Saturday, February 25, 2012

අහිමිවු නුඹ....- දෙවන කොටස



හැමදාමත් හිතේ හිර කරගෙන උන්නු කාටවත් නොකිවිව දෙයක් ටිකෙන් ටික තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න කොට හිතේ ඇතිවන සැනසීම එදා රෑ මගේ හිතෙත් ඇති උනා. අසංක මගේ ලගටම වෙලා මම අමතක කරන්න උත්සහ දරන ඒ අතීත කතාව අහන් හිටියා...

ඔන්න මචං ආනන්ද සර් කිවිව විදිහට ලමයි ඔක්කෝම වගේ ඇවිත් හිටියා එදා බහිරව කන්ද නගින්න. හැබැයි මෙචිචර කාලයක් අපි නොදැනුවත්ව හිටපු එක දෙයක් ගැන එදා තමයි මමත්, මගේ යාළුවෝ සෙටි එකත් දැන ගත්තේ. අපේ පංතියේ හිටපු ගොඩාක් කොල්ලෝ, කෙල්ලෝ අතර චුටි..චුටි.. ආදර සබධතා තියෙනවා කියලා.

සාගර.. බලහංකෝ අද මුන්ගේ මුනවල් නිකං තොටලග තොරණට බල්බි දැමිමා වගේ නේ කියලා පංතියේ හිටිය ලමයින්ට ඇහෙන්නත් එක්ක අපේ සෙටි එකේ හිටිය දහමි කෑගහලා කියන කොට කටිටයම ලැජ්ජාවෙන් බිම බලාගත්තේ හරියට සයිවර් කඩෙන් කෑම කාලා සල්ලි නොදි පැනලා යද්දි මාටිටු වුනු සෙටි එකක් වගේ මුන රතු කරගෙනයි.

ඔිකට තමයි ලමයි මම අද මෙි ගමන යමු කියලා කිවිවෙි.. මං පංතියේ ඉගැන්නුවට ලමයි පංතියේදි මොකද කරන්නේ පංතියෙන් එලියේ මොනවද කරන්නේ කියලා හොදට ඇහැ ගහගෙන හිටියේ. ඉස්කොලේ යන කාලේ ආදරය කලාය කියලා ලොකු වැරැද්දක් නමි වෙන්නේ නැහැ, හැබැයි ඉගනීම කඩාකප්පල් කර ගන්නේ නැතුව. එහෙම කිවිවෙි දේශපාලන විද්‍යා පංතියේ අපේ සර්. එතකොට තමයි ලමයි ඔක්කෝම දැක්කේ සර් අපි අතරෙම තමයි ඉදලා තියෙන්නේ කියලා...

උදේ 10 වෙන කොට අපේ පංතියේ කණ්ඩායම හිමින් හිමින් බහිරව කන්දට නගිනවා.. බහිරව කන්දට නගින කොට පොඩි පොදයක් වැටුනත් ඒක ඒ තරමි ගානකට ගත්තේ නමි නැහැ කවුරුවත්. කටිටිය ඉතිං ලතාවට සිංදු කිය..කිය, විහිළු තහළු කරගෙන බහිරව කන්ද මුදුනටම එද්දි උදේ 11.30ටත් කිටිටු වෙලා තිබිබා.

අමිමෝ... අපි මෙචිචර දුරක් පයින් ආවද කියලා කවුදෝ මගෙන් අහනවා වගේ දැනුනා.

හරියට නිකං කනට මී පැණි වත්කරනවා වගේ කටහඩක්.. අපේ සෙටි එකේ කාගෙවත් නෙමෙයි කියලා මං ඉන්තේරුවටම දන්න නිසා පිටි පස්ස හැරිලා බලන කොට අර තාත්තා එක්ක කාර් එකෙන් පංතියට එන සමන්ති මගේ ලග හිටියා.

කවදාවත් මාත් එක්ක කතා නොකරපු සමන්ති මං දිහා බලාගෙන ඉන්නවා දැක්කම මටම පුදුම හිතුනා...

ඔයා මගෙන්ද ඇහුවෙි මෙචිචර දුර පයින් අපි ආවද කියලා ?... ටික වෙලාවක් ගිහිං මං සමන්තිගෙන් ඇහුවා.

ඔිවි අනේ.. ඇයි ඔයා හිතුවද මට තනියම කතා කරන්න තරමි පිස්සුවක් තියෙනවද කියලා..

සමන්ති නිකං මුන නරක් කරන් වගේ ආපහු එහෙම අහන කොට මම නිකමි කරකවලා අත ඇරියා වගේ දැනුනා...

නැහැ.. මං එහෙම හිතලා කිවිවෙි නැහැ. අදට අවුරුදු දෙකක් වෙනවා අපි දෙන්නම මෙි පංතියට ඇවිත්. අපි දෙන්නා අතර මීට කලිං වචනයක්වත් කතා කරලා නැති නිසයි මං එහෙම ඇහුවෙි.. අන්තිමෙිදි මම එහෙම උත්තරයක් දුන්නා..

ටිකක් වෙලා මං කියපු කතාව අහගෙන හිටපු සමන්ති හිනා වෙලා මං දිහා බැලුවා..

සොරි.. මාත් ඔයා එක්ක කතා නොකර ඉදලා අදම කතා කරන්න හිතුවෙි ඔයා මං දැක්ක අනෙක් ලමයින්ට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් නිසා. ඔයා කවදාවත් පංතියේදි ගැහැණු ලමයි ඉස්සරහ බොරුවට රගපාලා, කෑගහනවා මං දැකලා නැහැ. අනිත් එක ඔයා හැමදාම මම තාත්තී එක්ක ක්ලාස් එකට එනකොට පංතිය ඉස්සරහට වෙලා ඉන්නවා. ඇත්තටම මම විතරක් නෙමෙයි තාත්තී වුනත් මුලින්ම හිතුවෙි ඔයා මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන එහෙම ඉන්නවා කියලා. ඒත් මගේ යාළුවා ෂෙහානී තමයි කිවිවෙි ඔයා එතනට වෙලා ඉන්නේ ඔයාගේ යාළුවෝ එනකමි කියලා.

සමන්ති එක දිගට අර විදිහට කියාගෙන යනකොට මම පුදුම උනා.

කමක් නැහැ.. මං ඔයාට වැරැද්දක් කරලා නැහැ කියලා ඔයාම දන්නවා නේ. මට ඒ ඇති. මම එහෙම කිවිවාම සමන්ති මං දිහා බැලුවෙි ලොකු වැරැද්දක් කරලා සමාව ගන්න හොරගල් අහුලන පොඩි ලමයෙක් විදිහට.

මිහ්..ඇති යාන්තමි. අදයි මගේ හිතට සතුටක් දැනුනේ. සමන්ති එහෙම කියද්දි මම පුදුමයෙන් වගේ එයා දිහා හැරිලා බැලුවා.

ඇයි එහෙම කිවිවෙි?

නැහැ සාගර.. මම ඔයාට මෙි ටික නොකියා ලබන සතියේදි ක්ලාස් එකෙන් ගියා නමි මම හැමදාම විදවනවා හිත හොද ලමයෙක් ගැන මම වැරදියට හිතාගෙන හිටියා කියලා. එහෙම උනානමි මම හැමදාම විදවනවා සාගර.

සමන්තිගේ කටින්ම පලවෙනි වතාවට මගේ නම කියන කොට මම හිතුවා මෙචිචර වෙලා මම හීනයක්ද දැකලා තියෙන්නේ කියලා. කෝකටත් කියලා සමන්තීට හොරෙන්ම මම මගේ වමි අත කොනිත්තලා බැලුවා.. නැහැ, මං මෙි දකින්නේ හීනයක් නෙමෙයි. ඒක ඇත්තක්.

ඒකට කමක් නැහැ, දැන් ඔයාගේ හිත නිදහස් නේ.. සතුටින් ඉන්න දැන්. මම ඔයා ගැන වැරදියට හිතන්නේ නැහැ.

ගොඩාක් ස්තුතියි සාගර... සමන්ති බොහොම අහිංසක විදිහට මං දිහා හිනා වෙලා කිවිවම මාත් හිනාවුනා...

( මතු සමිබන්ධයී)

Thursday, February 23, 2012

අහිමිවු නුඹ.....


 මචං සාගර උඹ කවදාවත් බදින්න හිතන්නේ නැද්ද?

යුධ බිමෙිදි හමුවුනු එකම මිතුරා අසංක මගේ මුහුන දිහා බලන් ඇහුවෙි හරියට වැඩිමහල් සහෝදරයෙක් තමන්ගේම බාල සහෝදරයාගෙන් ප්‍රශ්න කරන විදිහටයී...

නැහැ මචං... මට දැන් කසාදයක් ගැන හිතන්න බැහැ.

ඇයි ඒ.. උඹට මොනවයින් අඩු පාඩුවක්ද? ඉන්න ගෙදරක් තියෙනවා. අමිමා තාත්තා හොද තැනකින් උඹට කසාදයක් කතා කරයිනේ මචං..

නැහැ මචෝ... උඹට මම කියන්නේ මට බදින්න බැහැයි කියන්නේ හිතකින් කියලද? නැහැ අසංක...
මම උඹට තියා කාටවත් නොකිවිව දෙයක් මගේ ජිවිතේ තියෙනවා.

ඉතිං ඔික ගැන ඔචිචර අගේ නොකර කියපන්කෝ...

මම මෙහෙම කිවිවා කියලා අහිතක හිතන්නෙපා අසංක. මම උඹට මෙි ගැන කලින් කිවිවෙි නැහැ කියලා. මම ඉස්කොලේ යන කාලේ එෆෙයාර් එකක් තිබිබා මචං. එයාගේ නම සමන්තී.
සමන්ති මට මුන ගැහුනේ අපි දෙන්නාම ආනන්ද විජේරත්න සර්ගේ නුවර දේශපාලන විද්‍යාව ක්ලාස් යන කාලේ. සමන්ති හරිම ලස්සනයි....

ආ... එහෙනමි කුමාරයා වෙිලාසනම කුමාරිකාවක් හොයාගෙන ඉදලා නේද? අසංක සුපුරුදු සැහැල්ලුවෙන් මගේ අතට පහරක් ගසන ගමන් හයියෙන් හිනාවුනා..

ඉදපංකෝ.. මම තාම කියලා ඉවර උනේ නැහැ නේ..

කියපංකෝ ඉතුරු ටිකත්..

සමන්ති හරිම ලස්සනයි වගේම තමයි එයා ටිකක් ආඩමිබරයි. නුවර මහමායා එකෙයි සමන්ති ඉගෙන ගත්තේ. සමන්ති හැමදාම පංති ආවෙි තාත්තා එක්ක කාර් එකේ. මම ඉතිං හැමදාම මගේ ඉස්කොලේ පංතියේ සෙටි එක එනකමි පංතිය ඉස්සරහට වෙලා තපින වෙලාවට තමයි සමන්ති එන්නේ පංතියට. මම හැමදාම එතනම ඉන්න නිසා සමන්තිගේ තාත්තා දවස් දෙක තුනක්ම මං දිහා අමුතු විදිහට බලනවත් මට පෙනුනා. ඒත් මචං මම ඔික ගනන් ගන්න ගියේ නැහැ බං. මොකද මම ඒ කෙල්ල දිහා බලන්න ඉන්න එතනට ගියා නෙමෙයි නේ....

ඉතිං..ඉතිං...කියපං කෝ වැල් වටාරමි නැතුව

ඔහොම ඉතිං මාස ගානක් ගෙවිලා ගියා මචං.. අන්තිමෙිදි විභාගයත් ලං වුනා. අපි කටිටියම ඉතිං මැරිගෙන රිවිෂන් පේපර් කරනවා සර්ගේ පංතියේදි. දවසක් අපේ පංතියේ සර් කිවිවා ලමයි ඔක්කෝටම දවල්ට කෑමයි, වතුර බෝතලයක් එහෙම අරගෙන බහිරව කන්ද නගින්න යමු කියලා. විභාගේට තව සති 3ක් තියෙද්දි කවුද මචං බහිරව කන්ද නගින්න යන්න හිතන්නේ. අපි ඔක්කෝම මුනට මුන බලා ගත්තම සර් කිවිවා විභාගේට අවශ්‍ය කරන ප්‍රමානෙටත් වඩා මං ඔයගොල්ලන්ට උගන්නලා තියෙනවා ඒක නිසා මාව විශ්වාස කරන ලමයි විතරක් ඉන්නවානමි ලබන සිකුරාදා ගෙවල් වලට එහෙම කියලා අවසර අරන් එන්න කියලා..

( මතු සමිබන්ධයි)

Tuesday, February 14, 2012

නිහඩ වාර්ථා රැසක් තැබු ඉන්දු-ලංකා එක්දින තරගය



අද පැවැති ඉන්දු-ලංකා එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන්වු බව අප කවුරුත් දන්නා කරුණකී. එහෙත් එම තරගයේදි ශ්‍රි ලංකා කණ්ඩායම යැවිය යුතු නියමිත පන්දු වාර 50 න් එක ඔිවරයකදි අඩු පන්දු සංඛ්‍යාවකින් අවසන් කල බව දන්නවාද?. ඒ ලසිත් මාලිංග විසින් තරගයේ යැවු 30 වන ඔිවරයේදි ඔහු යැවිවෙි පන්දු 5ක් පමනයි. බැරි වෙලාවත් ඔහු 6 වන පන්දුව යවා එම පන්දුවෙන් ඉන්දියාව ලකුණක් ලබා ගත්තානමි අද තරගයේදිත් අපට අත්වන්නේ පරාජයයි. එහෙත් එම අඩු පන්දුවාර ඔිවරයේ යැවිවෙි අපේ ක්‍රිඩකයින්ගේ වැරැද්දින් නොවෙි. එම වැරැද්ද සිදුකලේ නයිජල් ලෝංග් විනිසුරුවරයායී. ඔහු විසන් නිල වශයෙන් ලසිත් මාලිංගගේ ඔිවරය අවසන් බව සදහන් කිරිම එයට හේතුවයී.

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර මෙතෙක් එක්දින තරග 131ක් පවත්වා ඇති අතර ඉන් තරගයක ලකුණු සමවු පලමු අවස්ථාව මෙය විය. එමෙන්ම ඔස්ටේ‍රිලියාවෙි, ඇඩිලේඩි පිටියේ තරගයකදි ලකුණු සමවු පලමු අවස්ථාව ලෙසින් අද පැවති තරගය වාර්ථා පොත් අතරට එක් වෙයී.

අද තරගයේදි දෙපිලම හතරේ පහරවල් 15 බැගින් හා හයේ පහරවල් 2ක බැගින් එල්ල කිරිමද විශේෂත්වයකී. එමෙන්ම දෙපිලම ලබාදුන් අතිරේක ලකුණු සංඛ්‍යාව 8 ක් වෙයි. දෙපිලම ඔිවර් 50 අවසන් වන තෙක් ක්‍රිඩා කල අතරම ලකුණු ලබා ගැනිමෙි දල වෙිගය 4.72ක් විය. කණ්ඩායමි දෙකේම කඩුළු 9 බැගින් දැවි ගියාය...




ශ්‍රි ලංකා පිලේ 5 වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවි යන විට ලකුණු පුවරුව දිස්වුයේ 178ක් ලෙසින් අතර ඉන්දියානු පිලේ 5 වන කඩුල්ල ලෙසට ගෞතමි ගාමිභීර් දැවි යන විට එම පිලේ මුළු ලකුණු සංබ්‍යාව වුයේද 178කී. දෙපිලේම 6වන කඩුල්ල ලෙසින් පිලිවෙලින් තිසර පෙරේරා හා රවින්ද්‍ර ජඩෙිජා දැවි යන විට ලකුණු පුවරුව සටහන්ව තිබුනේ 184ක් ලෙසිනී.

කඩුල්ල මුවා කිරිමෙි වරදට හසුවි දෙපිල්ම එක් පිතිකරුවෙක් බැගින් දැවි යාමද අද තරයේදි දකින්නට ලැබුනු තවත් එක් සුවිශේෂි අවස්ථාවක් විය.
 

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර අද පැවති තරගය තවත් බොහෝ කාලයක් යන තුරු අප කාගේත් සිත්වල නොමැකිව සටහන්ව තිබෙනවා නොඅනුමානයී....


Tuesday, February 7, 2012

ඉන්දියාව අතරමං වෙයි..



කොමන්වෙල්ත් තුන් කොන් එක්දින තරගාවලියේ දෙවන තරගය ලෙස හෙට ඔස්ටේ‍රිලියාවෙි, පර්ත් හිදි ආරමිභ වීමට නියමිත ඉන්දු-ශ්‍රි ලංකා එක්දින තරගය සදහා තම කණ්ඩායම නමි කිරිමෙිදි මෙි වන විට ඉන්දීය කණ්ඩායම දැඩි පීඩනයකට ලක්ව සිටින බවට ඔස්ටේ‍රිලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වාර්ථා වෙයි.

පර්ත් හි තණතිරුව වෙිගපන්දු යවන්නන්ට උචිත තන තීරුවක් වන බැවින් හෙට දින ඉන්දීය කණ්ඩායම වෙිග පන්දු යවන්නන් සිවිදෙනෙක් සමග තරග කිරිමට නියමිත බව පැවසේ. එසේ වුවහොත් පසුගිය සෙනසුරාදා ඔස්ටේ‍රිලියාව සමග පැවැති තරගයට ක්‍රිඩා කල දගපන්දු යවන රවිචන්ද්‍ර අෂ්වීන් හා තුන් ඉරියවි ක්‍රිඩක රවින්ද්‍ර ජඩෙිජාට තම ස්ථානයන් අහිමිව යාමෙි තත්වයක් උදාව තිබෙි. එමෙන්ම ඔස්ටේ‍රිලියාව සමග පැවති තරගයේදි විවෙිකගැන්වු විරේන්ද්‍ර ෂෙවාග් ශ්‍රි ලංකාව සමග හෙට පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරිමට නියමිත වන අතර එය එසේ සිදුවුවහොත් සවීන් තෙන්දුල්කාර්ට හෝ ගෞතමි ගාමිභීර්ට හෙට තරගයේදි විවෙිකාගාරයටවී සිටිමෙි භාග්‍ය උදාවී තිබෙි.

හෙට පැවැත්වෙන තරගයේදි වෙිග පන්දු යවන්නන් සිවිදෙනා තෝරා ගැනිම සදහාද ඉන්දිය තේරිමි කමිටුවට හිසරදයක්ව ඇත්තේ සුදුස්සාට සුදුසු තැන දීම සදහා අවශ්‍ය සුදුසු වෙිග පන්දු යවන්නන්  සොයා ගැනිමෙි ඇති ගැටළුවයි. ඔස්ටේ‍රිලියාව සමග මෙතෙක් පැවති ටෙිස්ටි හා 20-20 තරගාවලියේදි සැලකිය යුතු මටිටමෙි දස්කමි දැක්වීමට ඉන්දීය වෙිග පන්දු යවන්නන් සමත් නොවීම එයට ප්‍රධානතම හේතුවයී. සහීර් ඛාන්, උමෙිෂ් යාදේවි, ඉර්ෆාන් පතන්, විනේයි කුමාර්, ප්‍රවින් කුමාර් අතර හෙට දින කණ්ඩායමට ඇතුලත් වීම සදහා තරගයක් පවතියි.

මෙි අතර හිටපු ඉන්දිය ක්‍රිඩක සුනිල් ගවස්කාර් ප්‍රකාශ කර සිටින්නේ ඉන්දිය ක්‍රිකටි තේරිමි කමිටුව විටින් විට ක්‍රිඩකයින් විවෙිකගන්වමින් සිදුකරන මෙම අත්හදා බැලිමි දැන්වත් නතර කල යුතු බවයි. ඔහු එසේ කියා සිටින්නේ ඉන්දිය පිල මෙම තරගාවලියේදි ක්‍රිඩා කරන්නේ ලොව ප්‍රබලතම කණ්ඩායමි දෙකක් සමග නිසා එය කණ්ඩායමෙි මානසික එකාග්‍රතාවයට බාධාවක් වන නිසාවෙන් බව ඉන්දීය මාධ්‍ය අද වාර්ථා කර සිටියි.
කෙසේ වෙතත් හෙට දින ඉන්දිය කණ්ඩායම නමි කිරිම සදහා දැඩි වෙහෙසක් දැරිමට ඉන්දිය කණ්ඩායමෙි පුහුණුකරු, නායක, තේරිමි කමිටු සමාජිකයින්ට දැරිමට සිදුව ඇත.

එමෙන්ම හෙට දින ශ්‍රි ලංකා පිලට වෙිග පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුලත් වීමට නියමිත බව සදහන් වෙයි. එම ක්‍රිඩකයින් නමි ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙලගෙදර හෝ ධමිමික ප්‍රසාද් වන අතර නිත්‍ය දගපන්දු යවන්නා වශයෙන් රංගන හේරත් ක්‍රිඩා කිරිමට නියමිතයි.

මෙම කණ්ඩායමි දෙක අවසන් වරට එක්දින තරගයකදි මුන ගැසුනේ 2011 වසරේ පැවති අයි.සි.සි. ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදිය.



Sunday, February 5, 2012

යුවරාජ්ට පිලිකාවක්....



ක්‍රිකටි පිටියේ කුකුල් කේන්තිකාරයෙක් මෙන්ම මදක් අහංකාර චරිතයක්වු ඉන්දිය මැදපෙල පිතිකරුවෙක් වන යුවරාජ් සිං පෙනහළු පිලිකාවකට ගොදුරුව ඇතැයි වාර්ථා වෙයි. පසුගිය ලෝක කුසලාන තරගාවලයෙන් පසු යුවරාජ් සිං ක්‍රිකටි ක්‍රිඩා පිටියෙන් මදක් ඈත්ව සිටිය අතර එයට ප්‍රධානතම හේතුව වුයේ ඔහුගේ හුස්ම ගැනීමෙිදි පැවති රෝගයක් සමිබන්ධයෙන් දිගින් දිගටම ප්‍රතිකාර ගැනිම නිසායි.

එමෙන්ම අද ඔස්ටේ‍රිලියාවෙිදි ඇරඹි කොමන්වෙල්ත් තුන්කොන් එක්දින තරගාවලිය සදහා යුවරාජ් ක්‍රිඩා කරනු ඇතැයි යන්න එරට ක්‍රිඩා ලෝලීන් විශාල ලෙස බලාපොරොත්තු තබා තිබුනත් වෛද්‍ය උපදෙස් මත ඔහුට තම අදහස අත්හරින්නට සිදුවුනු බව ඉන්දිය මාධ්‍ය වාර්ථා පල කර තිබුනා.

යුවරාජ් සිං මෙම මොහොත වන විටත් ඇමරිකාවෙි  බුස්ටන්හි විශේෂ පිලිකා රෝහලකට ඇතුළු කර ඇති අතර, ඔහුට වෛද්‍යවරු "කිමියෝතෙරපි" ප්‍රතිකාර ලබාදිම ආරමිභ කර ඇති බව ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා කියා සිටියි.

මීට පෙර පිලිකා රෝගයට ගොදුරුවුනු සුපිරි පාපැදි ක්‍රිඩක ලාන්ස් ආමිස්ට්‍රෝංන්ගේ ජිවිත කතාව ඇතුලත් පොත තමා මෙි වන විටත් කියවමින් සිටින බවත්, එය තමාට විශාල ශක්තියක් වන බව යුවරාජ් සිං ටිවීටර් පණිවිඩයක් මගින් කියා සිටියි.

2011 වසරේදි ලෝක ක්‍රිකටි කිරුල දිනා දීමට මෙම සුපිරි ක්‍රිඩකයාගෙන් ඉන්දිය පිලට විශාල දායකත්වයක් ලබාදුනී.



යුවරාජ් ඔබට ඉක්මන් සුව
අප ප්‍රාර්ථනා කරමු... මක්නිසාදයත් ක්‍රිකටි යනු මහත්වරුන්ගේ ක්‍රිඩාවයී. දුකේදිත්, සැපේදිත් අප වචනයකින් හෝ මහත්වරුන්ගේ ක්‍රිඩාවට සහයෝගය දක්වන්නෙමු...!!!

අවුරුද්දෙන්... අවුරුද්ද අපි සමරන වැලන්ටයින්



මට මතකයි මම ඉස්කොලේ යන කාලේ මගේ පංතියේ හිටපු ලමයි පෙබරවාරි මුල් සතිය වෙන කොට ගොඩාක් වෙලාවට කැන්ටිම පැත්ත පලාතේ යන්නේ නැහැ. උදේ ඉදලා දවල් වෙනකමි පංති කටි කරලා පැයෙන් පැයේ කැන්ටිමට රිංගන අපේ පංතියේ සහෝදරයින්ගේ මෙම හදිසි වෙනස්වීම මට දරාගන්න බැරි උනු තැන මම එකෙක් ලගට කිටිටු වෙලා ඇහුවා මචං.... මොකද උඹලා නොකා නොබි ඉන්නේ. කැන්ටිමෙි කෑම හොද නැද්ද කියලා. මෙන්න ඒ පාර මගේ යාළුවා මගෙන් අහනවා... මචං පෙබරවාරි 14 වැලන්ටයින් දවස. දන්නේ නැද්ද එදාට ගෑණු ලමයට මොනවා හරි දෙන්න ඔින නිසා ගෙදරින් දෙන පොකටි මනි සේවිං කරනවා කියලා.

ඔය කතාව වෙන කොට මම හිටියේ හොස්ටල් එකේ. මාව ඉතිං බලන්න ගෙදරින් එන්නේ මාස 2-3කට සැරයක් විතරයි. පොඩි කාලේ ඉදලා හොස්ටල් එකේ ඉන්න නිසා මට ඒක නිකං ගෙදර වගේ ඒ දවස්වල. ඉතිං ඔය කියන වැලන්ටයින් දිනය ගැන මගේ හිතේ ලොකු දැනීමක් තිබිබෙි නැහැ. මගේ යාළුවගෙන් ඔය කතාව ඇහුවට පස්සේ මට ඔින උනේ.. ඔය වැලන්ටයින් දවසේදි මොනවද වෙන්නේ කියලා අහගන්න.

ගොඩාක් කොල්ලෝ තමන්ගේ ගැහැණු ලමයි මුන ගැහිලා තියෙන්නේ සාමාන්‍ය පෙල විභාගයට අමතර පංති යන අතර තුරේදියි. කොහොම හරි මෙි දවස් වල ඉතිං තමන් දන්න ඔක්කෝම ශිල්ප දාලා ගැහැණු ලමයෙක්ව යාළුකර ගෙන අන්තිමෙිදි පෙබරවාරි 14 වෙනිදා තමන්ගේ හිතේ තියෙන සියළුම බලාපොරොත්තු රෝස මලකටයි, ලොකු චොකලටි එකයි, තඩි කාඩි එකකටයි ගොනු කරලා අර ගැහැණු ලමයට දෙනවා. ඔන්න ඉතිං ඊට පස්සේ අපේ යාළුවෝ ටික පහුවෙනිදාට ඉස්කොලේ එන්නේ ඇමරිකාවට ගිහිං ජෝර්ජ් බුෂ්ට හු කිවිව සෙටි එකක් විදිහට ෆුල් ආතල් එකේ.

අනේ ඉතිං... ඔය ආතල් එක ටික දවසයි. ඊට පස්සේ හොටු පෙරාගෙන අඩන එකයි, ගහ ගන්න එකයි, කෙල්ලගේ නම අතේ කවකටිටෙන් කොටා ගන්න හදන එකයි... ඔය වගේ සිද්ධි ගොඩකට මුහුන දෙනවා. මොකද්ද හේතුව අර වැලන්ටයින් දවසේ දුන්නු ලොකු චොකලටි එක රහ කර කර කාලා ඉවර වෙලා අර ගැහුනු ලමයා කියනවා අනේ මම ඔයාට කැමති නැහැ කියලා. ඉතිං අපේ සමහර එවුන් මම අර කලිං කිවිව ටික කරන්න හදනවා ඊට පස්සේ.

ඔය වගේම තමයි... අපේ පිරිමි ලමයිනුත් ගැහැණු ලමයින්ට ගොඩාක් ලොකුවට බලාපොරොත්තු දීලා වැලන්ටයින් දවසේදි ලබන අවුරුද්දේදි තවත් ගැහැණු ලමයෙක්ට අර පරන තියරි තියන කතා ටික කියලා දැලේ දාගන්නවා.

බලන් ගියාම අපි හැමෝම වැරදි කරලා තියෙනවා. මොකද වැලන්ටයින් කියන දවස පේ්‍රමවන්තයින්ට උතුමි දවසක්. ඒත් ඒ පේ්‍රමවන්ත දවස මෙි වෙන කොට විවෘත වෙලදපොල කියන ත්‍රස්තවාදි මාෆියාව විනාස කරලා. ගැහැනු පිරිමි කියලා භේදයකින් තොරව එක එක වෛයි වර්ණ බොරු සුත්තර දේවල් වලින් මිනිසුන්ගේ ඇස් අන්ධ කරලා. මෙි නිසා තමයි අද වැලන්ටයින් කියන දවසට කිසිම අරුතක් නැති වෙලා තියෙන්නේ...

වැලන්ටයින් දිනයට නෙමෙයි ... හැම දිනයකම ආදරය කරන අය, ආදරය කරන්න හිතන අය තමන් වෙනුවෙන් එන කෙනාව හොදට බලා ගන්නවා නමි, කිසිම දුකක් නොදි ආරක්ෂා කර ගන්නවා නමි, දුකේදි වගේම සැපේදිත් එකිනේ එකා වෙනුවෙන් ලංවෙලා ඉන්නවා නමි හැමදාම මෙි ලෝකයට වැලන්ටයින් තමයි....!!!!

" ලෝකයේ ඔිනම තැනකට ගිහිං කියන්න මං ආදරය හොයනවා කියලා... මිනිස්සු ඔබට හිනා වෙයි..
 මොකද ආදරය සල්ලි වලට ගන්න බැහැ.... ආදරය තියෙන්නේ තමුන් ලගමයි"...............!!!