ජිවිතය අපි හිතනාවට වඩා පුදුමාකරයි. වෙලාවකට අපි අවශ්‍යයි කියලා හිතාගෙන ඉන්න දේවල් අපිට නොලැඹි යන්නේ හිතට පුදුමාකාර වෙිදනාවක් දීලා. ඒත් කිසිදාක නොලැබෙිවි කියලා හිතන දේවල් අපේ කකුල් දෙක ලගටම දෙවියෝ ගෙනත් දෙන්නේ හිනෙකින්වත් නොහිතන විදිහට.
එදා විභාගේ ඉවර වෙලා ගුඩිෂෙඩි බස්නැවතුමිපොල ලගට යනකොට පිලිමතලාව බස් නතර කරන තැනට වෙලා සමන්ති ඉන්නවා මම ඈත තියාම දැක්කා.
සාගර.. යාළුවෝ බැන්නේ නැද්ද වෙිලාසනින්ම එයාලව දාලා ආවා කියලා? සමන්ති මගේ මුන දිහා බලාගෙන ඇහුවා.
එහෙමම නැහැ.. කොහේද යන්නේ කියලා ඇහුවා. මම කිවිවා පොඩි වැඩකට යන්න තියෙනවා කියලා පැනලා ආවා.
මිහ්.. හොදයි..හොදයි දැන් මොකද්ද ඔය පොඩි වැඩෙි? සමන්ති එහෙම ඇහුවම මට කට උත්තර නැති උනා.
ඈ සාගරයෝ උඹම නේද කිවිවෙි එදා සමන්ති හමිබවෙන්න එන්න කිවිවා කියලා. කතාව මැද්දට කිසිම ආරධනාවක් නැතුවම අසංක මැද්දට පැන්නා.
වදුරා වගේ පනින්නේ නැතුව හිටපන් බන්. මට එයා එන්න කිවිවා තමයි, දන්නේ නැද්ද ගැහැනු ලමයි කැමතිනේ ආදරේ කරන කාලේ හුරතල් වෙන්න.. එයා මගෙන් එහෙම ඇහුවෙි විහිළුවට වගේ.
ආ..ඇත්තටද මනමාල මහත්තයා.. ගැනු ලමයි ආදරේ කරනකොට හුරතල් වෙනවද? ඔය කතාව මොන ගුරාද බන් ලියලා තියෙන්නේ. අසංක නිකං ඔලොක්කුවට වගේ මගෙන් ඇහුවම පරන මතකය මතක් වෙලා හිතට පොඩි ලැජ්ජාවකුත් දැනුනා.
හරි..හරි... කියහංකෝ කතාවෙි ඉතුරු ටික. අසංක ආපහු ඇදේ හරිබරි ගැහිලා වාඩිවුනා.
මගේ හිත ආපහු නුවර ගුඩිෂෙඩි බස් නැවතුමිපොල ලගට දුවලා ගියේ මටත් නොදැනීමයි...
ඒ කියන්නේ ඔයා මට අද එන්න කිවිවෙි නැද්ද? මම සමන්තිගේ ඇස් දෙක දිහා බලාගෙනම ඇහුවෙි.
නැහැ අනේ.. මම විහිළුවක් කලේ. ඔයාට දුක හිතුනාද? සමන්ති මන් දිහා දුකෙන් වගේ ඇහුවා.
දුක හිතුනේ නැහැ. මම ඇවිදින් ඔයාට කරදරයක් උනාද කියලා මට හිතුනා.. මම සමන්තිට ඒ වෙලාවෙි මගේ හිතේ තිබුනු ඇත්තම දේ කිවිවා.
ඒක නෙමෙයි සාගර... යමුද බෙික් හවුස් එක පැත්තේ. මට නමි මාර බඩගිනියි. මෙි දවස්වල හරියට කෑමක්වත් නැහැ. කොයි වෙලාවෙත් පපුවෙි බිත්තර තමිබ තමිබ හිටියේ.
සමන්ති එහෙම කියලා මන් දිහා බලාගෙන හිනා වුනා.
යමු..යමු.. මාත් මෙි දුවන් ආවට මොකද බඩගින්න ඉවසන්න බැරුවයි හිිටියේ..
මගේ කතාව අහලා සමන්ති හිනා උනා අතේ තිබිබ ලේන්සුවෙන් කට වහගෙන.
දෙන්නත් එක්ක පයින්ම නුවර නගරේ මැද්දට එන කොට පොලිසියට පල්ලේහා තියෙන බස් ස්ටෑන්ඩි එක පිරෙන්නම හිටියේ ඉස්කෝල ලමයි.
අනේ සාගර ඉක්මනට යමුද.. ක්ලාස් එකේ කවුරු හරි දැක්කොත් අපි දෙන්නා ගැන වැරදියට හිතයි.
සමන්ති බයෙන් වගේ වට පිට බලන ගමන් කිවිවා.
සමන්ති මං එහෙනමි ටිකක් ඉස්සරහින් යන්නමි.. ඔයා පස්සෙන් එන්න.
මං එහෙම කියලා සමන්තිව පහු කරගෙන ටිකක් ඉස්සරහට ගියා.
බෙික් හවුස් එකට අපි දෙන්නම ඇතුල් වුනේ එකටම වගේ. වැඩි සෙනගක් නොහිටිය නිසාම අපි දෙන්නටම වාඩි වෙන්න තැනක් ලැබුනා.
ඔයා එහෙනමි මෙතනට වෙලා ඉන්න සමන්ති මං ගිහිං කන්න මොනවා හරි අරන් එන්නමි.
මිහ්.. හා.
ඔයා මොනවද කන්න කැමතියි?
අනේ සාගර ඔයා කැමති දෙයක් ගේන්න, හැබැයි මම බොන්න කැමතියි ස්මැක් වුඩිඇපල්. එහෙම කියලා සමන්ති මං දිහා බලලා ඇහකින් ඉගිමැරුවෙි පොඩි ලමයෙක් වගේ.
ඔන්න... ඔයාගේ ස්මැක් එකයි, සීනි සමිබල් බනිසුයි අරන් ආවා. මම කෑම ටික මෙසෙන් තියන ගමන් කිවිවා..
අනේ... සාගර අර බලන්නකෝ කවුද මෙි පැත්තට එන්නේ කියලා..
සමන්ති බය වෙලා වගේ කියන කොට මගේ ඇස් ඒ පැත්තට නිකමිම ඇදිලා ගියා.. ඒ දර්ශණය දැක්කම මටත් උන් හිටි තැන් අමතක වෙලා ගියේ මටත් නොදැනීමයි.
( මතු සමිබන්ධයි)
2 comments:
අම්මෝ බය හිතෙනවා අන්තිම කොටස කියවනකොට :)
ඉතුරු කොටසත් ලියමුකො එහෙනම්
බය වෙන්න එපා වර්ණා... මෙික ඉවර වෙන්න තව කොටස් කිහිපයක්ම තියෙනවා..!!! ඃ) ස්තුතියි..
Post a Comment