, වැරදුනු තැන් ඒමටයි. දවස උදාවෙන කොටත්...ඒ දවස ගෙවි යනකොටත් මට හිතෙන්නේ මං තරමි සංතෝෂයෙන් ඉන්න තවත් කෙනෙක් නැහැයි කියලා. ඒත් ඒ හැම දෙයක්ම පිටට පේන්න විතරයි. මගේ හිත ඇතුලේ තියන් ඉන්න දුක මෙි විදිහට හරි අකුරු කරන්න මට අවසර.....!!!!
Friday, December 2, 2011
රොබෝ ටික්කා ඔපරේෂන්....!!!
ඔන්න ඉතිං නුවර නැන්දලගේ ගෙදර ඉදලා මම අමතර පංති යන්න පටන් ගත්තා. කිසිම විදිහකටවත් ඔය අතර තුරදි මට නැන්දලගේ ගෙදරින් ප්‍රශ්ණයක් නමි ඇති උනේ නැහැ. පංති යන සමහර දවස් වලට මට අනුෂා අක්කයි, එයාගේ මහත්තයා එක්ක වාහනේම යන්න ලැබුනු දවස් තිබුනා. ඒ දවස් වලට නමි ඉතිං බස් එකේ චාටර් කන්නේ නැතුව ටිකක් වෙලාසන පංතියට ලගා වෙනවා.
ගෙදර හිටිය අනුෂා අක්කගේ පුතා රොබෝ ටික්කා නමි මාත් එක්ක ඉන්නේම ගේමට සෙටි වෙලා. එයාට මගේ සපත්තු පෙන්වන්න බැහැ. ගලවන තැනින් විසික් කරලා දානවා. ඒ වගේම තමයි එයාට චු දාන්න ඔින උනාම එලියෙන් ඇවිත් මගේ කාමරේ ජනේල ලගට ඇවිල්ලා වැඩෙි කරලා යනවා. එහෙම කරපු දවසට දවල් වෙනකොට නහය තියාගෙන ඉන්න බැහැ. ඇඩෙනවා.... ගදට...යෑක්ස්..
ඔය විදිහට සාමාන්‍ය ආකාරයෙන් සති දෙක-තුනක් ගෙවිලා ගියා. පංතියේදි අලුත් යාලුවෝ දෙන්නෙකුත් මුනගැහුනා. දෙන්නම නුවර ධර්මරාජේ. යාලුවෝ දෙන්නට ආදරේට කතා කරපු නමි දෙකක් නමි තියෙනවා. නිසල්ට කිවිවෙි කිඹුලා කියලා. මොකද පංතියේ විවෙික වෙලාවට තේ බොන්න කඩෙිට ගියාම මිනිහට අනිවාර්්‍යයෙන්ම කිඹුලා බනිස් ගෙඩි දෙකක් ඔින කන්න. අනිත් යාලුවාගේ නම සංජය. මිනිහට දාලා තිබිබ නම තමයි රී-ලෝඩි කියලා. ගෙදරින් ලැබෙන සල්ලි වලින් සංජය කරන්නේ එයාගේ අතේ තිබිබ ෆෝන් එකට කාඩි දාන එක. ඔය විදිහේ යාලුවෝ දෙන්නෙක් ලැබුනු එකේ ලොකුම දෙයක් නිසාද මන්දා පංති ඉවර වෙනකමි ගුටි නොකා යන්තමින් බෙිරිලා හිටියා.
කොහොමින්...කොහොමහරි එදා මට පංති තිබිබෙි නැති සතියේ එකම දවස, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා. ඊට කලිං දවසේ රෑ වෙනකමි මම පාඩමි කරන නිසා බ්‍රහස්පතින්දට මම නැගිටින්නේ ටිකක් පරක්කු වෙලා. ඔික ඉතිං අපේ නැන්දා දන්න නිසා කිසිම විදිහකින් මට කුද්දන්නේ නැහැ. ඔහොම මම නිදාගෙන ඉද්දි නැන්දා කෑගහගෙන ආපු සද්දේට මම උඩ ගිහිං නතර උනේ.
අනේ පුතේ.. ඉක්මනට නැගිටලා එන්නකෝ...
මම ඇදන් හිටපු සරමත් හරි ගස්සහෙන කාමරේ දොර ඇරන් එනකොට නැන්දා අඩනවා. නැන්දා අඩනවා දැක්ක ගමන් මම අප්සටි ගියා. මම ඇහුවා නැන්දගෙන් ඇයි නැන්දේ.. මොකද්ද උනේ කියලා.
නැන්ද ඒ පාර කියනවා අනේ මයේ පුතේ අපේ පොඩි එකාට කරදරයක්. එකව ගලවගන්න පුතේ කියාගෙන නැන්දා කුස්සිය පැත්තට දුවන් ගියා. මමත් නැන්දගේ පස්සෙන්ම ගියා.
කුස්සියට ගියාම තමයි වෙලා තිබිබ දේ දැක්කේ. මගේ තරහාකාරයා වෙචිච රොබෝ ටික්කා ඉන්නවා ඇස් දෙකේ කදුලු පෙරාගෙන... හරියට නිකං මහදවල් හොල්මන් දැක්ක එකෙක් වගේ බයවෙලා. මාව දැක්කා විතරයි එකා මුන ඇඹුල් කරගෙන කියපි අයියේ...මෙික ගලවලා දෙන්න කියලා.
ඒ පාර බැලින්නමි පොඩි එකාගේ මුත්‍රා කරන එක අහුවෙලා මිනිහගේම කලිසමෙි සිප් එකට. දැං ඉතිං මොනවා කරන්නද.. දන්න කියන සෙල්ලමි දාලා කොහොම හරි ගලව ගත්තා සිප් එක විනාඩි 30ක් විතර මහා සංග්‍රාමයක් කරලා. දැන් ඉතිං නැන්දගේ මුන හිනාවෙන් පිරිලා. රොබෝ ටික්කාගේ අමිමත් ( අනුෂා අක්කා) ඒ වෙනකොට ගෙදරට ඇවිත් හිටියා.
පස්සේ තමයි මම දවසක් රොබෝ ටික්කා එක්ක කතා කර කර ඉද්දි තමයි මම දැන ගත්තේ එයාගේ අවයවය කලිසමෙි සිප් එකට අහුවුනු සිද්ධිය. මෙකා එදත් උදේ මගේ කාමරේ ජනේල ලග චු කරලා ඉවර වෙලා සිප් එක දාගනිද්දි තමයි සිද්ධිය වෙලා තියෙන්නේ...
මට ඒ වෙලාවෙි දැනුනු ආතල් එක නමි කියලා වැඩක් නැහැ. මොකද ඒ සිද්ධිය වුනු දවසෙත් මට නිකමිවත් පාඩමි කරද්දි ජනේල ඇරගන්න බැරි උනා රොබෝ ටික්කාගේ සුලු දිය පහරේ සුවදවත් කම නිසාම..
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ඇමෝනියා සුවඳ, මරු නේද?
කතන්දරඃ- කියලා වැඩක් නැහැ මචං...!!!
Post a Comment