Monday, January 16, 2012

මතකය....



මතකද ඔයාට මාව මුලින්ම මුන ගැහුනු දවස...???

මිහ්... අර ඔයා දවසක් බස් ස්ටැන්ඩි එක ලග මල්ලි එක්ක ක්ලාස් යන්න ඉද්දි නේද???

නැ..හ්හැ අනේ...

ඔයාට මාව මුලින්ම මුන ගැහුනේ ගෝල් ෆේස් එක ලගදි.. මතක නැද්ද මගේ කුඩෙි හුලගට ගහගෙන ඇවිත් ඔයාගේ කකුල් දෙක ලග නතර උනා..

මිහ්... ඒ මගේ පිලිතුර විය.

මොකද සංඛ නිකමි මිහ්..මිහ්.. ගාන්නේ.. ඔයා කැමති නැද්ද මාත් එක්ක කතා කරන්න??
අපේ ගෙදරින් මට කොයි තරමි බලපෑමි කරනවද දැන්?

මුහුදු දෙසින් හමන දගකාර හුලග අපි දෙන්නගේම කෙස් අවුල් කරමින් ඔහේ අරමුණක් නැතුව පාවෙලා යනවා....

මුහුද ලග ඉද්දි හරිම සනීපයි නේද??? මම ඇගෙන ඇසුවා

ඔිවි ඉතිං.. ඔයාට ඉතිං හැමදාම හුලං තමයි මෙහෙම හිටියොත්...

ඇයගේ දෑස පිරි තිබුනේ තරහක් සමග මුසුවුනු දුකක්..

මං කියලා මොනවා කරන්නද තාරු.. ඉගෙන ගත්තා... රස්සාවල් වලට ඇප්ලිකේෂන් දැමිමා.. එක රස්සාවක් වත් හරි ගියේ නැහැ නේ..

අනේ නිකං ඉන්න සංඛ හැමදාම ඔය කතා ටික තමයි. මට දැන් ඔය වචන ටික අහලම එපා වෙලා...

ඇය තරහින් මිමිණුවා..

එක වරම ඉදන් හිටපු බංකුවෙන් නැගිටිට ඇය මා දෙස බැලුවෙි දවා අළු කරන තරමි තරහකින් පිරුනු බැල්මකින්..

සංඛ මම යනවා. මෙික හැමදාම කරන්න බැහැ....

මං ඔයාට දවස් 7ක් කල් දෙන්නමි.. ඉක්මනට ඔයා රස්සාවක් හොයන් අපේ ගෙදරට ඇවිත් අපි දෙන්නගේ සමිබන්ධය ගැන ගෙදරින් කැමැත්ත ගන්න. නැත්නමි අපි මෙි සමිබන්ධය නතර කරමු.

එහෙම කිවිව ඇය එක්වරම ගාලු මුවදොර හෝටලයත් පහු කරන් යන්න ගියා...

අන්තිමෙිදි කිසිම රැකියාවක් නොලැබුනු තැන පත්තරේ තිබිබ දැන්විමක් දැකලා මම යුද්ධ හමුදාවෙි සේවය සදහා ඉල්ලුමි පතක් පුරවලා දැමිමා...

පුහුණුවට යන්න කලිං දවසේ ඇගේ ගෙදරට ගිය මම හමුදා පුහුණුව සදහා යන බවත්.. පුහුණුව අවසන් කිරිමට වසර 4 කට කාලයක් ගතවන නිසා මගේත් ඇගෙත් සමිබන්ධයට අවසර ගන්න..

හොදයි පුතා... තව අවුරුදු හතරයි නේ. ඒක ඉක්මනට ගෙවිලා යයි. පුතා එනකමි දුව බලන් ඉදිවි..

ඇගේ පියාගේ කතාව මගේ හිතට ලොකු ශක්තියක් උනා.

ඔයා එහෙමි මම එනකමි පරිස්සමින් ඉන්න.. මං එහෙම කියලා අවසානයේදි ඇයගේ ඔළුව අත ගාලා සමුදුන්නා..

පුරා වසර 4ක කාලයක් නොවිදිනා දුක් විදගෙන පුහුණුවීමි කරලා අවසානයේදි දෙවැනි ලුතිනන්වරයෙක් විදිහට මම හමුදාවට එක් උනා.

දියතලාවෙි පැවැත්වුනු අපගේ විසිරි යෑමෙි පෙලපාලියට ඇය ඇවිත් හිටියේ මගේ දෙමවිපියන් එක්ක. එදා හරිම සතුටු හිතන දවසක් උනා මගේ ජිවිතයේදි..

හතරවන ඊලාමි යුද්ධයේ ඇරඹිලා තිබුනු නිසා අපිට දවස් 5 ක කෙටි නිවාඩුවකින් පස්සේ ක්‍රියාන්විත ප්‍රදේශයේ රාජකාරි සදහා පිටත් වෙන්න උනා...

දින...සති...මාස වලට පෙරලුනා.. මම ඇයවත්..ඇය මාවත් නොදැක ගෙවි යන 4වන මාසයයී මෙි.

සුපුරුදු විදිහට එදත් කොටි ත්‍රස්තවාදින්ට අයත් භුමි ප්‍රදේශයක් අල්ලා ගන්න මෙහෙයුමක් දියත් වෙමින් තිබුනා...

හරියටම උදේ 10 පහුවුනා වගේ මතකයි..

කොටින් එල්ල කරපු කාලතුවක්කු උණ්ඩයක් මට මිටර් 50-60ක් ඉදිරියෙන් පුපුරා ගියා...

ආපහු මං සිහිය එනකොට හිටියේ ඉස්පිරිතාලේ ඇදක් උඩ. කතා කරගන්න තරමිවත් හයියක් නොතිබුනත් ටිකක් වෙලා යන කොට ඔළුව පිපිරෙන්න වගේ වෙිදනාවක් ආවා...

එචිචරයි මට මතක.. මට ආපහු සිහිය නැති උනා...

කොහොම කොහොම හරි මාස 8කට පස්සේ මම ටිකටි කපාගෙන ගෙදර ආවා...

සතියක් විතර යනකොට මම ආපහු පරන තත්වෙටම පත්උනා...

අමිමෙි... අමිමෙි... ඇදේ ඉදලා මං කෑගැහුවෙි දෙයක් දැන ගන්න තිබිබ ලොකු ඔින කමක් නිසා...

තාරුකා ආවද අමිමෙි ඉස්පිරිතාලේට මාව බලන්න...

ඔි...ඔිවි....ඔිවි පුතේ.. ඒ දැරිවි ආවා...

ඒත් පුතාට සිහිය තිබුනේ නැහැ නේ..

මාසයක් විතර ගියා.. ඒත් ඒ එක දවසක් වත් ඇය මාව බලන්න ආවෙි නැහැ. ඇගේ ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තම එහා පැත්තෙන් කියවුනේ පුතා අපේ දුව දැන් රස්සාවකට යනවා.. ඉතිං එයා එද්දි ගොඩක් රෑ වෙනවා. ඔයා කතා කලා කියලා කියන්නමිකෝ කියලයි...

දවසින්... දවස.. මගේ ඇගේ තිබිබ තුවාල කැලල් මැකිලා යන්න පටන් ගත්තා.

ගොඩක් දවස් ගෙදරම හිටපු නිසා එදා සෙනසුරාදා දවසක් නිසාත් මම තිරණය කලා ගාළු මුවදොර පිටිටනියට යන්න. හැමදාම වගේ මම එතනට වෙලා ඉන්න ආස කලා..

සාරංග මල්ලිගේ ත්‍රිවිල් එකෙන් ඇවිත් ගාළුමුවදොර පිටිටනියේ මුහුද ලගට වෙන්න හදලා තිබිබ සිමෙන්ති බංකුව උඩ ඉද ගත්තේ එදා අන්තිමටම මම තාරුත් එක්ක මෙතනදි කතා කරපු දේවල් හිත ඇතුලෙන්ම තවත් පාරක් මතක් කර ගන්නා ගමන්මයි...

දන්නවද??....

මගේ එක කකුලක් සදහටම මට අහිිමි උනා එදා වුනු පිපිරිමෙන්... තාමත් ගාළුමුවදොර පිටිටනියේ සිමෙන්ති බංකුව උඩ ඉදගෙන මගෙන් ඈත්ව ගියපු ඒ මතකය මම නැවත නැවතත් මතක් කරනවා...

අද තාරුකා මංලග නැහැ... කකුලක් නැති මං වගේ අබිබගාතයෙක්ට අත්වැල් අල්ලන එක එයාට මදිපුංචිකමක් කියලා හිතන්න ඇති...

කමක් නැහැ... මට හිත හදා ගන්න පුලුවං..

ඒත් ඇයි තාරුකාට අමතක වුනේ.. මම හමුදාවට ගියේ එයා හින්දා කියලා..
එයාට ආදරේ කරපු නිසා තමයි මම ඒ වගේ තීරණයක් ගත්තේ...

කමක් නැහැ... හැමදාම තාරුකා සතුටින් ඉන්න ඔින... එයාගේ ජිවිත කාලේ පුරාවටම...

3 comments:

සිත්රූ සිහින said...

හරිම හැඟීම්බර කතාවක්..ලස්සනට ලියල තියෙනවා..

මේ කතාවෙ එන තාරුකා කවමදාවත් සංඛට හදවතින්ම ආදරේ කරල නෑ..

අසරණයා said...

මේක ඇත්තම ඔයාගේ කතාවක් ද.ඉඳල හිටලා ඔයවගේ කෙල්ලි ඉන්නවා.සුළු දෙයකදී හිත් වෙනස් වෙන්න පුළුවන්.

Unknown said...

සිත්රූ සිහිනඃ- ඒක ඇත්ත... තාරකා කවදාවත් සංඛට ආදරය කලේ නැහැ...!!!

අසරණයාඃ- මගේ කතාවක් නෙමෙයි යාළුවා... මගේ යාළුවෙක්ට උනු ඇත්ත දෙයක් මෙි සිද්ධිය